Thursday, May 2, 2024

හිටපු අගමැති නිසා මටත් වරප්‍රසාද දෙන්නැයි රනිල් ගෝටාගෙන් ඉල්ලයි!

තමා හිටපු අගමැතිවරයා වන බැවින් තමාට සුවිශේෂ වරපුසාද ලබා දෙන්නැයි ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමිින් ඉල්ලා සිට ඇති බව වාර්තාවේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයට පත්වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහට සිදුව ඇත්තේ නිකම්ම නිකම් මංත්‍රීවරයකුලෙස කටයුතු කිරීමට ය.

පසුගිය වසර 25ම පුරා ඔහු අගමැති වශයෙන් කටයුතු කළ වසර 6යක් හැරුණ විට වසර 19ක්ම විපක්ෂ නායක වරප්‍රසාද සියල්ල භුක්ති වින්දේ ය. නමුත් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වය දැරූ කාලය පුරම සිදුව ඇත්තේ එජාපයේ ජන්ද පදනම දියවී යෑමයි. මෙම කාලය පුරාම ඔහු පක්ෂයේ තනතුරු ලබාදුන්නේ සිය පුද්ගලික සගයන්ට ය. ඊට හොදම උදාහරණය නම් අකිල විරාජ් කාරිියවසම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් පත් කර ගැනීමය.

දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් රනිල් වික්‍රමසිංහ  මින් පෙර කිසිදු අගමැතිවරයකු නෙකළ අන්දමන් තමාට විශේෂ වරප්‍රසාද දෙන්නැයි ඉල්ලා තිබේ. මේ බව වාර්තා කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙස සැළකෙන දෙරණ ටීවී අධිපති දිලිත් ජයවීර විසින් ආරම්භ කරන ලද මෝර්නින් නම් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතෙහි ය.

මෙම ලිපිය මගින් තමාට කාර්ය මණ්ඩලයක් සහිත අංගසම්පූර්ණ කාර්යාලයක්, ඒ සඳහා කාර්ය මණ්ඩළයක්, නිල නිවාසයක්, විශේෂ ආරක්ෂාවක් සහ මාසික දීමනාවක් ගෙවන ලෙස ඉල්ලා ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.  මෙරට පෙර කිසිදු හිටපු අගමැතිවරයකුට මෙවැනි වරදාන ලබා දී නැත.

දේශපාලනඥයින්ට ලැබෙන වරදාන නැති කිරීම 2015 යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් ද විය. දැන් වික්‍රමසිංහට ‍එම පොරෙන්දුව අමතක වී තිබේ.

 

 

 

 

Archive

Latest news

Related news