Wednesday, May 8, 2024

ගෝටා යුදවාදී බිත්ති චිත්‍ර දිරිමත් කර ස්විස් තානාපති කාර්යාල නිලධාරීනිය ගැන මාධ්‍ය ආවරණය පසසයි.

ඡායාරූපය: රාජගිරිය පාලම යට මගී ආරක්ෂක කහ සහ කලු ඉරි මකා ඇඳ ඇති දසමහා යෝධයෝ.

රට පුරා ගින්නක් සේ පැතිර යන පිළිවෙළක් නැති යුද්ධ වීරත්ව බිත්ති චිත්‍ර රටට ආදරය කරන තරුණ පිරිස් අතුරින් මතු වූ නිරිමාණහීලී වියාපාරයක් බව පවසන ජනාධිපති රාජපක්ෂ එම තරුණ පිරිස් දිරි ගැන්වීම ගැන ජනමාධ්‍යට ස්තුති කරයි.

මෙතෙත් කළක් උතුරෙහි පමණක් තිබූ සිංහල යුද්ධ වීරත්ව දර්ශණයක් දැන් රට දකුණු බද ශ්‍රී ලංකාවේ බිත්ති පුරා අදිනු ලැබ තිබේ. මෙම සමහර චිත්‍ර ඇද ඇත්තේ මගී ආරක්ෂාව සඳහා කහ සහ කලු ඉරි වලින් සළකුණු කර තිබූ මාර්ග සංඥාද මකා දමමිනි. රාජපක්ෂ ජනාධිපති වශයෙන් දිව්රුම් දූන්නේ රැවන්වැලි සෑය ඉදිරිපිට ය. එම දාගැබ ගොඩ නැගූ බවට ඉතිහාසකරුවන් දක්වන දුටු ගැමුණු සහ ඔහුගේ දසමහා යෝධයන් දැක්වෙන පින්තූර මෙම බිත්ති රෑපවල මුල් තැනක් ගෙන තිබේ.

මෙවැනි අනීතික ක්‍රියා නතර කිරීමට ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත.

පැහැරගෙන ගොස් හිංසා පැමිණවූ බවට පැමිනිළි කළ ස්විස් තානාපති නිලධාරිනිය පිළිබඳ ජනමාධ්‍ය විසින් කරන ලද ආචාර ධර්ම විරෝධී වාර්තාකරනය ද ජනාධිපති රාජපක්ෂගේ ප්‍රසංසාවට හේතු වී තිබේ.

එසේ නමුත් මෙම වාර්තාකරණය හුදෙක් ආචාර ධර්ම විරෝධී පමණක් නොව මෙරට පවතින නීතිය කෙළෙසීමක් බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දී තිබේ. අපරාධ නීති සංග්‍රහයේ 365 බී දරන වගන්තියට අනුව ලිංගික හිරිහැරයකට භාජනය වූ අයකුගේ පින්තුර හෝ හදුනාගත හැකි කවර හෝ තොරතුරක් ප්‍රසිද්ධ කිරීම දෙවසරක සිර දඩුවමක් නියම කළ හැකි වරදකි.

Archive

Latest news

Related news