Friday, May 17, 2024

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයට සදාකාලික මුක්තියක් නැහැ – අහිම්සා ඇමෙරිකානු අධිකරණයේ ඇයගේ අභියාවනය ජයගනී.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද ක්‍රියාවන් සඳහා සදාකාලිකවම ඇමෙරිකානු පොදු නීතියේ විදේශීය මුක්තිය සඳහා හිමිකම් ඇති බවට පහළ උසාවියේ තීන්දුව අහොසි කරන ලෙස ලෙස නවවන චක්‍රීය අභියාචනාධිකරණය පසුගිය සතියේ අභියාචනාධිකරණය විසින් අභියාචනයක් ලබා දුන්නේය.

ලසන්ත වික්‍රමතුංගගේ දියණයය වන අහිම්සා වික්‍රමතුංග විසින් මෙම නඩුව මුලින්ම පවරන ලද්දේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ික්කයට අයත් දිසා අධිකරණයෙහි .

පසුගිය අපේ‍්‍රල් මාසයේ ගොනු කරන ලද අහිම්සාගේ නඩුව, ඇගේ පියා, ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක වන ලසන්ත වික‍්‍රමතුංගේ ඝාතනයට සම්බන්ධ බවටත්, විවේචනයට ලක්වූ මාධ්‍යවේදීන් පුළුල් ලෙස හා විධිමත් ලෙස ඉලක්ක කර ගැනීමටත් වගකිව යුතු බවට චෝදනා කරමින්, ඒම නඩූව පවරන ලදී.

යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (සීජේඒ) මෙම නඩුවෙහි දී අහිම්සා වෙනුවෙන් පෙනී සිටී.

පසුගිය නොවැම්බරයේ දී රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට පත්වීම නිසා ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින තාක් කල් එක්සත් ජනපද උසාවිවල නඩු වලින් නිදහස් වීමට ලැබෙන බැවින්, නවවැනි චක්‍රීය අභියාචනාධිකරණය  අගතියකින් තොරව ඇයගේ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිගත්තේ ය.

එමගින් අදහස් වන්නේ රාජපක්ෂට තවදුරටත් රාජ්‍ය නායකයෙකු ලෙස ලැබෙන මුක්තිය අහෝසිවීමෙන් පසු ඔහුට එරෙහිව අනාගත නඩු පැවරීමට මග සළසීමකි.‍ කලින් දෙන ලද තීන්දුව අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකාවෙහි දී නඩු පැවැරීමට අවස්ථාවක් නොතිබුණි.

මෙම තීන්දුව ජයග්‍රහණයකි. එය ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක ලබා දෙයි. එනම් මගේ පියාගේ ඝාතනයේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් යුක්තියෙන් බේරීමට ඔහු දැරූ උපාමාරු අසාර්ථක බවයි. ඔහු සදහටම මුක්තිය භුක්ති විඳින්නේ නැත. ඔහුගේ ජනාධිපති ධුරය මගින් වගවීම වැළැක්වීය නොහැක. කළ හැක්කේ ප්‍රමාද කිරීමක් පමණි. ඔහුගේ ම්ලේච්ඡත්වයට හා ලේ වැගිරීම් නිසා සියල්ල අහිමි වූ අප කිසි විටෙකත් යුක්තිය උදෙසා අපගේ සටන අත් නොහරන්නෙමුයැයි අහිම්සා වික්‍රමතුං පවසයි.

රාජපක්ෂ ජනාධිපතිවීම මගින් අලුතින් අත්පත් කර ගත් මුක්තිය නිසා අහිම්සාගේ අභියාචනය තවදුරටත් විභාග කළ නොහැකි නිසා නවවන පරිපථය පහළ උසාවියේ තීන්දුව නිවැරදිව ඉවත් කළේය. මෙම තීරණය විසින් අහිම්සාට ඇගේ පියාට සාධාරණය ඉටු කිරීමට තවත් අවස්ථාවක් ලබා දීම ගැන අපි සතුටු වෙමු.” යැයි යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය වෙනුවෙන් නඩුවට පෙනී සිටි ඩෙබෙවොයිස් සහ ප්ලම්ප්ටන්හි නටාලි රීඩ් පවසා තිබේ.

Archive

Latest news

Related news