Sunday, November 24, 2024

ශ්‍රී ලංකාවෙහි සිවිල් අවකාශය ආරක්ෂක අංශ විසින් වසා දමමින් සිටී. – හියුමන් රයිට්ස් වොව්

ඡායාරූපය: © 2020 AP Photo/Eranga Jayawardena.

මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරනු ලබන සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ තර්ජන වේගවත් කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් Human Rights Watch නම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය පවසයි. 2019 නොවැම්බරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවෙහි ප්‍රජා අවකාශය වසා දැමීමත් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිමා කිරීමත් වේගවත් වී තිබේ.

දිවයින පුරා විවිධ ස්ථානවල සේවය කරන ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින් 15 දෙනෙකු සමඟ හියුමන් රයිට්ස් වොච් විසිින් කළ සම්මුඛ සාකච්ඡාවලදී ආරක්ෂක අංශ මගින් කරනු ලබන අධීක්ෂණය සහ තෙරපුම ඉහළ ගොස් ඇති බවට පිළිබඳ නිරන්තර වාර්තා අසන්නට ලැබුණි. 2020 පෙබරවාරි 24 වන දින ජිනීවා නුවරදී ඇරඹි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට පෙර ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්ගෙන් මෙන්ම වින්දිතයින්ගෙන් ද ඔවුන්ගේ උපදේශන සැලසුම් පිළිබඳව බුද්ධි අංශ විසින් විමසූ ඇති බව කිහිප දෙනෙක් ම පැවසා ඇත. “මෙම තත්වය නිසා ජාත්‍යන්තර උපදේශනයන් සඳහා ජිනීවා යෑම අනාගතයේදී සිදු නොවනු ඇතැයි බයක් තිබේ” යැයි” එක් ක්‍රියාකාරිනියක පැවසූ බව ද එය කියයි .

හියුමන් රයිට්ස් වොච්හි දකුණු ආසියානු ‍අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි පවසන්නේ ක්‍රියාකාරීන්ට, ක්‍රියාකාරිනයන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහි රජයේ ආරක්ෂක අංශයන්හි තර්ජන, සමහර විට ප්‍රචණ්ඩ ප්‍රහාර සහ මහජන මරණ තර්ජන වලින් පමණක් නොව නොපෙනෙන ලෙස එනමුත් භයානක සිදුවීම්වලින් ද සමන්විතවන බවයි.”

ජනාධිපති රාජපක්ෂ විසින් සිවිල් ආරක්ෂක පොලීසිය සහ රාජ්‍ය නොවන කණ්ඩායම් නියාමනය කරන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඇතුළු වැදගත් සිවිල් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඇතියි ද එම නිවේදනය කියයි. ආරක්ෂක ලේකම් ලෙස පත් කර ඇති විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව ද එම නිවේදනයේ සදහන් වේ.

නිවේදනය තව දුරටත් මෙසේ සඳහන් කරයි:

පසුගිය මාස තුන තුළ නාඳුනන පුද්ගලයින් කිහිප වතාවක්ම මාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දී ඇති අතර රජය විවේචනය කරන බවට සැලකෙන වාර්තාකරුවන්ට එරෙහිව මරණ තර්ජන එල්ල කර තිබේ. ආරක්ෂක නිලධාරීන් මාධ්‍ය කාර්යාල සෝදිසි කර තිබේ. සමාජ මාධ්‍යවල “අපහාසාත්මක ලිපි” පළ කිරීම වැළැක්වීම සඳහා නව සයිබර් ආරක්ෂණ නීතියක් කෙටුම්පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ජනවාරි 24 දා නිවේදනය කළේය. එය‍ තවම ප්‍රකාශයට පත් කර නැත.
මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් නැවත නැවත දුරකථන ඇමතුම් දෙන බව ද කියා සිටියහ. මෙම ඇමතුම් වලින් අදහස් කරන්නේ සමහර ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් ගැන පරීක්ෂාවෙන් සිටින බව ඇඟවීම විය හැකිය. වෙනත් අවස්ථාවලදී බුද්ධි අංශ නිලධාරීන් ප්‍රශ්න අසයි. නැත්නම් තර්ජන හෝ අනතුරු ඇඟවීම් කරයි.

මානව හිමිකම් ආරක්ෂකයෙක් පැවසුවේ “සියල්ල තීරණාත්මක තත්වයකට ඇවිත්. මැතිවරණයෙන් පසු අධීක්ෂණ හා විමසීම් ඇතුළු හමුදා ක්‍රියාකාරකම් වැඩි වෙලා.. ඔවුන් අප පසුපස එනවා. මෙම තත්වය මානව හිමිකම් කණ්ඩායම්වලට ලොකු තර්ජනයක්.” තවත් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ “අපි කතන්දර සහ ලේඛන එකතු කළා. දැන් අපි සියල්ල නැවැත්තුවා. අපි ගොඩක් වැඩ කළා. දැන් බිංදුවයි.” තුන්වන ක්‍රියාකාරිනියක කීවේ බුද්ධි අංශ නිලධාරීන් “බස් රථයේ ඊළඟ අසුනේ පවා සිටිය හැකි” බවයි.

පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාල වෙත ගොස් කාර්ය මණ්ඩල ලැයිස්තු, නිවසේ ලිපිනයන් සහ වෙනත් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමින් තුළ භීතියක් ඇති කිරීමට උත්සාහ කරයි. එක් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ බලධාරීන් මෙම තොරතුරු ඉල්ලා තම කාර්යාලයට පැමිණි නමුත් පසුව කියා සිටියේ “ඔවුන් දැනටමත් සියල්ල දන්නා බවයි. මගේ පෞද්ගලික තොරතුරු, ඔවුන් දැන සිටියා. මෙය බිය ගැන්වීමේ කොටසක්.”

මෙම ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්ගෙන් ගෙන් බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමැතිවරයා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වූ 2005-2015 අතර කාලය තුළ බුද්ධි අංශවල සහ හමුදාවේ සාමාජිකයන් ඇතුළු ආරක්ෂක අංශ විසින් කරන ලදැයි කියන පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම්, මිනීමැරීම් සහ බලහත්කාර අතුරුදහන්කිරීම් පිළිබඳ සමීක්ෂන කරමින් හා උපදේශනයන්හි යෙදී සිට ඇත. එම කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආන්ඩුව වගකිව යුතු බවට විශ්වසනීය සාක්ෂි සොයා ගත්තේය.

පසුගිය රාජපක්ෂ පරිපාලනය යටතේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදු කරන ලදැයි කියනු ලබන ඊනියා “සුදු වෑන්” පැහැරගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු පැවසුවේ “මට සහ මගේ කාර්ය මණ්ඩලයට කුමක් සිදුවේද යන්න දැන් ප්‍රශ්නයක්” කියා ය. තවත් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ, “මම ඊටත් වඩා බියෙන් ඉන්නේ, මන්ද දැන් සොයන්නේ ක්‍රියාකාරී ජනයාගේ පවුල් පිළිබඳව නිසා. එය අපගේ නිල ක්‍රියාකාරකම් ගැන අහනවාට වඩා භයානක යි.”

බුද්ධි අංශ විසින් පසුගිය වසර පහ තුළ රාජ්‍ය නොවන සංවිධානයන්හි මූල්‍ය හා පරිපාලන වාර්තා සහ විශේෂයෙන් විදේශයන්ගෙන් ලද අරමුදල් පිළිබඳව පිළිබඳ තොරතුරු සෙවීමට කිරීමට පටන් ගෙන තිබේ. ගිණුම්කරණ දෝෂ ඇතැයි කියා සිය ආයතන වසා දැමීමට හෝ තමන්ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගනු ඇතැයි ක්‍රියාකාරී සහ ක්‍රියාකාරිනියන් බියට පත්ව සිටිති.
නැගෙනහිර ශ්‍රී ලංකාව පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායම් කිහිපයක් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන අංශයට (TID) විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබේ. එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ “විමර්ශනයේදී ඔවුන් අපට පැවසුවේ,‘ ඔබ විදේශයන්ගෙන් ලබාගත් මුදල් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබෙනවා. ඔ විමර්ශනයට කැඳවනු ලැබුවේ ත්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ වී සිටින නිසා කියාය.
..
ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උදුරාගෙන ඒ වෙනුවට අධිකාරිවාදී ව්‍යුහයන් වේගයෙන් ඉවත් කරනු අත්දකිමින් සිටිති” යැයි ගංගුලි පැවසීය. “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අතීතය සිහිපත් කරගනිමින්, අනතුරු ඇඟවීමේ සංඥාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම ඇතුළු මූලික මානව හිමිකම් මූලධර්මයන් පිළිබඳව දැඩි ලෙස අවධාරනය කිරීම ඉතා වැදගත්ය.”

(නිව්යෝර්ක් 03.03.2020)

 

Archive

Latest news

Related news