Monday, May 20, 2024

සරත් පොන්සේකාට අත්වූ ඉරණම මඟහැරීමට මහේෂ් සේනානායක විදෙස් ගතවෙයි!

පසුගිය ජනාධිපතිවරණයට තරඟ කල හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය පවුලම සමගින් ඩුබායි බලා පිටව ගොස්‌ ඇති බව වාර්තාවේ.

2010 රාජපක්ෂ ආණ්ඩුව ඔහු යුද හමුදාවෙන් අනීවාර්ය නිවාඩු යවන ලද අතර ඉන් පසු ඔහු  ඩුබායිහි ඇමරිකානු සමාගමක  රැකියාවක් ලබා ගත්තේ ය. 2015 යහපාලන ආණ්ඩුව ඔහු යළි සේවයේ පිහිටුවන ලද අතර 2019 වර්ශයේ දී යුද හමුදාපති බවට පත් විය. රාජපක්ෂ ආණ්ඩුව ඔහු හමුදාවෙන් ඉවත් කරන ලද්දේ  යුද සමයෙහි යුද හමුදාපති වූ සහ 2010 ජනාධිපතිවරණයෙහි පොදු අපේක්ෂනයා වූ සරත් පොන්සේකාට හිතවත් නිලධාරියකු ලෙස සළකමිනි.

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා අත්අඩං ගුවට ගෙන යුද අධිකරණයකි මගින් වරදකරු කරන ලද්දේ යුද හමුදාවෙන් ඉවත්ව මාස හයක් යෑමට ප්‍රථම දේශපාලනයට පැමිණියේ ය යන චෝදනාව මතය.

මේජර් ජෙනරාල් සේනානායක මහතා 2017 මාර්තු 22 වන දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 4 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ හමුදාපති ලෙස උසස් කරන ලදී. ඔහුගේ අදහසට තුළ හමුදාව තුළ, අවස්ථා ගණනාවකදී රැලිකර යොදවා තිබූ සිවිල් බලධාරීන්ගේ ආධාර හදිසි නීතිය ද ප්රතිඵලයක් ලෙස ප්රකාශයට පත් කරන ලදි විට 2018 මුස්ලිම්-විරෝධී කැරලි සහ 2019 පාස්කු බෝම්බ ප්රහාර පාලනය යටතේ පවතින ආරක්ෂක තත්ත්වය ගෙන. 2019 අගෝස්තු 21 වන දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය. ඔහුගෙන් පසුව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් විය. (විකි පීඩියා)

එම චෝදනාව මත සහ  පසුගිය පාස්‌කු ඉරිදා ප්‍රහාරයට අදාළව නිසි පියවර නොගක් බවට චෝදනා කොට මහේශ් සේනානායක ද අත්අඩං ගුවට ගැනීමට සැළසුමක් තිබුණේ යැයි තතුදත් අංශ වාර්තා කරයි. සරත් පොන්සේකා සිරගත කළ පරිදිම මහේශ් සේනානායක ද සිරගත කිරීමට ඉඩ තිබු බව ද විචාරයෝ පෙන්වා දෙති. ඔහු මැතිවරණයට ඉදිරිපත්වූයේ හමුදාපතිධුරයෙන් ඉවත් වී මාස හතරක් තුළය.

 

Archive

Latest news

Related news