Monday, May 20, 2024

තානාපති කාර්යාලීය සේවිකාව පිළිබඳ ප්‍රශ්ණයෙන් ශ්‍රී ලංකාව නීතියේ පාලනයට ගරු කරන්නේ ද යන්න අවදානමට ලක් වෙනවා – ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව

සිය කාර්ය මණ්ඩල සාමාජිකාවක්, ඇය විසින් ව්‍යාජ පැමිණිල්ලක් කරන ලද්දේ යැයි චෝ්දනා කර අත්අඩංඟුවට ගැනීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුත් සම්බන්ධ පෙඩරල් දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇය සම්බන්ධයෙන් ඉදිරියට කැරෙන ක්‍රියාමාර්ගයන්හි දී ජාතික නීතිය සහ අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන ලෙසත් ඇයගේ පුද්ගලික අයිතීන් සුරකින ලෙසත් එම ප්‍රකාශය මගින් ඉල්ලා සිට . සේවාදායකයා වශයෙන් ව්දේශ කටයුත් දෙපාර්ථමේන්තුව සහ සිවිස් තානාපති කාර්යාලය ඇය වෙනුවෙන් සිය වගකීම දිගටම පවත්වාගෙන යන බව කියන එම ප්‍රකාශය ඇය සහය වීමට හැකි සෑම අයුරකින්ම කටයුතු කරන බවට සහතික වෙයි.

එම ප්‍රකාශය තව දුරටත් මෙසේ සදහන් කරයි:

2019 නොවැම්බරි 25දා ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක ඇය පැහැර ගන්නා ලදැයි ද තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙලිදරව් කරන ලෙස බලකරන ලදැයි ද වාර්තා කළා ය. පසුව ඇතිවූ ක්‍රියාපාරිපාටීන්හිදී ඇය ද ස්විස් තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකා අධිකාරීන් සමඟ සහමුලින්ම සහයොගයෙන කටයුතු කළා ය. නිසි නීති ක්‍රියාමාර්ග අනුගමනය කරන සේ ස්විස් විදේශ කටයුතු දෙපාර්ථමේන්තුව යළි යළි කියා සිටියා ය. ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්වය නොසළකා ඇයව පැය 30ක් ප්‍රශ්ණ කිරීමත් පරීක්ෂන අවසන්වීමට පෙරම ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ නිලධාරීන් ඇයගේ ප්‍රකාශය ගැන ප්‍රශ්ණ මතු කිරිමත් විදේශ කටයුතු පිළිබඳ පෙඩරල් දෙපාර්ථමේන්තුව විසින් විවේචනය කර තිබේ.

සේවාදායකයා වශයෙන් අත් අඩංඟුවට ගත් සිය සේවිකාව සම්බන්ධයෙන් අදාළ නීති යටතේ ඇති වගකීම් ඉටුකරන ලෙසත් ඇයගේ දුබල සෞඛ්‍ය තත්වය ගැන සළකා බලන ලෙසත් විදේශ කටයුතු දෙපාර්ථමේන්තුව ඉල්ලා සිටී. මහත් ප්‍රසිද්ධියක් ලැබ ඇති මෙම කාරණයෙහි දී ශ්‍රී ලංකාව නීතියේ පාලනයට ගරුකරන රටක් ලෙස ඇති පිළිගැනීම අවදානමක් හමුවේ ඇති බව ස්විස්ටර්ලන්තය අවධාරණය කරයි. විදේශ කටයුතු දෙපාර්ථමෙින්තුව සහ කොළඹ ස්විස් තානාපති කාර්යාලය සිය සේවිකාවට හැකිතාක් දුරටම සහය ලබා දෙනවා ඇත.

මෙම ආරක්ෂක සිදුවීම සම්බන්ධයෙන් පොදු සහ කාර්යසාධක මාර්ගයක් තමන් සොයා බලමින් සිටින බව විදේශ කටයුතු දෙපාර්ථමේන්තුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට නැවන නැවත දන්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ මුහුණට මුහුණලා පැවැති සාකච්ජාවෙහිදී ද කොළඹ ස්විස් තානාපතිවරයා මේ බව යළි අවධාරණය කළේ ය.

මුල් ඉංග්‍රිසි ප්‍රකාශනයේ දළ පරිවර්ථනයකි.

Archive

Latest news

Related news