Saturday, April 20, 2024

ගෙල කපා දෙමළ ජාතිකයින් 08 දෙනෙකු ඝාතන නඩුවේ වරදකරුට ජනාධිපති සමාව?

මිරිසවිල් ඝාතකයා බවට අධිකරණය තීන්දු කළ සුනිල් රත්නායක නිදහස් කරයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී අජිත් පෙරේරාට අනුව 2000 වර්ෂයේ දෙසැම්බර් 19වන යාපනයේ මිරිසවිල්හිදී දෙමළ ජාතිකයින් හය දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම නිසා සිර ගත කරන ලද හිටපු යුද හමුදා සෙබළ සුනිල් රත්නායකට සමාව දී නිදහස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.. ජනාධිපතිවරණයෙහි දී පොරොන්දු වූ පරිදි ක්‍රියා කිරීම ගැන තමා ගෝඨාභයට ස්තුතිවන්ත වන බවත් ඔහු ප්‍රකාශ කරයි. අජිත් පෙරේරාගේ ප්‍රකාශය ඩේලි මිරර් පුවත්පත විසින් මෙසේ වාර්තා කර තිබුණි. 


2000 වර්ෂයේ දෙසැම්බර් 19වන දින සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අභ්‍යන්තර අවතැන්වීමට ලක්වූ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ දෙසැම්බර් 20 වන දින සමූලඝාතනය කළ බව කියනු ලැබේ. මෙම සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත පැමිණ සිටියේ උඩිප්පිටි සිට ය. ඔවුන් සියළුදෙනා ශ්‍රී ලංකා හමුදාවෙහි යැයි සැක කෙරෙන සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානය කොට තිබූ බවට චෝදනා එල්ල විය.

සිය පැරණි දේපල නිරික්ෂණය කිරීම සඳහා පැමිණීමට පෙරාතුව මෙම සරණාගත පිරිස විසින් ප්‍රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූණි.

දිස්ත්‍රික් වෙෙද්‍ය නිළදාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්‍ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබුණි. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකුද විය. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත සමාජයේ අවධානය යොමු විය.

අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ ශ්‍රී ලංකා හමුදා සෙබළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එකළ බලයේ සිටියේ මහාන්ද රාජපක්ෂ ආණ්ඩුව යි.

සිදුවීමට සම්බන්ධව මුලදී ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය,චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කෙරුණි. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය පැවැත්විණි.

වසර 13ක් තිස්සේ විභාගයට ගැණුනු නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කරන ලදී.

මෙම සිද්ධියේ දී අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට වත්මන් ආණ්ඩුවේ උදව්කරුවකු වන ඩග්ස් දේවානන්දා නායකත්වය දෙන .පී.ඩී.පී. සංවිධානයේ සහාය ද ලබා ගත්තේ ය. මෙම සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් ඊපීඩීපී ය එක්ව සිටියේ ය.

වරදකරු වූ සුනිල් රත්නායක රණවිරුවකු යැයි සඳහන් කරමින් ඔහු නිදහස් කරන ලෙස සිංහල ජාතිකවාදී පිරිස් උද්ඝෝෂනයන්හි නිරත වූ අතර රාජපත්ෂවාදී පුවත් පත් සමූහයක් වන උපාලි ආයතනය හා දිවයින පුවත්පත එහිලා ප්‍රමුඛ කාරියක් ඉටු කරන ලදී.

එළෙස මරා දමන ලද දෙමළ ජාතිකයින් මෙසේ ය:

කතීරන් ඥණචන්ද්‍රන් (35)

ඥණචන්ද්‍රන් සාන්තන්

බස්කර ඥාණබාස්කරන් (19)

සෙල්වමුත්තු තයිවකුලසිංහම් (31)

විල්වාරාජා ප්‍රදීපන් (15)

සින්නයියා විල්වරාජා (41)

නඩේසු ජයචන්ද්‍රන් (21)

විල්වාරාජා ප්‍රසාත් (05)

Archive

Latest news

Related news