Thursday, May 2, 2024

ගෝඨාභය ජනාධිපති බවට පත් කළේ භික්‍ෂුන් වහන්සේලායි;‍‍ සියළු විහාරාධිපති හිමිවරුන්ට සාම විනිසුරු ධුර දෙනවා – නිමල් සිරිපාල

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්කිරීමට බෞද්ධ භික්ෂූන්වහන්සේලා විශාලදායකත්වයක ලබා දුන්නා. බැවින්ම අප පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙනවා යැයි අධිකරණ ඇමැති මල් සිරිපාල සිල්වා ප්‍රකාශ කර තිබේ. මේ අනුව බෞද්ධ භික්ෂුන් 6,000කට පමණ මෙම නම්බු නාමය ලැබෙනවා ඇත.

ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සාම විනිසුරුරු පදවි 750 බෙදාදෙමින් පසුගිය 23දා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී . සාම විනිසුරු පදවිය යනු ලෞකික රාජකාරියක් වන අතර බෞද්ධ භික්ෂුව යනු න්‍යයාත්මකව නම් ලෞකිකත්වයෙන් ඈත් වූ මහණ දමකි.

සියලු විහාරාධිපති භික්ෂූන් වහන්සේලාට සාම විනිසුරු පදවි ලබාදීම එලඹෙන මැතිවරණය ඉලකක් කරගත් තවත් එක් පියවරක් පමණක් බව අනුරාධපුරය අසළ විහාරාධිපති භික්ෂුන් වහන්සේනමක්  මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රි ලංකා බ්‍රිෆ් වෙත ප්‍රකාශ කළේ ය. මෙමගින් සිදුවනු ඇත්තේ ශාසනය තවත් රාජකාරි ස්ථානයක් බවට පත්වීම නොවේ දැයි එහිමිියෝ ප්‍රශ්ණ කළහ.

ශ්‍රී ලංකාවේ, සාම විනිසුරු යනු ගෞරවනීය තනතුරක් වන අතර, ව්‍යවස්ථාපිත ප්‍රකාශ සහ දිවුරුම් ප්‍රකාශ සහ සාක්ෂි සහතික කිරීම සඳහා සාක්ෂි දැරීමට හා අත්සන් කිරීමට බලය එම තනතුරට තිබේ.

සාම විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලද පුද්ගලයින්ට එම පත්වීම් ලබාදීමට 1978 අංක 02 දරණ අධිකරණ පනත යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ගැසට් පත්‍රයේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කළ යුතුය. ඉන්පසු එම පුද්ගලයින් ශ්‍රේෂ්ඨාධිකරණ, දිසා අධිකරණ හෝ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරියකු ඉදිරියෙහි දිව්රුම් දිය යුතු ය.

ශ්‍රී ලංකාවේ සාම විනිසුරු තනතුරු ප්‍රදානය කිරීම 1801 දී ආණ්ඩුකාර ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් නෝර්ත්ගේ පාලන සමයේදී ආරම්භ කරන ලද්දකි. රටෙහි පරිපාලන කටයුතු සඳහා ඉහළ සමාජයේ සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රභූ සමාජයේ ජනතාවට මෙම තනතුර එකළ ප්‍රදානය කරන ලදී.

මුල් කාලයෙහි එය සිදුකරන ලද්දේ කිතුණු දේවස්ථාන හරහා ය.

අද වන විට ශ්‍රී ලංකාවේ සාම විනිසුරුවන් 100,000 කට වැඩි පිරිසක් සිටින බව කියැවේ.

Archive

Latest news

Related news