Sunday, May 5, 2024

අපේ නමින් තියෙන ගිනුම් අපේ නොවෙයි, ඩොලර් මි. දෙකක ශ්‍රී ලංකන් අල්ලස් නඩුවේ සැකකාර කපිල චන්ද්‍රසේන යුවල කියයි!

ඇමරිකානු ඩොලර් මිලියන 2 ක කොටසක් ප්‍රංශයේ එයාර් බස් එස් සමාගමෙන් හිටපු ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහතා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය නීනිපති තුසිතා මුදලිගේ මහතා ඊයේ (06) කොටුවේ මහේස්ත්‍රාත් රංගා දිසානායක මහතාට පැවසුවේ .

එනමුත් එම දෙදෙනා රහස් පොලීසියට කියා ඇත්තේ විජේනායකගේ නම හෝ කපිල චන්ද්‍රසේනගේ නම යටතේ විවෘත කළ ගිණුම් හෝ පසුව වෙනත් ගිණුම්වලට මාරුවීම පිළිබඳව තමන් නොදන්නා බව ය. තමන් මෙම නඩුවට මුහුණ දීමට සූදානම් බව ද ඔවුන් පවසා තිබේ.

පුද්ගල අනන්‍යතාවය තහවුරු නොකර සිංගප්පූරුවෙහි හෝ ඕස්ට්‍රෙිලියාවෙහි බංකු ගිනුම් ආරම්භ කළ හැකි ද යන්න පිළිබඳව කිසිවක් නඩු විභාගයේ දී අනාවරණය වී නැත.

ශ්‍රී ලංකාවේ ගිණුමකට හෝ දෙකකට මාරු කරන ලද මුදල්වලට අමතරව, විජේනායකට ලැබුණු මුදලින් කොටසක් අක්වෙරළ ගිණුම් කිහිපයකට බැර කර ඇති බව ද අධිකරණයට නීතිපති දෙපාර්ථමේන්තුව දැනුම් දුන්නේ ය.

ගුවන් යානා දහයක් අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපෑම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත මහේස්ත්‍රාත් දිසානායක පෙබරවාරි 19 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පෙබරවාරි 3 වනදා වරෙන්තු නිකුත් රන ලදී.

නායි හි පවත්වාගෙන යනු ලබන ගිණුමකට විජේනායකට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් ලැබී ඇති බවය පරීක්ෂණවලින් හෙළි වි තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා ගැනීම සඳහා එයාර් බස් සහ සැකකරුවන් සාකච්ඡා කළ බව අධිකරණ ලේඛනවලින් හෙළි වූ බව ද අධිකරණයටදුනුම් දෙන ලදී.

එජප නායකත්වයෙන් යුත් රජය එයාර් බස් ගනුදෙනුව අවලංගු කළේය. ඒ නිසා අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල වන්දියක් එයාර් බස් සමාගමට ගෙවීමට සිදුවිය.

Archive

Latest news

Related news