Tuesday, May 7, 2024

කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ ඔත්තුසේවා සාමාජිකයකුට ජර්මන් අධිකරණයෙන් සිර දඩුවම්

ශ්‍රි ලංකාවේ විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් සිර දඩුවම් නියම කරන ලදී. මාස ගණනාවකට ඉහක ආම්භ වූ නඩු විභාගයේ තීරණය ඊයේ එනම් 20 වන සදුදා ජර්මනියේ ස්ටුට්ග්‍රාටි හි කලාපීය අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම තීරණය මගින් සය වසරක් සහ දස මසක සිර දඩුවමක් නියම වූයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන නාදන් ජී. නැමැත්තාට ය. ඔහුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.

සිය දේශපාලන රැකවරණ අයදුම් පතෙහි දී තමා ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා ඝාතනය කිරීම වැදගත් පිනිස තොරතුරු සැපයූ බව ඔහු විසින් පිළිගෙන තිබුණි. 2012 වසරෙහි දී ජර්මනියට පැමිණ දේශපාලන රැකවරන ඉල්ලා ඇති ඇති නාදන් දෙමළ ඊළාම් කොටි සංවිධානයේ ඔත්තු සේවා අංශයේ සේවය කර ඇත. කදිරගාමර් ඝාතනය කරන ලද්දේ 2005 වසරෙහි අගෝස්තු 12වන දින කොළඹ ඔහුගේ නිවසකදී ය.

ඩු විභගයෙහි දී නාදන් කියා සිටියේ තමා විසින් දේශපාලන රැකවරණ ඉල්ලීමේ දී කරන ලද ප්‍රකාශය වැරදියට පරිවර්ථනය කර ඇති බවය. අධිකරණය එය අදහස පිළිගත්තේ නැත.

ශ්‍රී ලංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.

Archive

Latest news

Related news