Friday, April 26, 2024

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමට සඳහා කාලය යි! – ගෂා මචෙල්

ඡායාරූපය: ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි 2016 දී කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීම සඳහා කාන්තාවන් පැවැත් වූ නිහ විරෝධතාවකිනි. (ඡායාරූපය: එක්සත් ජාතීන්ගේ කාන්තාවන් / ක්‍රිස්ටිනා ගොඩ්ප්‍රි)

ජාත්‍යන්තර කාන්තා දිනය යනු ලොව පුරා කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ඉමහත් වටිනාකම සහ දායකත්වය සැමරීම සඳහා වැදගත් මතක් කිරීමකි. කාන්තාවන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන සහ ඔවුන්ගේ පූර්ණ මානව හිමිකම් ප්‍රතික්ෂේප කරන පීතෘමූලික ව්‍යුහයන්ට හා මනෝවිද්‍යාවන්ට අභියෝග කිරීමට මෙය කාලෝචිත අවස්ථාවකි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත අවුල් කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට මෙය මොහොතකි.

ලොව පුරා කාන්තාවන්ගෙන් 35% ක් එනම් බිලියන 1.3 ක ජනතාවක්, (එය උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සමස්ත ජනගහනයට සමානය) ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී සමීප සහකරු ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හිංසනය අත්විඳ ඇති බව ගණනය කර තිබේ. මෙය ලෝකයේ සෑම ප්‍රදේශයකම සිටින අපගේ දියණියන්, සහෝදරියන්, මව්වරුන්, නැන්දලා සහ මිතුරියන් බියගන්වන නපුරු සිහිනයකි.

මෙම ආදිවාසී කාන්තාවන් සහ ආධාරකරුවන් ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන්න්නගෙන් ආදිවාසී කාන්තාවන් ඝාතන හා අතුරුදහන් කිරීම් වඩාත් බැරෑරුම් ලෙස සලකන ලෙස ඉල්ලා සිටී. ආදිවාසී කාන්තාවන් සහ ගැහැණු ළමයින් අතුරුදහන් වූ සහ ඝතනය කරන ලද සිද්ධීන් 1,000 ක් පමණ දැනට කැනඩාවෙහි තිබේ. (ඡායාරූපය: ෆිබොනාච්චි නිල්)

කාන්තාවන්ට එරෙහි හිංසනය ආර්ථික හානියක් ද ඇති කරවන වන මෙවලමකි: පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට එය බලපාන අතර පුළුල් සමාජයට ද බලපායි. පුද්ගලික ව්‍යාපාර සඳහා කාන්තාවන්ට එරෙහි හිංසනයේ මූල්‍ය පිරිවැය පේරු හි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7% ක් සහ බොලීවියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5% ක් තරම් ඉහළ අගයක් ගනී. එක්සත් ජනපදයේ, සමීප සහකරු ප්‍රචණ්ඩත්වයේ පිරිවැය වසරකට ඩොලර් බිලියන 8.3 ඉක්මවයි.

සියල්ලටත් වඩා එය සදාචාරාත්මක අසභ්‍යත්වයක් සහ ගැඹුරු අසාධාරණයකි. එය අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කර මුලිනුපුටා දැමීමට නම්, ස්ත්‍රීන් සැබෑ සමානයින් ලෙස පිරිමින් විසින් අගය කරන ගෞරවනීය සංස්කෘතියක් අප විසින් වර්ධනය කළ යුතුය. කාන්තාවන්ගේ හඬ සහ සිරුරු ඉතා ගෞරවයෙන් සලකනු ලැබිය යුතුය; ආරක්ෂිත නීති සම්පාදනය කර අධිකරණයන්හි සහ ආණ්ඩුවේ ආයකන තුල බලාත්මක කළ යුතු ය.

කාන්තාවන්ට එරෙහි හිංසනය කවර හෝ මහාද්වීපයක කවර හෝ සංස්කෘතියකට ආවේණික නොවේ. ජනගහනය, විශේෂයෙන් පිරිමි සහ පිරිමි ළමයින් දැනුවත් කිරීමට සහ සාම්ප්‍රදායික ව්‍යුහයන්, ආයතන හා භාවිතයන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් දේශපාලන අධිෂ්ඨානයක් තිබේ නම් එය ඉවත් කළ හැකිය.

ආර්ථික, දේශපාලනික හෝ සමාජීය වේවා, කාන්තාවන් හුදෙක් නිහඬව අපයෝජනයට ගොදුරු අය නොව, ඔවුන් බල ගන්වා සහ විමුක්තිය ලබා දුන් කළ අපේ සමාජයන් මානසික පීඩනයේ විලංගුවලින් නිදහස් කරනු ඇති වෙනසක නියෝජිතවරියන් ය.


2012 නොවැම්බරයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති “බාලිකා මනාලියන් නොවේ” සමුළුවේදී ග්‍රාෂා මචෙල් කතා කරයි (ඡායාරූපය: මාක් ඩ්‍රයිඩන්-ස්කොෆීල්ඩ් / “බාලිකාවන් මනාලියන් නොවේ”)

මම මගේ මුළු ජීවිත කාලය පුරාම කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කර ඇත්තෙමි. මොසැම්බික්හි නිදහස් සටන්කරුවෙකු ලෙස . මගේ රට නිදහස ලැබූ විට අධ්‍යාපන ඇමතිනිය ලෙස . එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක ලෙස . එමෙන්ම මම මගේ සැමියා වූ නෙල්සන් මැන්ඩෙලා සමඟ සමආරම්භ ස්වාධීන නායක නායාකාවන්ගේ කණ්ඩායම වන “වැඩිහිටියන්ගේ එකතුව හි (The Elders) සාමාජිකාවක ලෙස .

ආණ්ඩු තමන් අධිෂ්ඨා සහගතව නීති සම්පාදනය කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්විය යුතු අතර එමගින් සමීප සහකරු ප්‍රචණ්ඩත්වයට එරෙහිව ලදායී ලෙස නීති බලාත්මක කැරෙන බව සහතික කළ යුතුය.

මෙය කළ හැකි හොඳම ක්‍රමය නම් නායකයින්, විශේෂයෙන් පිරිමින්, පෙරටුගාමී කාන්තාවන්ට සවන් දීම සහ ඉගෙනීමයි.

තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් “කාන්තාවන් නොමැතිව කිසිවක් නැත” සංවිධානය පෙනී සිටී. (ඡායාරූපය: රියන් සැන්ස් ලෙස් ෆෙම්ම් / ජාත්‍යන්තර ඇඟවීම)

වැඩිහිටියන්ගේ එකතුව” විවිධ මානව හිමිකම් ගැටළු ඉස්මතු කිරීම සඳහා ලොව පුරා සිවිල් සමාජ කණ්ඩායම් සමඟ කටයුතු කරයි. හානිකර පීතෘමූලික පිළිවෙත් විසුරුවා හැරීමට එවැනි කණ්ඩායම් දරන උත්සාහයෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය. මෝල්ඩෝවා හි කාන්තා නීති මධ්‍යස්ථානයේ සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රියන් සැන්ස් ලෙස් ෆෙම්ස්(“කාන්තාවන් නොමැතිව කිසිවක් නැ) සංවිධානය දක්වා මෙම නිර්භීත බිම් මට්ටමේ ආරක්ෂආරක්ෂිකාවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණාත්මක පාඩම් සපයයි.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, ප්‍රචණ්ඩත්වයට බිය නොවී සෑම කාන්තාවකටම තම හැකියාවන් සහ අභිලාෂයන් පිළිබඳව පූර්ණ ප්‍රකාශනයක් ලබා දිය හැකි ලෝකයක් ගොඩනැගීම සඳහා වැඩ කරන සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරමු.

theelders.org

Archive

Latest news

Related news