Monday, May 20, 2024

රාජපක්ෂ ගජමිතුරු සාජ්ජය රජයේ වියදමින් ම ඇරඹේ!

රාජපක්ෂවරුන් සිය සුපුරුදු පවුල්-ගජ මිතුරු දේශපාලනයට යළිත් වරක් පණ දෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී දෙසා බෑ විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදය දැන් රාජපක්ෂ වළව්වේ පෑළ දොරින් පලා ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්තෂ සිය පාසල් මිතුරා සහ ලොස් ඇන්ජලීස් අසල්වැසි ගජ මිතුරු මල්රාජ් ද සිල්වා ටද  සහ මහින්ද රාජපක්සගේ හිතවතියක වන හිටපු ශ්‍රේෂ්ථාධිකරණ විනිසුරු ඉවා වනසුන්දර ද තානාපති තනතුරු සේවයට පත්ප කර තිබේ. .

ඉවා වනසුන්දර  පත්කර ඇත්තේ ප්‍රංශයේ සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ය. මේ අතර ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙසට පත් කිරීමට දරදිය ඇදි සිංහල බෞද්ධ අනිතවාදී ප්‍රචාරකයකු වන නලින්ද සිල්වා මියන්මාරයේ ඔ්‍රී ලංකා තානාපති ලෙස පත් කර තිබේ.

2015ට පෙර තානිපති සේවය පිරී තිබුණේ රාජපක්ෂවාදී පිරිස්වලිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ගුවන් ගමන් නියෝජිතයා වූ ලොස් ඇන්ජලීස් වැසියකු වන උපුල් ධර්මදාස  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති වරයා ලෙස පත්කර ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය  වන තිලක් වීරසිංහ සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ඩිඩ්රේ ද ලිවේරා‍ෙ ගුවන් තොටුපොල සේවා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වරුන් ලෙස පත්කර ඇතැයි ද වාර්තා වේ.

මීට අමතරව පසුගිය කාලයෙහි රාජපක්ෂවරුන් හා ඉතා සමීපව කටයුතු කළ පොලිස් සේවය පිහිරීමට ලක් කල බවට චෝදනා ලත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසමෙහි සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

මෙම විශේෂ ජනාධිපති කොමිසමට එය විසින් වරදකරුවන් බවට පත් කරන පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය පැවරේ.

Archive

Latest news

Related news