Thursday, July 18, 2024

‘මේක හම්බන්තොට උසාවිය” යැයි නීතිඥවරයෙක් අධිකරණයේදීම තර්ජනය කරයි!

ජායාරූපය: වීදියේ විරෝධය කොලඹ පැවැත් වූ විරෝධතාවයක්ග ජූලි 2015. (c)s.deshapriya

2014 දෙසැම්බර් 21 දා ‘වීදියේ විරෝධය’ වැඩ සටහනට සහභාගිවීමට හම්බන්තොට නගරයට පැමිණි සංස්කෘතික කණ්ඩායමකට එල්ල කළ මැර ප්‍රහාරය පිළිබද නඩුව අද එනම් 2020 ජනවාරි 08 දා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී විභාගයට ගත් අවස්ථාවෙහි දී ‘මේක හම්බන්තොට උසාවිය’ යැයි එක් නීතිවේදියකු විසින් තර්ජනයක් කළ බව වාර්තා වේ.

මෙම නඩුවෙහි එක් පැමිණිලිකරුවකු වන විකල්ප වෙබි අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් සමඟ ඔහු වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටීම පිනිස කොළ සිට නීිතිඥ සේනක පෙරේරා එහි පැමිණ සිටියේ ය. ‍එම නඩුව කැඳවන ලද අවස්ථාවෙහි දී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි සියලුම නීතිඥයින් සැකකාර එරාජ ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින බව කියා නැගී සිටියහ.

2014 වසරේදී මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ගිනි අවියක් පෙන්වා පහරදීමට තැත් කිරීම (හම්බන්තොට නගරාධිපති වූ) එරාජ් ප්‍රනාන්දු වසර 5 ක සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විසින් 2019 අගෝස්තු 02 දින නියම කරන ලදී. ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය නිසා දැන් ඔහුට ඇප ලැබී තිබේ.

වීදියේ විරෝධය’ කණ්ඩායමට පහර දුන් අවස්ථාවෙහි ගිනිඅවි ද ප්‍රහාරකයින් අත තිබූ බව පැමිණිළිකරුවන් විසින් සඳහන් කර ඇති නමුත් හම්බන්තොට පොලීසිය මෙම නඩුව පවරා ඇත්තේ සුලු අපරාධයක් ලෙසනි. එහි සිටි නීතිඥයකු ‍’මේක හම්බන්තොට උසාවිය’ බවට තර්ජනාත්මකව පවසන ලද්දේ  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා එම කරුණ සඳහන් කරන ලද අවස්ථාවෙහි දී ය . විනිසුරුවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

එරජ් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිස ‘වීදියේ විරෝධය’ කණඩායමට පහර දුන් අවස්ථාවෙහි ද ‘ මේක හම්බන්තොට’ යැයි තර්ජනය කළ බව සමපත් සමරකෝන් එම පහරදීමෙන් දින කිහිපයකට පසු ප්‍රකාශ කළේ ය. ග්‍රවුන්ඩ් විවිස් වෙබ් අඩවියට කරන ලද එම ප්‍රකාශය පහත දිගුවෙන් සවන් දිය හැකි ය.

https://soundcloud.com/cpasrilanka/interview-with-sampath-samarakoon

මෙම නඩුව ජුලි මස 7 වන දින දක්වා කල් තබන ලදී.

Archive

Latest news

Related news