Monday, May 20, 2024

එන්ජී ඕ පාලනයට නව නීති ‌ගෙනඑන බව රාජපක්ෂවාදී වෙබ් අඩවියක් කියයි.

එන්ජී ඕ පාලනයට නව නීති .

ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු කරන බව කියමින් විදේශ රටවල් වලින් විවිධ මුදල් ආධාර ලබා ගෙන මෙරට දේශපාලන ආර්ථික හා සමාජ පරිසරය අවුල් කිරීමට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වලට වැට බැඳීමට ආණ්ඩුව තීරණය කර තිබේ .

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහාම නිර්මානය කරන ලද වෙබ් අඩවියක් වන ලංකා අයි විට්නස් වාර්තාවත් පළ කරමින් රාජ්‍ය නොව සංවිධාන පාලනය කිරීමට ආණ්ඩුව නවනීති ගෙනඑන බව සඳහන් කරයි.

එම වාර්තාව පහත සඳහන් වේ.

එන්ජී ඕ පාලනයට නව නීති.

මෙහි මුල් පියවර වශයෙන් මේ සතියේ රජය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කිසිඳු රාජ්‍ය නොවන ආයතනයකට විදේශීය රටවල් සමඟ ගිවිසුම් ගසා සෘජුව මුදල් ලබා ගැනීමේ අයිතිය අහෝසි කළේ ය .පසුගිය කාලයේ මෙලෙස විදේශ රටවලින් ආධාර ලබා ගත් රාජ්‍ය නොවන සංවිධාන ඒවා මහජන සේවා සඳහා කැප කරන්නේ නැතිව දේශපාලනය ඇතුළු සමාජයේ විවිධ වෙනත් කටයුතු සඳහා වැය කිරීම නිසා මෙම තීරණයට එළඹි බව රජය පවසයි .

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක මෙහෙය වීමෙනි .ඔවුනට ඒ සඳහා මුදල් ආධාර ලැබුණේ කවර රටවලින් දැයි මේ වන විටත් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ .සමාජ සේවා කටයුතු වලට යැයි කියමින් යුරෝපා රටවලින් මුදල් ආධාර ලබාගෙන එම අරමුදල් දේශපාලනය සඳහා වැය කිරීම නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි . එබැවින් කිසිදු රාජ්‍ය නොවන ආයතනයකට හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකට රජයේ සහ මහ බැංකුවේ අවසරයකින් තොරව සෘජුව විදේශ රටවල් සමඟ ගිවිසුම් ගැසීමත් ඒවා උපයෝගී කොට ගෙන කොට මුදල් ආධාර ලබා ගැනීමත් ජනවාරි පළවෙනිදා සිට තහනම් කර තිබේ .ජාතික ආරක්ෂාව සහ රටේ ජාතික සමගිය පවත්වා ගෙන යෑම සඳහා මෙම තීරණය ගත් බව ආණ්ඩුව ප්‍රකාශ කරයි .

Archive

Latest news

Related news