Tuesday, July 16, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂන: රාජපක්ෂ මස්සිනයි වික්‍රමසිංහ මස්සිනයි !

හිටපු ශ්‍රී ලාංකික ගුවන් සේවයේ විධායක නිලධාරියෙකු, ඔහුගේ බිරිඳ සහ යුරෝපීය ගුවන්යානා නිෂ්පාදක එයාර් බස් සම්බන්ධ දූෂිත ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු අන්තර් ජාතික වශයෙන් අනාවරණය වන තුරු මෙරට කිසිදු ආණ්ඩුවක් මෙම දූෂිත ගනු දෙනුව පිළිබඳ තොරතුරු තිබියදීත් කිසිදු පියවරක් ගත්තේ නැත.

මෙම දූෂණය අදාළව හිටපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (ප්‍රධාන විධායක නිලධාරී) කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබීය. එම දෙදෙනා පමණක් නොව ඔවුන් ලබා ගත් අල්ලස් බෙදා ගත් තවත් වැදගත් යැයි කියන පුද්ගලයින් කිහිප දෙනෙකු ම තවම නීතියේ ඇසට වැලි ගසමින් සිටිති.

කපිල චන්ද්‍රසේන රාජපක්ෂවරුන්ගේ කප්පිත්කු වූ අතර මෙකී දූෂිත ගනුදෙනුව අත්සන් කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ එවකට කතා නායක වූ චමල් රාජපක්ෂගේ නිල නිවසෙහි දී ය. පුද්ම වුවත් ඇත්ත ය. ඔහුගේ පුතා වූ ශශීන්ද්‍ර රාජපක්ෂ ද එකළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු විය.

එයාර් බස් සමඟ ඇති වූ දූෂිත ගනුදෙනුව රාජපක්ෂ සමයෙහි දී අත්සන් කිරීමත් හා වික්‍රමසංහ යුගයෙහි දී අවසන් කිරීමත් යන සිදුවීම් දෙකම මෙරට මහා ජනයාගේ අරමුදල් කාබාසිණියා කරන ලද මහා පරිමාණ වංචාවන් බව දැන් හෙළිදරව් වෙමින් තිබේ.

2013 මාර්තු 27 දිනැති කැබිනට් පත්‍රිකාවට අනුව, එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය, මහින්ද රාජපක්ෂ රජය යටතේ, පියංකර ජයරත්න විසින් 2014 සහ 2015 අතරතුරA330-300 ගුවන් යානා හයක් මිලදී ගැනීමටත් 2017 දී A350-900 ගුවන් යානා හතරක් අමතර ගුවන් යානා තුනක් ලීසිං යටතේ මිලදී ගැනීමටත් අමාත්‍ය මංඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය.

ජනාධිපති රාජපක්ෂගේ පාවිච්චිය සඳහා ඩොලර් මිලියන 15 ක වියදමින් ප්‍රභූ කට්ටලයක් A330-300 යානයකට සවි කිරීමට එමගින් නියමිතව තිබුණි. එමගින් ඔහුට ඇදන් දෙකක්, ලියන මේසයක් ඇතුලු තවත් සුඛෝපභෝගී අම්පන්න එම ප්‍රභූ කට්ටලයට ඇතුලත් විය. කපිල වන්ද්‍රසේන ඇතුලු කණ්ඩායම කොමිස් ගත්තේ ඒ සියල්ල පෙන්වමිනි.

සුරෙන් රත්වත්ත, රනිල් වික්‍රමසිංහගේ පත්කිරීමකි.

පසුව වික්‍රමසිංහ සමයෙහි 2016 වසරෙහි දී කිසිදු අමාත්‍ය මංඩල අනුමැතියකට අදාළ ලියකියවිලි ඉදිරිපත් නොකරම, රාජපක්ෂ සමයෙහි බදු ගත් සිව්වන ගුවන් යානයෙහි ගිවිසුම අවසන් කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ සඳහා ඩොලර් මිලියන 17.7 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති නමුත් එවකට ගුවන් සේවා බාර ඇමැතිවරයා වූ කබීර් හෂිම් ඒ ගැන දැන සිට නැත. හිටපු අමාත්‍ය හෂීම්ට අනුව,මීට අදාළ කිසිදු ලේඛනයක පිටපතක් අමාත්‍යාංශයට ලබා දී නොමැත. එවකට ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරෙන් රත්වත්තගේ සහෝදරයා වූ චරිත රත්වත්ත එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු වූවා පමණක් නොව ඔහුගේ කුස්සි කැබිනට්ටුවේ ප්‍රබලයකු ද විය.

අනතුරුව ඉතිරි යානා තුන මිලදී ගැනීමට ගිවිසගෙන තිබූ ගිවිසුම අවසන් කරන ලද්දේ ද අවම වශයෙන් අඩුකර ගත හැකිව තිබූ ඩොලර් මිලියන 10ක් පිළිබඳ කේවල් කිරීමකින් තොරව ය. මේ රනිල් වික්‍රමසිංහගේ මස්සිනා කෙනෙකු වන සුරේන් රත්වත්තේ එහි සභාපතිව සිටි අවධියේ ය. ඔහු එම තනතුරට පත් කරන ලද්දේ ද රනිල් වික්‍රමසිංහ විසිනි. එම ගිවිසුම 2016 ඔක්තෝබර් 04 දින අත්සන් තබන ලදී. ඩොලර් මිලියන 54 ක් දක්වා දඩය අඩුකර ගන්නා ලෙස දන්වා තිබුණද එය ගණනකට නොගෙන තිබූ බව ත් කබීර් හෂීම් කියා තිබේ. රනිල් වික්‍රමසිංහ අදාළ ඇමැතිවරයා වු හෂීම් මඟහැර ශ්‍රී ලංකන් ගුවන් සේවය රත්වත්තේවරැන් හරහා රසි පරිදි අනිසි ලෙස කළමනාකරනය කළේ ය.

රාජපක්ෂ සමයෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සිදුව ඇති සියලු දූෂන ගැන වැළිඅමුණ වාර්තාවේ සදහන් වන නමුත් ඒ පිළිබඳව පොලීසිය කිසිදු පියවරක් ගත්තේ නැත. පොලීසිය තිබුණේ රනිල් වික්‍රමසිංහගේ ගජයකු වන සාගල රත්නායක යටතේ ය.

වැළිඅමුණ වාර්තාව රනිල් හමස් පෙට්ටියට දැම්මේ ය.

මහා පරිමාණ දූෂණයක් බව දැන් හෙළිදරව් වී ඇති එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීම සිදුවන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ . කපිල චන්ද්‍රසේන අධ්‍යක්ෂවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා විය. නිශාන්ත වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද වැළිඅමුණ වාර්තාව කරුණු සදහන් කරන නමුත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලබාල කණ්ඩායම එම වාර්තාව හමස් පෙට්ටියට දමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගරානාව සිය මස්සිනා වූ සුරේන් රත්වත්තේට බාර දී තිබුණි. ඔහුට මාසිකව රුපියල් ලක්ෂ 35ක් පමණ ගෙවූ බව මාධ්‍ය වාර්තාවන්හි දැක්වුණි. නිශාන්ත වික්‍රමසිංහ ද එවැනිම වැටුපක් ලද බව කියනු ලැබේ.

ඒවා දෙගොල්ලන්ම විසින්ම රකින රාජ්‍ය රහස් ය.

(සිරිසේනගේ සහෝදරයාට ද එවැනිම වැටුපක් ගෙවූ බව කියනු ලැබේ.)

Archive

Latest news

Related news