Saturday, May 4, 2024

අපට ඕන විදිහට පොලිස්කාරයෙක්වත් මාරු කරගන්න බැරි 19වන සංසෝධනය කරදරයක් – ගෝඨාභය රාජපක්ෂ

සිය විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි පැහැදිළි කරමින්‍‍‍‍ ජනපති රාජපක්ෂ මෙසේ පවසා තිබේ. ”පොලිසියෙ කෙනෙක් අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරවලා හොඳ මිනිහෙක් දාගන්නත් කොමිෂන් ගිහිල්ලා එහෙම වෙනවා නම් පොලිස්පතිතුමාගෙ වැඩක් තියෙනවද ?”

ඔහු මෙසේ පමසන්නේ  පසුගිය 24 දා  බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ බෙල්ලන්විල ධම්මරතන හිමි සමඟ සතුටු සාමීචියක යෙදෙමිනි. එම සාකච්ජාව දෙරණ රෑපවාහිනිය විසින් ප්‍රචාරය කර තිබේ.

සාකච්ජාව ආරම්භයේ දී ‌බෙල්ලන්විල ධම්මරතන හිමි කියන්නේ ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී උනහම රටක්කරන්න බැරි බවයි.

ඊට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මෙසේ කියයි:

“මේකෙ වැඩේ තියෙන්නෙ පහුගිය කාලෙ අර 19 වෙනි සංශෝධනයයි, නිදහස් … මොනවද … ඉන්ඩිපෙන්ඩන්ට් කොමිටි … වලින් කිසිම වැඩක් කරන්න බෑ. පොලිසියෙ කෙනෙක් අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරවලා හොඳ මිනිහෙක් දාගන්නත් කොමිෂන් ගිහිල්ලා එහෙම වෙනවා නම් පොලිස්පතිතුමාගෙ වැඩක් තියෙනවද ?”

“අර දැන් අපේ ඉන්ක්වාරීස් කරපු මිනිහා අද දැන් අන්න පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා ! අද දැන් කිව්වා. දැන් මේ එන්ජීඕ කට්ටියට ඕනෙ විදියටනෙ ඔක්කොම හදලා තියෙන්නෙ. ශානි අබේසේකර එයාට හිතාගෙන ඒකට හරියන්න ඉන්ක්වාරි කරනවා, ඒවා ගැන එන්ජීඕ එක අහන්නෙ නෑ ප්‍රශ්න. ඒක හරි … ?

ඒගොල්ලො අපිවයි, යුද්ධ කරපු අයවයි, නිලධාරීන්වයි, නාවික හමුදාපතිතුමා හිරේ දාන්නයි, බුද්ධි අංශ අයව හිරේ දාන්නයි, මාව හිරේ දාන්නයි … එච්චර විතරක් නෙවෙයි, බුද්ධි අංශවල අයට ගිහිල්ලා බල කරනවා. එෆිඩෙවිට් එක්ක දුන්නා, මේගොල්ලො කොහොමද මගේ නම කියන්න කියලා බල කරපු නිලධාරීන්. ඒ එක්කෙනෙක්වත් කිව්වෙ නෑ හැබැයි එෆිඩෙවිට් දුන්නා, ඒකට කිසිම උත්තරයක් නෑ. එතකොට එන්ජීඕ එක එව්වා ප්‍රශ්න කරන්නෙ නෑ.

ජනතාව ඡන්දෙන් පත් කරලා තියෙනවානෙ. පත් කළේ වැඩ කරන්නනෙ. එන්ජීඕ කියන හැටියට වැඩ කරන්න පුළුවන්ද ? ජනතාව මේවා බලාගෙන ඉඳලානෙ ඡන්දෙ දුන්නෙ නේ ? ඒවා ඒ විදියට කරන්න ඕනෙ නම් ඉතිං ජනතාව වෙන මිනිහෙක්ව පත්කර ගන්නවානෙ ? පාර්ශ්ව දෙකම ජනතාවට මේ කරුණු කිව්වනෙ ? ජනතාව පිළිගත්තෙ මේ ක්‍රමේ. එතකොට ඒක අපි කරන්න ඕනෙ. එහෙම නැත්නම් හාමුදුරුවනේ අපි ජනතාව කියන එක නෙවෙයිනෙ එතකොට කරන්නෙ. ඉතිං මම පැකිළෙන්නෙ නෑ, ඒ ජනතාව මට බාරදුන්නු වැඩේ මම කරනවා”

ලංකා නිව්ස් ‌වෙබ් ද ඇසුරිනි.

ජායාරූපය ගෝඨාභය රාජපක්ෂ ට්වීටයකිනි.

 

Archive

Latest news

Related news