Tuesday, April 30, 2024

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලයි.

ශ්‍රී ලංකා ආන්ඩුව මෙම සභාව හමුවෙහි අවධාරනය කර ඇති පරිදි මානව හිමිකම් කවුන්සිලය 30/1 යෝජනාව මගින් ශ්‍රී ලංකාව විසින් දෙන ලද වැදගත් පොරොන්දු පිළිබඳව ආපසු හැරවීම විසින් පෙන්වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි සැලකිය යුතු පසුබෑමක නිමිති පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු” යැයි අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන අටක් අද (28) මානව හිමිකම් කවුන්සිලය හමුවේ කියා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සූදානම විසින් විධායකය මත ඇති තුලණ සහ සංවරණ ඉවත් කරනු ඇත. එමගින් අධිකරණයේ සහ අදාළ කොමිෂන් සභාවල ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් ඇති වනු ඇත. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පනත සමාලෝචනය කිරීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඒ හා සමානව, ජාත්‍යන්තර නීතියට අනුකූලව කරන ලද කිසිදු විමර්ශනයකින් තොරව අතුරුදහන් වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව ජනාධිපතිවරයාගේ මෑත කාලීන ප්‍රකාශයන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල පීඩාවට හේතු වී තිබේ. සංකේතාත්මක සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවකට ජනවාරි 22 වන දින ගැසට් පත්‍රයක් මගින් බලය ලබා දී ඇත. තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ නාවික හමුදා නිලධාරීන්ට එරෙහි අපරාධ නඩු විභාගය නවතා දැමීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව උත්සාහ කර තිබේ. අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පරීක්ෂණ වාර්තාවෙහි නම් කර ඇති හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු උසස් කිරීම පිළිබඳ මහ කොමසාරිස්වරිය දක්වන ලද අවධානය අපි ප්‍රතිරාවය කරමු.

2019 නොවැම්බරයේ සිට රාජ්‍ය නොවන සංවිධානවල අධීක්ෂණ ආයතනය ලෙස ආරක්ෂක අමාත්‍යාංශය පත් කර ඇති අතර එමගින් එම නිරීක්ෂනයන්හි අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි. මානව හිමිකම් සහ මාධ්‍ය සංවිධාන දුසිමකට අධික සංඛ්‍යාවක් නීති ආයතන සහ බුද්ධි අංශවල බිය ගැන්වීම්වලට මුහුණ දී ඇති අතර මාධ්‍යවේදීන්ට එරෙහි මරණ තර්ජන කිරීම යලි ආරම්භ වී තිබේ. විශේෂයෙන් සත්‍යය, යුක්තිය සහ වගවීම ඉල්ලා සිටින අය අතර භීතියේ වාතාවරණයක් ශ්‍රී ලංකාවෙහි යළි ඇතිව තිබේ. සුළුතර ජාතීන්ට එරෙහි නොනැවත කැරෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද ක්ෂණික අවධානය යොමු කළ යුතුය.

ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාව සිය බැඳීම්වලට වගකියන බවට වගබලා ගන්නා ලෙස අපි මෙම කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු. 30/1 යෝජනාව මගින් එකඟ වූ පැහැදිලි රාමුව සමඟ නව රජය දිගටම කටයුතු නොකරන බවට මෙම සතියේ කරන ලද නිවේදනය අනුව ද අතීත දේශීය සංහිඳියාව සහ වගවීමේ යාන්ත්‍රණයන් අසමත් වීම ද මහ කොමසාරිස්වරිය විසින් ඊයේ (27) පෙන්වා දුන් පරිදි නීතියේ ආධිපත්‍යයේ දිගින් දිගටම නොසළකා හැරීම් ද සැළකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස අපි සභාවෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

(සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news