Sunday, May 19, 2024

එක් මාසයක දී තුළ ළමා ලිංගික අපයෝජන 50 ක් සහ සියළු ආකාර ළමා අපයෝජන 5000ටත් වැඩියෙන්!

(Photo: Atl Inovacion)

මෙරට ළමාරක්ෂක අධිකාරියෙහිළමා අපයෝජන දත්තපරීක්ෂා කර බලන විට පෙනෙන තත්වය ඉතා  නරක ය. ළමාරක්ෂක අධිකාරියෙහි 1929 නමැති දුරකථනයට මාසයක් පාසා වාර්තාවන ළමා අපයෝජන සිදුවීම් ගණන 800 කි.

මෙහිදී ළමා ලිංගික හිංසනය, ළමා මෙහෙකාර සේවය, කායික මානසික වශයෙන් හිංසනයට ලක් කරන දඬුවම් පැමිණ වීම ආදිය ද ළමා අපයෝජන සිදුවීම් යටතට ගැනේ. එහෙත් එහි නිලධාරීන් පවසන ආකාරයටවාර්තා නොවනසිදුවීම් ප්‍රමාණය වාර්තා වන සිදුවීම් ප්‍රමාණය මෙන්හත් ගුණයක් තරම් විය හැකි ය. එනම් එක් මාසයක දී පමණක් මෙරට පුරා ළමා අපයෝජන සිද්ධි 5600 ක් පමණ සිදුවනු ඇතැයි සැලකීම වරදක් නොවේ.

ඉහත දක්වන ලද සංඛ්‍යාලේඛන අදාළ වන්නේ සමස්තළමා අපයෝජනයයටතට වන බැවින්, සියල්ල ළමා ලිංගික හිංසන සිදුවීම් නොවේ.

එසේ වුවත් එක් මාසයකදී  වාර්තා වන ලිංගික අපයෝජන සිදුවීම් ප්‍රමාණය අපේ ඇස් ඇරවීමට තරම් ප්‍රමාණවත් ය. උදාහරණයක් වශයෙන් ගන්නේ නම් 2020 පෙබරවාරි මාසයේ පමණක් වාර්තා වූ ළමා ලිංගික හිංසන සංඛ්‍යාව 50 කි. ජනවාරි මාසයේ තත්ත්වය මීටත් වඩා දරුණු වූ අතර 2020 ජනවාරි 01 සිට ජනවාරි 15 දක්වා පමණක් වාර්තා වූ ළමා ලිංගික හිංසන සංඛ්‍යාව 54 ක් වාර්තා විය.

මෙම සංඛ්‍යාව ද අවම වශයෙන් හත්ගුණයකින් වැඩි විය යුතු ය. අද ලොව පුරා පවතින දත්ත පෙන්වා දෙන්නේ සෑම ස්ත්‍රීන් තුන් දෙනෙකුගෙන් අයෙක් ජීවිතයේ කවර අවස්ථාවක දී හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇති බවයි.

‘‘අපේ පොදු අත්දැකීම අනුව, ළමයින් බොහෝ දෙනෙකු ලිංගික හිංසනයට ලක්වෙන්නේ තමන්ගෙ ළඟම ඉන්න අය අතින් සමහරවිට තමන්ගෙ ම තාත්තා වෙන්න පුළුවන් නැත්නම් සීයා වෙන්නත් පුළුවන් අල්ලපු ගෙදරක ඉන්න කෙනෙක්, ගුරුවරයෙක් වෙන්නත් පුළුවන් එකඅතකට මේ දේවල් මේ විදියට කියන්න වෙන එකත් ගැටලුවක් යැයි කියන ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්ය සභාපතිනිය මෙසේ ද කියයි: “හිංසනයෙන් ගැලවෙන හැටි උගන්වා  එක් අතකින් ළමයින්ව දැනුම්වත් කරන්න ඕන, අනෙක් අතට දරුවන් දරුවන් හැටියට ආදරෙන් සහ වගකීමෙන් බාරගන්න කියන පණිවිඩිය වැඩිහිටියන් අතරටත් ගෙනියන්නත් ඕන. විශේෂයෙන් තමන්ගේ දරුවන් අනාරක්ෂිත නොකර රැකබලාගන්න ආකාර ගැන දෙමාපියන් දැනුවත් කළ යුතුයි’’.

‘‘කියන්න කනගාටුයි, මම වැඩකරන මොනරාගල දිස්ත්‍රික්කයේ විතරක් ගුරුවරුන් 7 දෙනෙක් ළමා ලිංගික හිංසන චෝදනා යටතේ වරදකරුවන් වෙලා තියෙනවා එයින් එක් අයෙක් ගුරුවරියක් ඇය අතින් ලිංගික හිංසනයට ලක්වෙලා තියෙන්නෙ පිරිමි දරුවෙක්’’ මොනරාගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිය පවසයි.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංගරහ සංශෝධන පනත අනුව, ළමා ලිංගික අපයෝජනය වරදකරුවෙකු වන අපරාධකාරයෙකු/ කාරියක අවුරුදු පහේ සිට විස්ස දක්වා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි .

(සුරේඛා සමරසේන විසින් අරුණ පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරිණි.)

Archive

Latest news

Related news