Saturday, May 18, 2024

වවුනියා ප්‍රාදේශීය පුවත්පතක අධ්‍යක්ෂක, බිරිඳ සහ කතුවරයකු ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවයි.

මේ දිනවල පැවැත්වෙන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙහි ශ්‍රී ලංකාව පිළිබදව ඇති වූ තත්වයන් වාර්තා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී විමර්ශන ංශය (TID) විසින් වවුනියා පදනම් කරගත් දෙමළ බසින් පළවන තින්නප්පුයල්” (Thinappuyal) පුවත්පතේ අධ්‍යක්ෂක ශක්තිවේල්පිල්ලෙයි ප්‍රකාශ් සහ ඔහුගේ බිරිඳ ද තවත්  කතුවරයකු විමර්ශනයක් සඳහා කැඳවා තිබේ.

මෙම විමර්ශනය සඳහා ගුරු, නිවාස, ව්වනියා දෙමළ මහා විද්‍යාලය යන ලිපිනයට ත්‍රස්ත විමර්ශණ අංශය විසින යවන ලද ලිපිය පහත පළ කර ඇත.

සිය පුවත්පත ජිනීවාහි සිදුවීම් ආවරණය ක නමුත් තම බිරිඳ පරීක්ෂනය සදහා කැඳවීම සම්බන්ධයෙන් තේරුම් ගත නොහැකි බව බව ප්‍රකාශ් වාර්තාකරුවන්ට පවසා තිබේ.

මේ දෙකම මාව පුදුමයට පත් කළා. “මගේ බිරිඳ “තින්නප්පුයල්” සමඟ කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” යැයි ඔහු කියා ඇත.

“තින්නප්පුයල්” හි තවත් කතුවරයකු ඊයේ සවස් වරුවේ ටී.අයි.ඩී. විසින් කැඳවා තිබූ බව ද වාර්තා වේ.

මෙට පෙර ද සිය පුවත්පතේ මාධ්‍යවේදීන් නැවත නැවතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඉලක්ක කර ඇති බව පැවසූ ඔහු, “මේ රටේ ස්වාධීන මාධ්‍යවලට නිදහසේ ලිවීමට හැකියාවක් නැහැ” යනුවෙන් ද පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වර්ධනනය වන තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන “හියුමන් රයිට්ස් වොච්” නම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ මාධ්‍ය නිදහසට ඒන්න එන්නම වඩවඩා තර්ජන ගර්ජන එල්ල වෙමින් පවතින බවයි.

Archive

Latest news

Related news