Saturday, May 18, 2024

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ඡායරූපය:vox.com.

ප්‍රථමයෙන්ම සමාජ දුරස්ථභාවය යනුවෙන් හැදින්වෙන්නේ භෞතික හෝ කායික දුරස්ථ බාවයක් මිස සමාජයෙන් ඉවත් වී හුදකලා වීමක් නොවන බව අප මතක තබා ගත යුතුය. මෙවැනි මානසික පීඩාකාරී තත්වයක දී සමාජ සම්බන්ධකම් පවත්වා ගැනීම පීඩාව සමනය කරගැනීමට ඉතා වැදගත් ය.

නිවසේ රැඳී සිටීමෙන් වෛරසය පැතිරීම වැළැක්වෙයි. නමුත් ඔබ සෞඛ්‍ය සම්පන්න නම් කම්මැලි බවක් දැනේ නම් කළ හැක්කේ කුමක් ද? ඇවිදින්න යාම, කොන්ඩය කපා ගැනීමට යාම, මල් වත්තට යාම මේ අවස්ථාවෙහි යෝග්‍ය ද? සදාචාරාත්මකද?

බොහෝ අවස්ථාවන්හීදී, ක්‍රියාවක නිරතවීම රෝග නිවාරණයකි. නමුත් දැන් කොරෝනා වෛරසයෙන් ප්‍රවේසම්වීම පිනිස ඇදිරි නීති පැනවෙයි. නගර වසා දමනු ලැබේ. මක්නිසාද යත් කොවිඩ් 19 රෝගයට ගොදුරු වු අයකු නොදැනුවත්වම හෝ විශාල පිරිසක් සමඟ සම්බන්ධ වුවහොත් වෛරසය සම්ප්‍රේෂණය උග්‍ර විය හැකි නිසා ය

වසා දැමීම් නැත්නම් ඇදිරි නීතිය යනු සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීමේ ක්‍රමයක් වන අතර එය ඉතා වැදගත් මහජන සෞඛ්‍ය මැදිහත්වීමකි. එය විවාහ උත්සව, ප්‍රසංග, සම්මන්ත්‍රණ, ක්‍රීඩා ඉසව් වැනි විශාල රැස්වීම් වලින් වැළකී කොරෝනා වෛරස් සම්ප්‍රේෂණය නැවැත්වීමට උපකාරී වේ. හොඳම භාවිතය නම් ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් අඩි හයක් දුරක් පවත්වා ගැනීම යි.

[alert type=”success or warning or info or danger”]දැන් අප මානසික සෞඛ්‍යයට ද්විතීයික ස්ථානයක් ගත යුතුයි. ගෘහස්ථව සිටින්න, ඔබට හැකි පමණින් අන් අයගෙන් ත්ව සිටින්න, ඔබේ අනවුම් කර ආහාර ගෙන්වා ගන්න. බෙහෙත් හෝ සිල්ලර බඩු සාප්පුව වෙත ඔබගේ සංචාර අවම කරන්න. ඔබේ සනීපාරක්ෂක අත් සෝදනැකි සෑම විටම භාවිතා කරන්න. අතට අත දෙන්න එපා. කඩදාසි මුදල් භාවිතා නොකරන්න. රූපවාහිනිය නැරඹීම සඳහා කාලය ගත කරන්න. ඔබ මා පියන්ට නිතිපතා කතා කළ යුතුයි. ” – වෛද්‍ය ආතර් එල් කැප්ලාන් , ගාර්ඩියන් පුවත් පත.[/alert]

ඔබ දැනටමත් නෙැදුනුවත්ව ආසාදිත පුද්ගලයකු සමඟ සම්බන්ධ වී ඇතිවා විය හැකිය. ඒ පුද්ගලයා ඔබ ඉදිරියේ බයිසිකලය පැදවූ අයකු විය හැකි ය. වෙළද පොළෙහි ඔබ ඉදිරියේ හෝ පසුපස සිටිය අයකු වියහැකි ය. ඔබේ සහකරු හෝ සහකාරිය විය හැකි ය. සමාජ දුරස්ථභාවය විසින් සෞඛ්‍ය බලධාරීන් තර්ක කරන්නේ, ආසාදනය පැතිරීමේ වේගය ඉක්මනින් ඉහළ නැගීම මන්දගාමී කළ හැකි අතර, සෞඛ්‍ය සේවා පද්ධතියේ බර ලිහිල් කරන බවයි.

මා තරුණයි, මට නිරෝගී බවක් දැනේ. මෙම කාලය ගත කිරීම සඳහා මා ටිකක් එළියට ගියොත් මොකද කියා බට සිතෙන්ට පුලුවන. ඔබ තරුණ හා සෞඛ්‍ය සම්පන්න වියහැකි වුව ද ඔබ පූර්වාරක්ෂාක පියවර ගත යුතුය, මන්ද එසේ කිරීමෙන් කෙනෙකුගේ ජීවිතය බේරා ගත හැකි නිසා ය.

ඔබ ආසාදනය වී නොමැති බව ඔබ විශ්වාස කළත්, හැකිතාක් නිවසේ රැඳී සිටීම, එය පරාර්ථකාමී තීරණයකි. සමාජයේ සියලු දෙනා එය විශාල වශයෙන් සිදු කළ විට, ආසාදන වේගය මන්දගාමී කිරීමේ හැකියාවක් තිබේ.

(www.vox.com හි පළ වූ What are the rules of social distancing? ලිපිය අසුරෙනි.)

සමාජ දුරස්ථභාවය යනු කුමක්ද? (බ්‍රිතාන්‍ය මග පෙන්වීම්)

සමාජ දුරස්ථ පියවර යනු මිනිසුන් අතර ඇති සමාජ අන්තර්ක්‍රියා අවම කිරීම සඳහා ඔබට ගත හැකි පියවර වේ. මෙය කොරෝනා වයිරස් සම්ප්‍රේෂණය අඩු කිරීමට උපකාරී වේ .

කොරෝනා වයිරස් (COVID-19) හි රෝග ලක්ෂණ පෙන්වන අයෙකු සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න. මෙම රෝග ලක්ෂණ අතර අදික උණ ගතිය සහ අඛණ්ඩ කැස්ස ප්‍රධානය.

පොදු ප්‍රවාහන සේවයේ අත්‍යවශ්‍ය නොවන භාවිතයෙන් වළකින්න, හැකි සෑම විටම කාර්යබහුල වේලාවන් වළක්වා ගැනීම සඳහා ඔබේ ගමන් කාලය වෙනස් කරන්න;

හැකි සෑම විටම නිවසේ සිට වැඩ කරන්න. මෙය කිරීමට ඔබේ සේවා යෝජකයා ඔබට සහාය විය යුතුය.

විශාල රැස්වීම් සහ සමාජ ශාලා, සිනමා ශාලා, අවන්හල්, සිනමාහල්, බාර්, සමාජ ශාලා වැනි කුඩා පොදු ස්ථානවල රැස්වීම් වලින් වළකින්න.

මිතුරන් හා පවුලේ අය සමඟ රැස්වීම් වලින් වළකින්න. දුරකථන, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වැනි දුරස්ථ තාක්‍ෂණය භාවිතා කරමින් සම්බන්ධතා පවත්වන්න.

ඔබගේ වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධ කර ගැනීමට දුරකථන හෝ අන්තර් ජාල සේවාවන් භාවිතා කරන්න.

සෑම කෙනෙකුම මෙම පියවරයන් ප්‍රායෝගිකව අනුගමනය කිරීමට උත්සාහ කළ යුතුය.

70 ට වැඩි, සෞඛ්‍ය තත්වයක් ඇති හෝ ගැබ්ගෙන සිටින අය සඳහා, ඔබට හැකි පමණින් ඉහත පියවර අනුගමනය කරන ලෙසත්, හැකි නම් මිතුරන් හා පවුලේ අය සමඟ ඔබේ මුහුණට මුහුණලා කටයුතු සැලකිය යුතු ලෙස සීමා කරන ලෙසත් අපි තරයේ ඔබට උපදෙස් දෙමු.

Archive

Latest news

Related news