Friday, April 26, 2024

බලය බෙදා හැරීමට කැරෙන දෙමළ දේශපාලන ඉල්ලීම බෙදුම්වාදයක් බව ආරක්ෂක ලේකම් කියයි.

ඡායාරූපය: ආරක්ෂක ලේකම්වරයා සිම්බාබ්වේහි හමුදාපති හමු වූ අවස්ථාව.

එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළ නමුත් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තවමත් එහි මතවාදය ප්‍රචාරය කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ පෙබරවාරි 25වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සැම්බියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ (Lt. Gen. W.M Sikazwe) හමුවූ අවස්ථාවේදී ය.

ලය බෙදා හැරීම සඳහා මෙරට දෙමළ දේශපාලනඥායින් කරන ඉල්ලීම බෙදුම්වාදයක් ලෙස මේ අවස්ථාවෙහි දී කමල් ගුණරත්න සැම්බියානු යුද්ධ හමුදාධිපතිවරයාට පවසා ඇත්තේ “එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් අහිංසක දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය නැති නමුත් සමහර දෙමළ දේශපාලනඥයින්ට බලය බෙදා හැරීමට අවශ්‍යය” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ ද ආරක්ෂක අමාත්‍යාංශය ම විසිනි. මෙරට නිල නොලත් ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද බලය බෙදීමට විරුද්ධ ය.

අවසන් මෙහෙයුමේදී මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා භාවිතා කළ විශේෂ හමුදා උපක්‍රම පිළිබදව සඳහන් කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්ප්‍රදායෙන් බැහැර වූ යුද උපක්‍රම භාවිතා කල බවත් එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ටද තමන්ගේම නව්‍යකරණයවූ යුද උපක්‍රම නිර්මාණය කර ගැනීමට සිදු වූ බවත් , එමඟින් 2009 වර්ෂය මැදභාගයේ එල්ටීටීඊ මතවාදය දක්වා පමණක අඩු කරනු ලද බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

Archive

Latest news

Related news