Friday, April 19, 2024

ගෝටාට විරුද්ධව ඇමෙරිකාවෙහි පැවරූ වධහිංසා නඩුව පසුව දැමීමට යැයි ඉල්ලා අස්කර ගනී.

ඇමරිකා එක්සත් ජනපදයෙහි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මහතාට විරුද්ධව හා පවරා තිබූ වධහිංසා පිළිබඳ නඩුව තාවකාලික  ඉවත් කර ගැනීමට එම නඩුව පැවරූ එකොළොස් දෙනෙකු තීරණය කර තිබේ.

මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ  අපරාධ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපති වීම නිසා ඔහුට ලැබෙන මුක්තිය යටතේ නඩු විභාගය පවත්වා ගෙන යෑමට නොහැකි වනු ඇතැයි යන අදහසයි.

රාජපක්ෂ මහතා සදාකාලිකව ජනාධිපතිධුරයේ රැඳී  නොසිටිනු  ඇති බැවින් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු  මෙම නඩුව යළි පවරන බව අයිටීපීජේ සංවිධානය පවසා තිබේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩුව ඇමරිකා එක්සත් ජනපදයෙහි තවදුරටත් අධිකරණය හමුවෙහි නො පවතිනු ඇත.

එය පවරා තිබුණේ කැලිෆෝනියාවේ දිස්ත්‍රික් උසාවියෙහි වධහිංසා පැමිණීම පිළිබඳ පනත යටතේ ය.  මෙම ඉල්ලා අස්කර ගැනීම  උපායික තීරණයක් යැයි මෙම නඩුව පැවැරීමට මැදිහත්වූ  අයිපීටීජේ සංවිධානය පවසයි.

රාජපක්ෂ සමයෙහි ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය වූ අහිම්සා වික්‍රමසිංහ විසින් කැලිෆෝනියා අධිකරණකදීම පවරන ලද එවැනි නඩුවක් මීට කලින් ධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී. ඊට හේතු වශයෙන් දක්වන ලද්දේ එවකට ආරක්ෂක ඇමැතිවරයා වූ බැවින් ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මුක්තිය   භුක්ති විදින්නේය යන  හේතුවයි. මෙම නඩුව ද එවැනිම හේතුවක් උඩ නිශ්ප්‍රභ වීමට ඉඩ ඇති බැවින් නඩු ඉල්ලා අස්ඇතරගෙන ඇතැයි  විචාරක පිරිස් පවසති.

Archive

Latest news

Related news