Tuesday, April 30, 2024

ජිනීවා යෝජනා අතුරුදහන් වන්නේ නැහැ; ඒවා තවම බලාත්මකයි – ප්‍රංශ තානාපති නිලධාරී තියරි මැතිව්

ඡායාරූපය: ප්‍රංශ තානාපති නිලධාරී තියරි මැතිව් කොළඹ දී.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්ව සිටියද, එම යෝජනාව නීත්‍යානුකූලව බැඳීමක් ඇති බව ඇති බව ප්‍රංශයේ ජ්‍යෙෂ් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඊයේ කොලඹ දී ප්‍රකාශ කළේය.

එමගින් අදහස් වන්නේ යෝජනාව තවම බලාත්මක බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණයෙන් යෝජනාව අතුරුදහන් වන්නේ නැත. ශ්‍රී ලංකාව එයට නීත්‍යානුකූලව බැඳීමක් ඇත.” යනුවෙන් ප්‍රංශයේ යුරෝපා අමාත්‍යංශයේ සහ ආසියාවේ සහ ඕෂනියා විදේශ කටයුතු අධ්‍යක්ෂ තියරි මැතිව් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්හි සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ප්‍රංශ රජයේ අවධානයට ලක් ඇති බව එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තියරි මැතිව් ප්‍රකාශ කළේය.

එය දේශපාලන තීරණයක් බව අපට වැටහේ, එබැවින් අප ඒ ගැන අදහස් දක්වන්නේ නැත, නමුත් යෝජනාව තවමත් වලංගුය,” මැතිව් ඊයේ සවස මාධ්‍යවේදීන් පිරිසකට පැවසීය. ප්‍රංශය, ශ්‍රි ලංකාව පිළිබඳ නිගමනයන්ට එළඹෙන්නේ සත්‍ය කරුණු මත බවත්, එහිලා සංහිඳියාව හා සාමය ප්‍රධාන ප්‍රමුඛතා ලෙස සළකන ඔහු පැවසීය.

මානව හිමිකම් ප්‍රංශ ඩීඑන්ඒ හි කොටසකි. එබැවින් මෙම ප්‍රශ්නය පැහැදිලිවම අපට වැදගත් වේ. ආර්ථික සංවර්ධනය, ප්‍රතිසන්ධානයකට තුඩු දෙනු ඇතැයි සිතීමක් ද තිබේ. එනමුත් සිය කල්පනාව වන්නේ සංවර්ධනය කරා ළඟා වීමට නම් පළමුව සංහිඳියාව ඇති කිරීම වැදගත් බව යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ ය.  

සටන ඇත්තේ දුර්විපාක නොලැබීමට එරෙහිව ය. පැහැරගැනීම්වලට ගොදුරු වූවන් සොයා ගැනීම ප්‍රමුඛතාවයකි. සංහිඳියාව හා සාමය සඳහා වන ඉලක්කය තවමත් පවතින්නේ ය” යනුවෙන් ඔහු කියා සිටියේ කොළඹ දී  පැවැති මාධ්‍යවේදී හමුවක දී ය.

Archive

Latest news

Related news