Wednesday, May 8, 2024

වත්මන් දේශපාලන හා මිලිටරි නායකත්වයේ මර්දනය අබියස ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයනන්ගේ අභියෝගය සමගියයි!

ඡායාරූපය: සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම පිනිස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පාරට බැස්සෝය.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය.

වර්තමාන දේශපාලන හා මිලිටරි නායකත්වය නොසන්සුන්තාවයේ හා අස්ථාවරත්වයේ ඕනෑම මතුවීමක් කුරිරු ලෙස මැඩලනු ඇති බවත් එමගින් ඇති කරන බහු අභියෝගයන් අභියස  ප්‍රතිරෝධය දැක්වීමට හා අභියෝග කිරීමට සඳහා එකට එක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් අවස්ථාව ලබාදීමට ඉඩ ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන ‌‌මෙකී පෙර නොවූ විරූ අභියෝග හමුවේ ශ්‍රී ලංකාව යළිත් එවැනි ඔරොත්තු දීමේ ප්‍රතිරෝධයක් දක්වනු ඇත්ද යන්න ඉදිරිය විසින් තීරණය කරනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන අභියෝග සහ අනාගතය සඳහා අපේක්ෂාවන්නමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පළ කර ඇති කෙටි පත්‍රිකාවක් පුරෝකථනය කරයි.

වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවණතා ඉස්මතු කරමින් නුදුරු අනාගතයේ සිදුවිය හැකි වර්ධනයන් විමර්ශනය කරන එම පත්‍රිකාවෙහි  කතුවරිය සහ කතුවරයා වන්නේ භවානි ෆොන්සේකා සහ උවින් දිසානායක .

පහත පළවන්නේ එම පත්‍රිකාවෙහි හැදින්වීමෙහි ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් කරන ලද දළ සිංහලානුවාදයකි. සම්පූර්ණ ඉංග්‍රිසි වාර්තාව කියැවීම සඳහා මෙහි පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ අනාගතය කේන්ද්‍රගත වනු ඇත්තේ තුළන සහ සංවරණයන් දුර්වල කරන ලද ජනතාවාදී ජනාධිපති ධුරයක් වටා වන අතර එහි ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන කාර්යභාරයන් ඉටු කරනු ඇත්තේ ජනාධිපතිවරයාට සෘජුවම පක්ෂපාතී හිටපු සහ වර්තමාන හමුදා නිලධාරීන් සහ පෞද්ගලික වෘත්තිකයින් පිරිසක් විසිනි. රජයේ දින 100+ පෙන්නුම් කරන්නේ හරයෙන් හා සංකේතාත්ම රැඩිකල් වෙනසකි. එය විසින් සංදර්ශනාත්මක නොවන සහ කාර්යාලීය සිරවීම්වලින් තොර ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයක් වර්ධනය කැරෙන අතර සහ ආරක්ෂාව, ස්ථාවරත්වය, කාර්යක්ෂමතාව සහ විනය පිළිබඳ ඔහුගේ මැතිවරණ පොරොන්දුව වඩා සවිමත් කැරෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි බලයක් ලබා ගැනීමටත් එමගින් මීළඟ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ආධිපත්‍යය දැරීමටත් හැකිවීමට බොහෝ ඉඩ තිබේ. එනයින්, අධිකාරිවාදී ජනාධිපතිධුරයකට සහ තුළණ සහ සංවරණ සීමා කළ මධ්‍යගත ආණ්ඩුවකට මඟ පෑදෙන පරිදි ප්‍රධාන ව්‍යවස්ථාමය සංශෝධන සහ නෛතික ආරක්ෂණයන් ඉක්මනින්ම ව්‍යවස්ථාමය හා ව්‍යවස්ථාදායකයමය වශයෙන් ආපසු හැරවෙනු ඇති බව බොහෝ දුරටම ස්ථිර ය. තවද, රාජපක්ෂ පවුල තුළ බාහිර දේශපාලන හා පෞද්ගලික බෙදීම් නොමැකි අතර පාර්ලිමේන්තු මැතිවරණය තෙක් පවුලේ එක්සත් පෙරමුණක් පැවතිය හැකිය.

පශ්චාත් පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යවස්ථාදායක හා ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රය විසින් සංහිඳියාව සහ අයිතීන් බරපතල ලෙස කප්පාදු කරමින් සිවිල් නිදහස, මාධ්‍ය නිදහස සහ විසම්මුතිය දරුණු විපාක ඇතිකරමින් කරමින් , හමුදාකරණය සහ සුරැකුම්කරණය සාමාන්‍යකරණය සහ නීත්‍යානුකූලකරණය සඳහා තවදුරටත් පියවර ගනු ඇත.

මේ සියල්ල පාර්ලිමේන්තුවේ කිසිදු විරුද්ධත්වයක් නොමැතිව කාර්යක්ෂම වේගයකින් සිදු විමට ඉඩ තිබේ. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බෙදීම් සලකා බැලීමේදී එයට බලවත් සහ ජනප්‍රිය ජනාධිපතිවරයකු සහ සුවපහසු බහුතරයක් සහිත පක්ෂ කණ්ඩායමක් හමුවේ කිසිදු ආකාරයක ශක්තිමත් විරෝධයක් එල්ල කිරීමට හැකි වනු ඇතැයි සිතිය නොහැකිය. දැනට පවත්නා අභ්‍යන්තර ගැටුම් සලකා බැලීමේදී, සමහර පාර්ශවයන් සහ සන්ධානයන්හි අදාළත්වය සහ අනාගතය පිළිබඳව ද ගැටළු පවතී.

සිංහල බෞද්ධ ජාතිකවාදය හමුවෙහි, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ගේ ආරක්ෂාව සහ බහුආගමික හා බහු වාර්ගික සමාජයක් සඳහා අවකාශය සම්බන්ධයෙන් ජනනය වන්නේ භීතියකි. සුළුතර හිමිකම් සුළු කොට තැකීම සහ බැහැර කිරීම සහ කිසිදු අර්ථවත් උපදේශනයකින් තොරව ආර්ථික සංවර්ධනය තල්ලු කිරීමට දැරෙනු ඇති උත්සාහයන් හේතුවෙන්, ජනවාර්ගිකජාතිකවාදය රාජපක්ෂ පාලන තන්ත්‍රයක් යටතේ බලවත් වනු ඇත්තේ නව පැලුම් රේඛා මතු කොට කවර හෝ අව්‍යාජ ප්‍රතිසන්ධානයක අපේක්ෂාවන් අදුරු කරමිනි. මේ මගින් දේශපාලන හා ආර්ථික අවිනිශ්චිතතාව උග්‍ර කිරීමට ඉඩ ඇත. මෑත අතීත ප්‍රවණතා සලකා බැලීමේදී, වර්තමාන දේශපාලන හා මිලිටරි නායකත්වය නොසන්සුන්තාවයේ හා අස්ථාවරත්වයේ ඕනෑම මතුවීමක් කුරිරු ලෙස මැඩලනු ඇත්තේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව යන කඩතුරාවට මුවාව සිය බලය තවදුරටත් තහවුරු කර ගනිමිනි.

නුදුරු අනාගතයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අපේක්ෂාවන් අඳුරු නමුත් බහු අභියෝගයන් විසින් ප්‍රතිරෝධය දැක්වීමට හා අභියෝග කිරීමට සඳහා එකට එක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් අවස්ථාව ලබාදීමට ඉඩ තිබේ. ශ්චාත් නිදහසේ ශ්‍රී ලංකාව, සමහර විට අතිශය දුෂ්කර තත්වයන් යටතේ පවා, සිවිල් සමාජය, අධිකරණය, මාධ්‍ය සහ වෙනත් අය නැගී සිටිනු අත් දැක තිබේ. බිදී යා හැකි මෙම ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග හමුවේ ශ්‍රී ලංකාව යළිත් එවැනි ඔරොත්තු දීමේ ප්‍රතිරෝධයක් දක්වනු ඇත්ද යන්න ඉදිරිය විසින් තීරණය කරනු ඇත.

Archive

Latest news

Related news