Wednesday, May 1, 2024

රාජපක්ෂ ඥාති, කුප්‍රකට මිග් ගනුදෙනුවට සම්බන්ධ උදයාංග විරතුංග “කැමැත්තෙන්ම” අත්අඩංඟුවට!

මුදල් විශුද්ධිකරන චෝදනා එල්ල වී ඇති, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද උදෑසන ඩුබායි සිට ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර ඇති අතර රහස් පොලිසිය විසින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ‌‌මෙළෙස අද දින අත් අඩංඟුවට පත්වන බවට කල්තියා මාධ්‍ය වාර්තා පළ විය. ‌මෙතෙක් කළක් කට්ටි පනිමින් සිටි විරතුංග ‌මෙසේ කැමැත්තෙන්ම වාගේ අත් අඩංඟුවට පත්වීම සමාජමාධ්‍ය ජාලයන්හි විවිධ අදහස් දැක්වීම් වලට ‌හේතු වී තිබේ.

මිග් -27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී වංචා කිරීමේ චෝදනා හේතුවෙන් වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් 2017 ජනවාරි මාසයේදී අධිකරණය විසින් අත්හිටුවන ලදී. වීරතුංග නොමැතිව නඩු විභාගය පැවැත්වුණි. වීරතුංග විසින් ගිණුම් දහසයක ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් විවිධ කාලවලදී තැන්පත් කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව මාධ්‍ය වාර්තා කළේ ය.

උදයංග වීරතුංග අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප ඥාතියෙකි. ශ්‍රී ලංකා පොලීසියෙන් කට්ටි පනිමින් සිටියදී පවා එතෙර දී ඔහු රාජපක්ෂ හමුවූ බවට ජායාරූපමය සාක්ෂි පළ විය.

ශ්‍රී ලංකා බලධාරීන් ඩුබායි වෙත ගොස් ඔහුව නැවත කටුනායක වෙත ගෙන එන ලද අතර එහිදී ඔහු රහස් පොීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් 27 ගුවන් යානා 4 ක් මිල දී ගැනීමේදී සහ මිග් 27 ගුවන් යානා තුනක් සහ මිග් 23 ගුවන් යානයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී වීරතුංග මූල්‍ය වංචා සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම ගනුදෙනුවට වත්මන් ජනාධිපති රාජපක්ෂ ද සම්බන්ධ බවට ලසන්ත වික්‍රමතුංග ලීඩර් පුවත්පත් හරහා චෝදනා කළේ ය. 2009 වසරෙහි ජනවාරි 08 දින ලසන්ත වික්‍රමතුංග ඝාතකය කරන ලද්දේ ද එකී හෙළිදරවව නිසා බවට බොහෝ ජනමාධ්‍යාව්දීහු විශ්වාස කරති.

කුප්‍රසිද්ධ මිග් යානා ගනුදෙනුව යනු මෙයයි.

විරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ආයතනයේ සහාය ඉල්ලා 2016 දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රතු වරෙන්තු දැන්වීමක් නිකුත් කරන ලදී. 2018 දී වීරතුංග ඩුබායිහිදී බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රැගෙන ඒම පිනිස ඩුබායි බලා ගිය පොලිස් නිලධාරීහු හිස් අතින් පැමිණයහ.

ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන සේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම් නොසළකා එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ඔහු පසුව නිදහස් කරන ලදී. එනමුත් ඔහුට ඩුබායි වලින් පිටව යාම එරට ආන්ඩුව විසින් වැළැක්වීය.

ඔහු රුසියාවේ‍ෙ තානාපතිවරයා ලෙස සිටියදී යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ආයුධ සැපයීමට සම්බන්ධවූ බවට විරතුංගට චෝදනා කර යුක්‍රේන රජය ද ඔහුට නඩු පැවරිමට අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන සේ ඉල්ලා යුක්රේන රජය විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ. 2018 දී වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් විට යුක්රේන රජය ද ඉල්ලා සිටියේ ඔහු එම රටේ පුරවැසියෙකු බැවින් ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහු නැවත යුක්රේනයට ලබා දෙන ලෙස ය.

රාජපක්ෂවරුන් යටතේ වීරතුංගට විරුද්ධව නීතිය ක්‍රියාත්මන වනු ඇතැයි සිතීම උගහට බව දේශපාලන අංශ ප්‍රකාශ කරති.

Archive

Latest news

Related news