Friday, March 29, 2024

අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර

අත් අඩංඟවට ගන්නා හිටපු ඇමැතිවරුන් යැවිය යුත්තේ කුමන අන්දමේ ස්ථානවලටදැයි ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහණ ඇමැතිවරයා වන මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

ඔහුට අනුව ඔවුන් යැවිය යුත්තේ මෙලොව අපාය වැනි ස්ථානවලට ය.

උදාහරණයක් දෙමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයට බවයි.

ඔහුට අනුව මෙම වාව්කාගාර මෙලොව අපායවල් වැනි ය. ඒවායේ වැසිකිළි උතුරා යන තරම් අපිරිසිදු ය. අදුරු ය. හරියට බිම්ගෙවල් වැනි ය. කිසිදු වාතාශ්‍රයක් නැත.

පාර්ලිමේන්තුවෙහි තමන් සමඟ එකට කතා බහ කරන ඊටත් වඩා වසර ගණනාවක් එකම අමාත්‍ය මණ්ඩලයේ සිටි පාර්ලිමේන්තු මංත්‍රීවරුන් එවැනි ස්ථාන වල රදවා තැබිය යුතු යැයි කීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පළිගැනීමේ දුෂ්ඨ චේතනාව එළියට පැන තිබේ.

අත්අඩංඟවට පත් වන කවරකුට වුවත් ශිෂ්ඨාචාර ලෙස සැළකීම  සිරිසේනගේ හොඳම ගෝලයකු වන මහින්ද අමරවීරට අමතකව තිබෙන  බව පෙනේ.

මෙයට අමතරව දිවයින පුවත්පතෙහි කුලී ලියන්කු වන ජනමාධ්‍යය මෙලේ හසරක් නොදන්නා සමන් ගමගේ නැමැති නැමැත්තා කියා තිබුණේ අත්අඩංඟවට ගත් චම්පික රණවක වැලිකට සිරගෙදර කාන්තා වාට්ටුවට යැවිය යුතු බවයි. ඔහුට මෙසේ ලිය යි.

‘ පාඨලී උපාසකට තිබී ඇත්තේ එසේ මෙසේ අමාරුවක් නොවේ. එම   තත්ත්වය සුව කිරීමට නම් කළ යුතු එක් දෙයක් ඇත. එය වන්නේ දැනට වැලිකඩ බෝඩිමේ ‘එම්’ වාට්ටුවේ සිටින පාඨලී උපාසකව සමස්ත සමාජයේ ආරක්‍ෂාව සඳහා එහි එක් තාප්පයකට එපිටින් ඇති වැලිකඩ කාන්තා අංශයට මාරු කර යැවීමය.

එහිදී ස්තී‍්‍රත්වයේ අගය දන්නා වැලිකඩ සිටින බොහෝ චණ්ඩි අක්කලා සමූහ වශයෙන් එක්ව පාඨලී උපාසකට හොඳින් සලකනු ඇත. පාඨලී උපාසක යනු එවන් සැළකිල්ලකට ඉතාම සුදුසු අයකු බව අද පැහැදිලි වී තිබෙන කරැණකි.’

ශ්‍රී ලංකාවේ ජඩ මාධ්‍යවේදය සහ පළිගැනීමේ දේශපාලනය අතර එතරම් වෙනසක් නැත.

 

 

Archive

Latest news

Related news