Wednesday, April 24, 2024

අක්‍රමිකතා චෝදනා එල්ල වූ භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය ලේකම් ධූරයට

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස භද්‍රානි ජයවර්ධන පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම කර ඇත.

රජයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015 මහමැතිවරණයෙන් පසු බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර තිබුණි.

ඒ අතර ඇයට එරෙහිව චෝදනා හතරක් යටතේ රාජ්‍ය සේවා කොමිසමේ පරීක්ෂණ ආරම්භ කරතිබුණි. රාජපක්ෂ පාලනය යටතේ කොළඹ නගර සභාවේ සිදුවූ අක්‍රමිකතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැක. කොමසාරිස් ධූරය දැරූ කාලයේ එකවර නිල නිවාස තුනක් පරිහරණය කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය. එසේම භද්‍රානි ජයවර්ධන කොමසාරිස් ධූරය දරන ලද කාලයේ මීතොටමුල්ල කුණුකන්ද, බ්ලු මැන්ඩල් කුණු කන්ද පවත්වාගෙන යාමේදී කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකරනු ලැබීම සහ විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධ ව්‍යාපෘති කොන්ත්‍රාත් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන වාර්තා විය.

-lankaviews

Archive

Latest news

Related news