Tuesday, July 16, 2024

පැහැර ගත් කීත් ‌‌නොයර් ‌බේරූ දුරකථන පණිවිඩ

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් කරන ලද විමර්ශන වල, විශේෂයෙන්ම කීත් නොයාර් පැහැරගෙන යෑමට අදාළ විමර්ශනයේ තොරතුරු මගින් ඒවාට සම්බන්ධ පුද්ගලයන් කර මුලටම හිර වේ. ඒ ‌මෙසේ ය.

ප්‍රථමයෙන් එවකට ආණුඩුවේ ඇමැතිවරයකු වූ කරු ජයසූරිය ජනාධිපති රාජපක්ෂට දුර කථන ඇමැතුමක් ‌ගෙන ‌‌මෙම පැහැර ගැනීම ගැන දන්වා තිබේ. මෙවැනි දේ සිදුවන ආණ්ඩුවක තමාට සිටිය නෙැහැකි බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තමා ඉවත්වන බවත් ඔහු කියා තිබේ. තමා මේ ගැන වහාම සොයා බලන බැවින් කළබල නොවන ලෙස කියා ඇති ජනාධිපති රාජපක්ෂ වහාම ආක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මේ බව දැනුම් දී තිබේ.

ඉන් පැය කිහිපයකදී පහැරගෙන ‌ගොස් දසවධ දී තිබූ කීත් ‌ ‌නොයර් නිදහස් කරන ලදී. මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කළ නිශාන්ත සිල්වා සොයා ගත් දුරකථන ඇමැතුම් වැළ මෙසේ ය.

01. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ….. දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න භාවිතා කළ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකතනයෙන් රාත‍්‍රී 11.39 ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.

02. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවත්.

03. ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිතා කළ ….. දරන දුරකතනයෙන් රාත‍්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බි‍්‍රගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.

04. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ….. අංක දරන දුරකතනයෙන් ති‍්‍රපෝලි ක`දවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර, ත‍්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)

05. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ති‍්‍රපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්තට දුරකථන ඇමැතුම් ගත් නමුත් එම දුරකථනය විසන්ධි වි තිබි ඇත.

06. අනතුරුව රිමාන්ඩ්භාරයේ සිටින වෙනත් සොල්දාදුවෙකුගේ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේජර් බුලත්වත්තගේ සම්බන්ධ කර ගෙන ඇත්තේ එම දුරකථනය හරහාය. එය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.) මෙම සොල්දාදුවා මේ බව ඔහුගේ ප්‍රකාශයෙහි සඳහන් කර තිබේ.

මේ කරුණු අනාවරණය වීම තර්ජනයකි. ඒවා අනාවරණය කළ පුද්ගලයා තර්ජනයකි. එය තනි මෙහෙයුමක් නොවේ. ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකගේ දායකත්වය ලැබී ඇත. එම නිසා සමස්ත දෙපාර්තමේන්තුව ම ප්‍රතිව්‍යුහගත කරන්නට තීරණය කර තිබේ. එවිට සියල්ල අවසන් ය

ලංකා ඉරිදා පුවත්පතට ශාලික විමලසේන ලියූ ලිපියකින් උපුටා ගන්නා ලදී. යම් යම් කරුණු යාවත් කාලින කර ඇත.

Archive

Latest news

Related news