Sunday, May 19, 2024

ලොව පුරා ගැහැණු පිරිමි දෙපිරිසම අතර 90% ක්ම ස්ත්‍රීන් කෙරෙහි අගතියක් දක්වයි!

ඡායාරූපය: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මංත්‍රීවරියන් ඇත්තේ අතලොස්සකි.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට එළඹීමට ආසන්නයේ මාර්තු 05දා ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව ලෝක ජනගහනයෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ලිංගභේදයකින් තොරව කාන්තාවන්ට එරෙහිව යම් අගතියක් දරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලෝක ජනගහනයෙන් සියයට 80 ක් නියෝජනය කරන රටවල් 75 කරන ලද අධ්‍යයනයකට සහභාගි වූ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් නව දෙනෙකු අතර කාන්තාවන් ද ඇතුළුව එවැනි අගතීන් ඇති බව හෙළිදරව් වී තිබේ.

මෙම අගතිගාමී අදහස්වලට පිරිමින් කාන්තාවන්ට වඩා හොඳ දේශපාලන න් සහ ව්‍යාපාරික නායකයින් බවත් කාන්තාවන් වඩා පිරිමින් විශ්ව විද්‍යාලයට යාම වැදගත් බවත් තරඟකාරී රැකියා වෙලඳපොල තුළ පිරිමින්ට වැඩි මනාප යක් ලබා දිය යුතු බවත් අතුළත් ය.

අවම වශයෙන් මෙම එක් අගතියක් සහිත අයගේ ප්‍රතිශතය පාකිස්තානයේ විශාලතම වේ. එහිදී සියයට 99.81 කි. දෙවැනිවට ඇත්තේ කටාර් සහ නයිජීරියාව යන රටවල් දෙක. එවා සමාන අගතියක් සියයට 99.73 දක්වයි. ඉන්දියාවෙහි සියයට 87.69ක් වන අතර මෙම සමීක්ෂනයට ශ්‍රී ලංකාව යොදා ගෙන නැත.

ලිංගික අගතීන් ඇති අඩුම ජනගහනය සහිත රටවල් නම් ඇන්ඩෝරා සියයට 27.01 ක් ද ස්වීඩනය සියයට 30.01 ක් ද නෙදර්ලන්තය සියයට 39.75 ක් ද යනාදී වශයෙනි.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල අගතීන් දරණ පිරිස් පිළිවෙලින් සියයට 56 ක්, සියයට 54.6 ක් සහ සියයට 57.31 ක් වෙති.

ලොව පුරා ස්ත්‍රී පුරුෂ පාර්ලිමේන්තු නියෝජනය. නිල් වර්ණයෙන් ස්ත්‍රීන් දක්වා ඇත.

දශක ගණනාවක ප්‍රගතියක් තිබියදීත්, සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන් මුහුණ දෙන අදෘශ්‍යමාන බාධක සඳහා නව ඉඟි” මෙම සංඛ්‍යා වලින් පෙන්නුම් කෙරේ යැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාව සමඟ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

අධ්‍යාපනය තුළින් මෙම වෙනස් කොට සැලකීම් සහ භාවිතයන් වෙනස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි රජයන්ගෙන් සහ ආයතනවලින් ඉල්ලා සිටියි.

අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආර්ථිකය යන අසමානතාවයන්ගෙන් ඔබ්බට, එම වාර්තාවේ වඩාත්ම කැපී පෙනන සොයාගැනීම්වලින් එකක් ද ඔහු ප්‍රකාශ කරයි. එනම් පිරිමියෙකු විසින් තම බිරිඳට පහර දීම සුදුසු යැයි සියයට 28 ක් විශ්වාස කරන” බවය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සංවර්ධනයේ මූලික අංශවල ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් අවම කරමින් සැබෑ ප්‍රගතියක් ලබා තිබියදීත්, අපේ ආර්ථිකයන්, අපේ දේශපාලන පද්ධති සහ අපගේ ආයතනවල පුරුෂයින් හා ස්ත්‍රීන් අතර දැවැන්ත “බල පරතරයන්” තවමත් පවතින්නේ මන්ද යන්න මෙම නව විශ්ලේෂණය මගින් හෙළි කරයි. දේශපාලන හා ආර්ථික සහභාගීත්වයට ඇති නීතිමය බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාවය ද එය විසින් පෙන්වයි.

නිදසුනක් වශයෙන්, පුරුෂයින් හා ස්ත්‍රීන් සමාන අනුපාතයකින් ඡන්දය ප්‍රකාශ කරන අතර, කාන්තාවන් විසින් දරනු ලබන්නේ ලොව පුරා පාර්ලිමේන්තු ආසනවලින් සියයට 24 ක් පමණකි. රාජ්‍යයන් 193 න් රාජ්‍ය නායිකාවන් ඉන්නේ 10 දෙනෙකු පමණක. ශ්‍රම වෙළඳපොලේ කාන්තාවන්ට ගෙවනු ලබන්නේ පිරිමින්ට වඩා අඩු මුදලකි. ජ්‍යෙෂ්තනතුරු දැරීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය. ලොව පරාප්‍රධන සමාගම් 500 යෙහි ප්‍රධාන විධායක නිලධාරීනියන් ඇත්තේ සියයට 6 කට වඩා අඩුවෙනි. කාන්තාවන් පිරිමින්ට වඩා පැය ගණනක් වැඩ කරන අතර, බොහෝ විට මෙම කාර්යය වැටුප් නොලබන සත්කාර සේවාවන්ය.

සෞඛ්‍ය හෝ අධ්‍යාපනයේ ස්ත්‍රි පුරුෂ හිඩැස් අවසන් කිරීම සහතික කිරීම සඳහා කරන ලද කාර්යය පලදායී විය. දැන් වඩාත් අභියෝගාත්මක දෙයකට විසඳුම් සෙවිය යුතුය. එනම් අව්‍යාජ සමානාත්මතාවයකට එරෙහිව පුරුෂයින් හා ස්ත්‍රීන් යන දෙපාර්ශවයම තුළ ගැඹුරින් මුල්බැසගත් පක්ෂග්‍රාහී බව” නැති කිරීම යැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි පරිපාලක අචීම් ස්ටයිනර් ප්‍රකාශ කර තිබේ.

Archive

Latest news

Related news