Monday, May 6, 2024

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ වරම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

2015 ජනවාරි 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා අවසන් වූ කාලය තුළ දේශපාලන හිංසනය පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 9 වන දින අංක 2157/44 දරන ගැසට් පත්‍රය (අතිවිශේෂ) විසින් පත් කරන ලද පරීක්ෂන කොමිෂන් සභාවට ලබා දී ඇති සමහර බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කර තිබේ.

2020 ජනවාරි 22 දින අංක 2159/16 නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් එම පරීක්ෂන කොමිෂන් සභාවෙහි මුල් වරම සංශෝධනය කරන ලද බවත් එම සංශෝධනය තුළින්, වෙනත් දේ අතර, පරීක්ෂණ කොමිසමට හට පුළුල් බලතල ලබා දී ඇති බවත් මෙම අයදුම් පතෙහි සදහන් කර තිබේ.

() 2015 ජනවාරි මස 08 වන දිනෙන් ඇරඹී 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළදී ක්ත ආයතන වෙත ඉදිරිපත්වී ඇති පැමිණිලි අතරින් මෙම අධිකාරී පත්‍රයේ සඳහන් උක්ත දූෂණ විරෝධී ඒකකය විසින් විමර්ශනයට භාජනය කළ යුත්තේ කවර තැනැත්තෙකු ද යන වග පළමුව තීරණය කොට අනතුරුව විමර්ශන ආරම්භ කළේ යැයි සැළකෙන සියළු පැමිණිලි හා ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති ජාතික ආරක්ෂාවට බලපානු ලබන පැමිණිලි කවරේදැයි සොයා බලා, එකී තුන්වන පාර්ශවයේ බලපෑම් හේතුවෙන් නීතිය පසිඳලීමේ දී හෝ යුක්තිය පසිඳලීමේ දී යම් තැනැත්තෙකු අගතියට පත්වන්නේ යැයි සැළකෙන පරීක්ෂණ, විමර්ශන හෝ නීති කටයුතු වලදී, ත්‍රිවිධ හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය හා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන පරීක්ෂණ, විමර්ශන හෝ නීති කටයුතු වලදී සහ / හෝ අන් කවර වූ හෝ ආකාරයකින් අගතියට පත්වී ඇතැයි සලකනු ලබන අවස්ථාවලදී එලෙස අගතියට පත්වීම හෝ ජාතික ආරක්ෂාවට හා රාජ්‍ය සේවාවන්ට වන අහිතකර බලපෑම වැළැක්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම;

පරීක්ෂණ කොමිසම වෙත ලබා දී ඇති මෙම දුරදිග යන සහ පුළුල් බලතල නීතියෙන් දක්වා ඇති පරිදි පරීක්ෂණ කොමිෂන් සභාවකට නීත්‍යානුකූලව ලබා දිය හැකි බලතල සීමාවෙන් ඔබ්බට යයි. මෙම බලතල අභියෝගයට ලක් නොවන්නේ නම්, අඛණ්ඩව සිදු වෙමින් පවතින හෝ පරීක්ෂන කොමිසමේ කාලය තුළ ආරම්භ විය හැකි “විමසීම්, විමර්ශන සහ නීතිමය කටයුතු” වලක්වන, බාධා කරන සහ / හෝ අගතියට පත් කරන නියෝග කිරීමට නිකුත් කිරීමට එයට හැකිවනු ඇතැයි ද එම අයදුම්පත කියා සිටී. ඕනෑම පුද්ගලයෙකුට අසාධාරණ ලෙස නඩු පැවරීමෙන් හා පරීක්ෂනයක් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා පවත්න ානීතිය නීතිය ආරක්ෂාවන් සපයන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමේ සඳහන් කර තිබේ. 2020 ජනවාරි 22 වන දින ගැසට් අංක 2159/16 මගින් ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව වෙත ලබා දී ඇති මෙම බලතල ස්ථාපිත නීතිමය ව්‍යුහයන්ට පිටින් ක්‍රියාත්මක වන අතර අපරාධවලට ගොදුරු වූවන්ට බරපතල අගතියක් ඇති කරනු ඇති බවත් අතර වසර ගණනාවක් තිස්සේ ඇසෙමින් පවත්න නඩු තවදුරටත් ප්‍රමාද විය කරනු ඇති බවත් එම අයැදුම් පත සඳහන් කරයි.

මාධ්‍ය වාර්තාවලට අනුව, එම පුද්ගලයින් “දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ද ” ද යන්න ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව විසින් තීරණය කරන තෙක් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් ඉදිරියට ගෙන නොයන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කිරීමෙන් කොමිෂම දැනටමත් මෙම පුළුල් බලතල ක්‍රියාත්මක කර ඇත. මෙම නියෝගය අනුගමනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පසුව වාර්තා විය. මෙම විශේෂ අවස්ථාවෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවට එය ප්‍රතික්ෂේප කිරීමට හැකි වූ අතර, වෙනත් ඕනෑම විමසීම්, විමර්ශන සහ නීතිමය කටයුතු වලට බාධා කිරීම සඳහා ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව විසින් ගත හැකි තවත් පියවර ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය බියට පත්ව සිටී. එනිසා, විමර්ශන කොමිෂන් සභා පනත (සංශෝධිත පරිදි) ප්‍රකාරව මෙම බලතල ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව වෙත නීත්‍යානුකූලව ලබා දිය නොහැකි බවත්, ඒවා බලතල වෙන් කිරීම සහ නීතියේ ආධිපත්‍යය උල්ලංනය කරන බවත් පදනම් කරගෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. එවැනි බලතල ලබා දීම සහ මෙම බලතල ක්‍රියාත්මක කිරීමට පරීක්ෂන කොමිෂම විසින් දරන ඕනෑම උත්සාහයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කර තිබේ.

එම ගැසට් පත්‍රය පීඩීඑෆ් ගොනුවක් ලෙස:Gazette (Extraordinary) No. 2159-16 of 22nd January 2020

(විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද නිවේදනයක දළ සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි)

Archive

Latest news

Related news