Monday, May 6, 2024

කොරෝනා වෛරසයට ආයුර්වේද බෙහෙත් නැහැ- අයුර්වේද සභාව; නෑ මේ තියෙනවා – වන්න ජයසුමන, වියත් මඟ.

ඡායාරූපය: මේ වන විට ලක්ෂ ගණනාවක් කයවා ඇතැයි කියන චන්න ජයසුමනගේ ව්‍යාජ ප්‍රචාර.

කොරෝනා වෛරසය සඳහා ආයුර්වේද ප්‍රතිකාර (COVID-19) පිළිබඳව සමාජ මාධ්‍ය මගින් නොමඟ නොයන ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ඊයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ප්‍රතිශක්තිය වැඩි කරන කුළුබඩු හෝ ඉඟුරු හෝ කොත්තමල්ලි වැනි ෂධ පැළෑටි හැර වසංගතයට එවැනි පිළියම් නොමැති බව ඔවුන් කියා සිටී.

මෙම අදහස් දැක්වූ පුවත්පත් සාකච්ජාවට ජාතික ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය එස්.කේ.පී. තරංග, බොරෙල්ලා ආයුර්වේද ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී, ආයුර්වේද කේ.ඩී.සී.එස්. කුමාරතුංග, කොමසාරිස් වෛද්‍ය අජිත් කුමාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක පෙරේරා සහභාගි විය.

ආයුර්වේද කොමසාරිස් කේ.ඩී.සී.එස්. කුමාරතුංග මහතා කියා සිටියේ ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නොවූ පුද්ගලයෙකුට ආයුර්වේද වෛද්‍ය ඖෂධ බෙදා හැරීම හෝ ප්‍රවර්ධනය කිරීම 1961 අංක 31 ආයුර්වේද පනත යටතේ දඩුවම ලැබිය හැකි වරදක් බව ය.

ඔහු තවදුරටත් කියා සිටියේ ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය වේදිකාවල COVID-19 ආයුර්වේද ප්‍රතිකර්ම යැයි කියාගන්නා දැන්වීම් පළ කරන ප්‍රවණතාවක් පළ කරන ප්‍රවණතාවක් පවතින බවයි.

එම පණිවුඩ පදනම් විරහිත බව වෛද්‍ය කුමාරතුංග මහතා පැවසීය.

වර්තමානයේ එවැනි අදහස් සමාජ මාධ්‍ය හරහා නිදහසේ සංසරණය වෙනවා. නමුත් මෙම ඖෂධ භිවිත කිරීමෙන් අතුරු ආබාධ ඇති වුවහොත් කිසිවෙකු වගකීම භාර ගන්නේ නැතැයි ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ් වෛද්‍ය එස්.කේ.පී. තරංග ප්‍රකාශ කළේ ය.

මේ අතර සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් ඇති ප්‍රකාශ කර තිබේ. චන්න ජයසුමන යනු ගෝටාභය රාජපක්ෂගේ වියත් මඟ සංවිධානයේ ප්‍රධානියකු වන අතර මිත්‍යා මත පැතිරවීමේ ඉදිරියෙන්ම සිටින අයෙකි. වතුගඩු රෝගය සම්බන්ධයෙන් ද ඔහු මෙවැනිම අසත්‍ය මත ප්‍රචාරය කළේ ය.

තවද චන්න ජයසුමන එළඹෙන මහා මැතිවරණයේ දී ගෝඨාභය පාර්ශවයෙන් අනුරාධපුර දිිස්ත්‍රික්කයට තරඟ කරයි.

Archive

Latest news

Related news