Friday, April 26, 2024

යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට දරුණූ මානව හිමිකම් ‌කෙළෙසීම් උඩ ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය අද ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරන ලදි. ‌ශ්‍රී ලංකාවේ යුද නිලධාරියකු සම්බන්ධයෙන් කවර රටක් ‌‌හෝ  විසින් පනවන ලද ප්‍රථම සම්බාධාකය මෙය වේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පේ විසින් නිකුත් කරන ලද පුවත් පත් ප්‍රකාශණය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇති දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බවයි. එබැවින් ඔහුට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට එරටට ඇතුළු වීම අද සිට තහනම් වේ. මේ අනුව ඉදිරියෙහි දී තවත් බටහිර රටවල් විසින් මෙවැනි සම්බාධක පැනවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. තවත් සතියකින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසි වාරයේදීද මෙම තීරණය ප්‍රතිරාව නැංවීමට ඉඩ තිබෙන බවද කියැවේ. මෙම තීරණය ගනු ලබන්නේ මානව හිමිකම් සඳහා සහයෝගය දැක්වීම, වැරදිකරුවන්ට වගවීම ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහාය දැක්වීම සඳහා ප්‍රතිසන්ධානය දිරිමත් කිරීමට බව ද එම ප්‍රකාශය සදහන් කරයි.

එම ප්‍රකාශයේ දළ පරිවර්ථනයක් පහත දැක්වේ.

මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 () වගන්තිය යටතේ මානව හිමිකම් දළ උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශවේන්ද්‍ර සිල්වාගේ  පනවන සම්බාධකය.

රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ විසින් ප්‍රකාශිත ප්‍රකාශය. 2020 පෙබරවාරි 14දා.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 () වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංනය කිරීම් වලට, එනම් නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අණ දීමේ වගකීම තුළින් ඔහු සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු මත නම් කර ඇත.

7031 () වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට නම් කළ හැකිය. එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ. ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රසිද්ධ තනතුරට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද දෙපාර්තමේන්තුව විසින් එළෙස නම් කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇති දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය ය. ඔහුගේ තනතුර මගින් ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි අප දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ අපයෝජනයන් සඳහා ද දඩුවම් නොලැබීම පිළිබඳ අපගේ සැලකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන අය සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ සහයෝගය අවධාරනය කරයි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් රඳවා තබා ගැනීම, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා වන අනෙකුත් කැපවීම් තහවුරු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා රජය සමඟ අපගේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ අප බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපි බෙහෙවින් අගය කරමු. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටී. අපගේ පුහුණුව, ආධාර සහ කටයුතුවල මූලික අංගයක් ලෙස මානව හිමිකම්වලට ගරු කිරීම ආරක්ෂක සහයෝගීතාව දිගටම අවධාරණය කරනු ඇත.

ලොව පුරා මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ අපයෝජනයන් සිදු වූ විට හෝ ඒවා සිදුකළේ කවුරුන්ද කවරදාකද යන්න නොසළකා එක්සත් ජනපදය සුදුසු පරිදි යොදාගත හැකි මෙවලම් සහ බලධාරී ආයතන දිගටම භාවිතා කරනු ඇත. වර්තමාන ක්‍රියාවන් මගින් අවධාරණය කරනුයේ මානව හිමිකම් සඳහා සහයෝගය දැක්වීම, වැරදිකරුවන්ට වගවීම ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ප්‍රතිසන්ධානය දිරිමත් කිරීමයි. (ශ්‍රී ලංකා බ්‍රීෆ්)

දළ පරිවර්ථනයකි.

Archive

Latest news

Related news