Saturday, May 4, 2024

ලොව ජනගහණයෙන් සියයට 01ක් ඉතිරි බිලියන 4.9 ජනයාට වඩා ධනයක් රැස් කරගෙන!

ජායාරූපය: ලොව මහම ධනකුවේරයන් පස්දෙනා.

අද ලෝකයේ ජීවත්වන ධනවත්ම සියයට 01 සතුව අනෙක් සියයට 99ට ම වඩා වත්කමක් කේන්ද්‍රගතව ඇතැයි ඔක්ස්ෆෑම් සංවිධානය පවසයි.

මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස්හි පැවැත්වෙන ජගත් ආර්තික සමුළුව නිමිත්තෙන් නිකුත් කරන ලද සිය වාර්තාවෙහි ඔක්ස්ෆෑම් ඒ බව සදහන් කරයි.

එය කියා සිටන්නේ ලෝකයේ ආණ්ඩු සිපිරි ධනපතියන්ගෙන් සාපේක්ෂකව ඉතාම අඩුවෙන් බදු අය කරමින් පොදු සේවා සඳහා අඩුවෙන් මුදල් වැය කරන බවයි.

Time to Careනමින් නම් කර ඇති එම වාර්තාව ස්ත්‍රීපුරුෂබාවය මත පදනම් වූ ආර්ථික අසමානතාවයන් ඉස්මතු කරමින් කියා සිටින්නේ ගැහැණු ළමයින් සහ ස්ත්‍රීන්ට බලාකියා ගැනීමේ වැඩි වගකීමක් ද අවම ආර්ථික අවස්ථා ද ඇති බවයි. 2,153 වන ලෝකයේ බිලියනපතියන් බිලයන 4.9ක්වන ඉතිරි ජනයාට වැඩි ධනයක් රැස්කර ගැනීමෙන් ලෝකයේ අසමානතාවය පාලනයක් නැති තත්වයට පත්ව ඇතැයි ද එය කියා සිටී.

අපේ කැඩී බිදී ගිය ආර්ථිකයන් සාමාන්‍ය ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ වියදමින් බිලියනපතියන්ගේ සහ මහා සමාගම්හි සාක්කු පුරවමින් සිටන්නේ යැයි’ වාාව සඳහන් කරයි.

පසුගිය දශකය තුළ පමණක් ලෝකයේ ධනවත්ම මිනිසුන් තිදෙනා ඩොලර් බිලියන 231ක් උපයා ගත් බව බූල්ම්බර්ග් Bloomberg ආයතනය සඳහන් කරයි. ෆේස් බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන මාර්ක් සකබර්ග් ඩොලර් බිලියන 6ක් උපයා ගනිමින් පසුගිය වසරෙහි වැඩිම ආදායම්ලාභියා බවට පත් විය. ඔහු ලොව පස්වැනි ධනකුවේරයා ය. ඇමේසන් අධිපති ජේප් බෙසොස් Jeff Bezos ඩොල්ර් මිලියන 116ක් හිමි ලොව අංක එකේ ධන කුවේරයා ය.

බ්ලූම්බර්ග් සමීක්ෂනයන් පෙන්වා දෙන්නේ ලොව ප්‍රධානතම ධන කුවේර බිලියනපතියන් 20 දෙනා 2012 සිට ‌‌‌මේ වන විට සිය ධනය දෙගුණයකින් වැඩි කරගෙන ඇති බව යි.

ඊජිප්තුවෙහි පිරමිඩ ගොඩනඟන ලද දිනයේ සිට කවර හෝ පුද්ගලයෙක් දිනකට ඩොලර් 10,000 බැගින් තැන්පත් කළ ද අද වන විට ඔහු/ඇය සතුවනු ඇත්තේ ලෝකයේ ප්‍රධානතම ධනකුවේරයන් පස් දෙනාගේ ධනයෙන් පහෙන් එකක් පමණි’ යැයි නිදසුනක් දෙමින් ඔක්ස්ෆැම් පෙන්වා දෙයි.

ලෝකයේ පවතින මෙම අසමානතාවය ආන්තික දුගී බාවය දුරලීමට මහත් බාධාවක් වන බව පෙන්වා දෙන එම වාර්තාව කියන්නේ ලොව රටවල් මෙම අසමානතාවය වාර්ශිකව සියට 01කින් අඩු කරන්නේ නම් 2030 වසර වන විට මිලියන 100ක් ජනයා ආන්තික දුගීබාවයෙන් මුදවා ගත හැකි බවයි.

2015 වසරෙහි දී ලෝකයේ මිලියන 736ක් ජනයා ආන්තික දුගීබාවයෙහි ගැලී සිටි බව ලෝක බැංකුව කියයි. ඉන් අඩක්ම ජීවත් වුයේ අර්ධ සරහා මහද්වීපයෙහි ය.

ලොව අද පවතින එකම ආර්ථික මාදිලිය ධනවාදය යි. ධනවාදය පදනම් වන්නේම වැඩකරන ජනයාගේ ධනය මගින් නිපදවන අතිරික්ත ආදායම නිශ්පාදන මාර්ග හිමියන් අත ඒකරාශි කිරීම මතය.

වත්මන් ලෝකයෙහි පවත්නා ධනවාදී ක්‍රම අතර විවිධ ප්‍රභේදයන් පවතී. යම් යම් රටවල් තරමක් දුරට සමාජ සාධාරණත්වය ලබා දෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කරති. මේ අතින් ඉහලින්ම සිටින්නේ ස්කැන්ඩිනේවියානු රටවල් ය.

සමාජවාදී නමින් පවතින චීනයේ සිට වියට්නාමය දක්වා පවතින්නේ රාජ්‍ය ධනවාදය යි. එවැනි රටවල ද සමාජ අසමානතාවය අති විශාල ය. සමාජවාදී රටවල් දේශපාලන අතින් අසාර්ථකව ගොස් රාජ්‍ය ධනවාදයට මඟපේ ඇති තත්වයක් යටතෙහි අද ලෝකයෙහි සමාජ සාධාරණත්වය සම් දුරකට හෝ සහතික කරනු ලබන්නේ සමාජ සුභ සාධනය සඳහා රාජ්‍ය වඩ වඩා මැදිහත්වන ඉහළ ආදායම්ලාභීන්ගෙන් සියයට 40-50ක් තරම් බදු අය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ද ධනවාදි ආර්ථික ක්‍රමයක් ද ඇති රටවල පමණි. 

 

(c) SLB

 

 

 

 

 

Archive

Latest news

Related news