Monday, May 6, 2024

රජයේ දස ප්‍රතිපදා ජාතික ප්‍රතිපත්ති රාමුව එළි දැක්වේ; ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හෝ සංහිදියාව සඳහන් නොවේ.

වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර එහි මූලික අරමුණු ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණ ගරුක, විනය ගරුක සාධාරණ සමාජයක්, සහ සෞභ්‍යගමත් දේශයක් යන චතු්ධ අරමුණූ ළගා කර ගැනීම බව එහි දක්වා තිබේ.

ආරක්ෂක හමුදාවන්ට ලබා දෙන සහන ගණනාවක්ම එහි සදහන් වෙයි.

මෙම ප්‍රතිපත්ති සැළසුමෙහි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය හෝ ජාතික සංහිදියාව ගැන කිසිවක් සඳහන් නොවේ. ‍තවද ජනමාධ්‍ය යන අංකය යටතේ ජනමාධ්‍ය නිදහස ගැන කිසිදු සඳහනක් නැත.

ආගම යන කොටස යටතේ දරුවන් බුදු සසුනෙහි මහණ ීරීමට බාර දෙන දෙමාපියන්ට විශේෂ පහසුකම් සළසන බව දක්වා තිබේ. දුෂ්කර පලාත්හි ‌බෞද්ධ පන්සල් දියුනු කිරිමට ආදාර කරන බවත් සදහන් ය.

එමෙන්ම බැදුම්කර වංචාව සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමත් ප්‍රධාන පෙළේ මුල්‍ය වංචා 20ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමත් ගනු ලබන පිියවරයන් ලෙස එහි දක්වා තිබේ.

මැතිවරණ ආශ්‍රිත වියදම් පාලනය සදහා නීති පැනවීමත් මැතිවරණ නීති උල්ලංගනයවීම් වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සදහා මැතිවරණ කොමිසමට බලය දීම ද දක්වා තිබේ.

ත්‍රස්තවාදය හා සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ සියළු දෙනාට මාස තුනක කාලයක් අධි චෝදනා ගොනු කිරීමට හෝ මාස 3ක්තුල නිදිහස් කිරීමට හෝ පියවරගැනීම ද දක්වා තිබේ.

සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශණය පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න.Final 10 key polociesSinhalaFV

Archive

Latest news

Related news