Thursday, July 18, 2024

දුරකථන සංවාද රහසින් පටිගතකිරීම අපරාධමය වරදක්; රාමනායකට සහ ඒවා ප්‍රචාරය කළ මාධ්‍යයට නඩු පැවරිය හැකියි – නීතිඥ අචලා සෙනවිරත්න

රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අපහසුතාවයට පත් අයට  රන්ජන්ට විරුද්ධව සහ ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන වලට එරෙහිව සිවිල් සහ අපරාධ නඩු පැවරිය හැකි බව නීතිඥ අචලා සෙනවිරත්න පවසයි.

යම් කිසි පුද්ලයෙක් තවත් අයකු හා කරන දුරකතන සංවාදයක් අනවසරයෙන්  පටිගත කර තෙවන පාර්ශවයක් වෙත මුදා හැරීම අපරාධමය වරදක් මෙන්ම සිවිල් වරදක් ද වන බවත් ඇය  නීතිඥ අචලා සෙනවිරත්න ප්‍රකාශ කරයි. එමෙන්ම එළෙස රහසිගතව පටි ගත කරන ලද ප්‍රකාශයක් වෙනත් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් එම පාර්ශවය කරන්නේ ද නීතිමය වරදක් බව ඇය ප්‍රකාශ කරයි.

එවැනි අවස්ථාවක දී අගතියට පත් පාර්ශයට පට්ගත කරන ලද පුද්ගලායාගෙන් මෙන්ම ප්‍රකාශයට පත් කරන ලද පුද්ගලයාගෙන්ද වන්දි ලබා ගැනීමේ අයිතියක් සහ හැකියාවක් පවතින බව ද ඇය කියා සිටී.

දුරකථන සංවාදයක් යනු පුද්ගලික කාරණාවකි. එවැන්නක් පටිගත කිරිමත් මහජනයා වෙක කවර ආකාරයකින් හෝ බෙදා හැරීමත් අපරාධමය වරදකි. පුද්ලගික කාරණාවක් ප්‍රසිද්ධ කාරණාවක් බවට පැමිණ වීම නිදහසට බාධාවකි. එමගින් සිය කීර්තානාමයට හානි වන තැනැත්තන් හට වන්දි ලබා ගැනීමේ හැකියාව තිබේ.

පුද්ගලික දුරකථන ඇමැතුම් අධිකරණමය නියෝගයකින් තොරව ලබා ගැනීමට පොලීසියට හෝ හැකියාවක් නැත.

එසේ නමුත් මෙරට දී නම් රංජන් විවිධ පුද්ගලයින් සමඟ කරන ලද අතිශය පුද්ගලික කතා බව අඩංඟු පටිගත කිරීම් සමාජයට මුදා හරිමින් සිටින්නේ වත්මන් ආණ්ඩුවවේ ප්‍රබලයින් විසින් මෙහෙයවන වෙඩ් අඩවි සම සමාජ ජාල විසිනි. සංහල බෞද්ධකම ගැන ලොකුවට කතා කරන දිවයින පුවත්පත පසු ගිය සති අන්තයෙහි එවැනි අතිශය පුද්ගලික කතාබහක් වචනයෙන් වචනය ලියා පළ කර තිබුණි. ජනාධිපතිවරණයට දිනක් තබා ගෝඨාභය රාපක්පක්ෂගේ විශේෂ සාකච්ජාවක් අන්තර් ජාලයට මුදාහළ ඉරාජ් නම් ගායකයාගේ සමාජ ජාල ද ඒ අතර වේ.

මේ සම්මීබන්ධයෙන් සටහනක් තබන ලංකා ඊ නිව්ස් පෙන්වා දෙන්නේ එංගලන්තයේ ප්‍රකට මාධ්‍ය ව්‍යාපාරික පවුලක් වන මර්ඩොක් පවුලට අයත් පුවත් පතක් වූ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’ පුවත් පත පුවත් ලබා  ගැනීම සඳහා ඉහත ආකාරයට දුරකථන ඇමැතුම් හොරෙන් පටිගත කර හසුවීම හේතුවෙන් එකී පුවත් පත වසා දැමීමට අධිකරණය නියෝග කල බවයි.  එහි කතුවරුන්ට වාර්තා කරුවන්ට හිරේ ලැගීමට සිදුවිය. වසා දමන විටත් පුවත් පතට මිලියනයකට වඩා වැඩි අලෙවියක් තිබිණ. වඩාත් වැදගත් දේ 2011 දී එය වසා දැමීමට නියෝග කරන විට එය වර්ෂ 168 ක් තිස්සේ (1843 සිට) ප්‍රකාශයට පත් කර තිබීමයි.

එංගලන්තයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැත.

නීතිඥ අචලා සෙනවිරත්නගේ ප්‍රකාශය පහත පළවේ.

 

 

 

 

 

Archive

Latest news

Related news