Tuesday, July 16, 2024

2018 කුමන්ත්‍රණ දිනවල මහින්ද රාජපක්ෂ පත් කළ කපිල චන්ද්‍රසේන ඩොලර් මිලියන දෙකේ එයාර් ලංකා කොමිස් වංචාවට අත් අඩංඟුවට

ජායාරූපය: 2-13 අගෝස්තු විදෙස්ගතව යළි පැමිනෙන ජනාධිපති රාජපක්ෂ සමග කපිල චන්ද්‍රසේන.

රැපියල් මිලියන 250කට වැඩි  එනම් ඩොලර් මිලියන 02ක එයාර් ලංකා කොම්ස් ජාවාරමට සම්බන්ධ බවට නීතිපති දෙපාර්ථමේන්තුව විසින් නම් කර ඇති කපිල චන්ද්‍රසේන යනු 2018 වසරේ ඔක්තෝබර් හි සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් අගමැති පදවයට පත් මහින්ද රාජපක්ෂ විසින් එයාර් ලංකා සභාපති වයෙන් පත්කළ පුද්ගලයා ය.

එවකට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ සභාපතිව සිටි රංජිත් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට සැළැස්වු රාජපක්ෂ ආණ්ඩුව, කපිල චන්ද්‍රසේන මහතාව එම තනතුර සඳහා පත් කරන ලදී.

2018 නොවැම්බර් 13 දා මහින්ද රාජපක්ෂ අණ්ඩුව විසින් කිපල රාජපක්ෂ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්හි සභාපති වශයෙන් පත් කරන ලදී.

කපිල චන්ද්‍රසේන යනු 2015ට පෙර රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි පුද්ගලයා ය. ඔහු මිහින් ලංකා සමාගමේ ද ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීය.

එම යුගයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ අතර පසුකලෙක ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල සිදු වූ දූෂණ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් ද පත් කරන ලදී.

ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම ඉදිරියෙහි එයාර්බො ලංකා සමාගමෙහි වූ වංචා දූෂන හෙළිවෙමින්  පැවති නමුත් 2018 ඔක්තෝබර් 26 වනදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමෙන් අනතුරුව එම කොමිසම අක්‍රියකරන ලදී.

2018 මැයි මාසයේ දී මෙකී ඩොලර් මිලියන දෙකේ  කොමිස් ගනුදෙනුව පිළිබඳ තොරතුරු සිංගප්පූරු රජය විසින් ලංකාණ්ඩුවට ලබදෛන ලද නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එම දූෂණය ද රාජපක්ෂවරුන්ගේ අනෙක් දූෂණ මෙන්ම යටපත් කරන ලදී.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මෙම මහා පරිමාණ දූෂණය පිළිබඳව පියවර ගන්නා ලෙස නියෝග කිරීමෙන් පසු දැන් ඔහු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබෙනවා,” යැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දුන්  අත් අජංඟෞවට ගැනීම පිනිස ‌ෙමෙහෙයුමක් දියත් කරන ලද නමුත් තවම ඔවුන් ‌‌ෙදෙදෙනා හමු වී නැත..

 

Archive

Latest news

Related news