Sunday, May 5, 2024

චීන ආන්ඩුව වාරණය කළ, කොරෝනා ‌වෛරසය ගැන අනතුරු හැඟවූ වෛද්‍ය ලී වෙන්ලියන්ග් (34) වෛරසයෙන්ම මිය යයි.

ඡායාරූපය: වෛද්‍ය ලී වෙන්ලියන්ග්.

කෙරෝනා වෛරසය ගැන මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍ය ලී වෙන්ලියන්ග් අකල් මරණය නිමිති කොට පුවත් පත් නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික ජනමාධ්‍යවෙීදීන්ගේ සම්මේලනය (අයිඒෆ්ජේ) කෙරෝනා වෛරස් වසංගතය පිළිබද ඇත්ත තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

එය මෙසේ ද කියයි:

කොරොන වෛරසය ගැන මිනිසුන්ට අනතුරු ඇඟවීම නිසා චීන බලධාරීන් විසින් නිහ කරන ලද වෛද්‍ය ලී වෙන්ලියන්ග්  රෝගාතුරව පෙබරවාරි 7 වන දින වයස අවුරුදු 34 දී මිය ගියේය.

දෙසැම්බර් 30 වන දින, වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග්, චීන පණිවුඩකරණ යෙදුම වන WeChat හරහා ඔහුගේ වෛද්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් පිරිසක් පුද්ගලිකව සම්බන්ධ කර ගනිම්න් SARS සාර්ස් වැනි නොදන්නා රෝගයක් ගැන අනතුරු ඇඟවීය. 2000 දශකයේ මුල් භාගයෙහි සාර්ස් වෛරසය නිසා වීනයෙහි 349ක් ජනයා මිය ගියෝ ය. ඔහු විසින් යවන ලද අනතුරු හැඟවීමේ පණිවිඩයේ තිර රුවක් සහ වෛද්‍යවරයාගේ නම පසුව අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර ගියේ ය.

පණිවුඩය ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු වෛද්‍ය ලී ඔහු බෙදාගත් එතොරතුරු පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා වුහාන් මධ්‍යම රෝහලට කැඳවනු ලැබීය. ටික කලකට පසු, පොලිසිය “කටකතා” පතුරුවා හරින බවට චෝදනා කරමින් වෛද්‍ය ලී කැඳවා ඔහුගේ “වැරදි ක්‍රියා” පිළිගන්නා ප්‍රකාශයකට අත්සන් කිරීමට ඔහුට බල කළේය.

වෛද්‍ය ලී මෙම සෞඛ්‍යමය අර්බූද කාලයෙහි රෝගීන්ට දිගටම ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටි අතර ජනවාරි 10 වන දින කෙරෝනා වයිරසයෙන් අසාදනය වූ රෝගියෙකු සමීපව ප්‍රතිකාර කළේ ය. පෙබරවාරි 1 වනදා ඔහුට ද කෙරෝනා වෛරසය අසාදනය වී ඇති බව හඳුනා ගන්නා ලදී. චීන බලධාරීන් විසින් වාරණය කර තිබූ නමුත් වෛද්‍ය ලී වෛරසය ගැන අවබෝධය වර්ධනය කරමින්, රෝගය සම්බන්ධයෙන් වඩා විනිවිදභාවයක් සහ සන්නිවේදනයක් රජයෙන් ඉල්ලා සිටියේ ය. ජනවාරි 30 වන දින චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන වයිබෝ හි ඔහුගේ අවසන් සටහන විසින් චීන රජයේ ප්‍රමාණවත් ලෙස නිල තොරතුරු ලබා නොදීම ප්‍රශ්ණ කළේ ය.

කෙරෝනා වෛරසය පැතිර ගිය දා සිට චීන බලධාරීන් විවේචනාත්මක මාධ්‍ය ආවරණයක් බලපෑම වැඩි කර තිබේ. සමහර රහස් හෙළි කරන්නන් වසර හතක් දක්වා සිර දඩුවම්වලට මුහුණ දී සිටිති.‍ චීනයේ වෛද්‍යවරුන් අට දෙනෙකුට වඩා වැඩි පිරිසක් ජනවාරි මුලදී කෙරෝනා වෛරසය සොයාගැනීමෙන් පසු ‘කටකතා පතුරුවා හැරීමේ’ චෝදනාවවට ලක් කරඇති බව ප්‍රසිද්ධ ය. ආසියාපැසිෆික් කලාපයෙහි, මැලේසියානු මාධ්‍යවේදී වන් නොර් ඇතුළුව, වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යහි අදහස් පළ කිරීම් නිසා 16 දෙනෙකුට වැඩි  ප්‍රමාණයක්  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අර්බුදය තුළ මාධ්‍යවේදීන් සහ අයථා ක්‍රියා දැනුම් දෙන්නන් වාරණය කිරීම සහ නිහ කිරීම හෙළා දකිමන බව ප්‍රකාශ කරන අයිඑෆ්ජේ  කාලෝචිත, නිවැරදි තොරතුරු ජනමාධ්‍ය හා පසුව මහජනතාව සමඟ බෙදා ගැනීම අවශ්‍යතාවය අවධාරණය කරයි.  සිය ජීවිත පරදුවට තබා නිර්භිත ලෙස කරුණු නිරාවරණය කිරීමට කටයුතු කරන වෛද්‍යවරුන් රහසිගත තොරතුරු හෙළි කරන්නන් සහ මාධ්‍යවේදීන් සමඟ අයි.එෆ්.ජේ. සහයෝගයෙන් කටයුතු කරන බව ද එය කියා සිටී.

( දළ පරිවර්ථනය ශ්‍රි ලංකා බ්‍රීෆ් වෙතිනි)

 

Archive

Latest news

Related news