Saturday, April 27, 2024

පළිනොගන්නා රාජපක්ෂ දේශපාලනය ෂානි අබේසේකරගෙන් පළිගනී!

සිය ආණ්ඩුව කිසිවකුගෙන් පළි නොගන්නා බවත් දැනට කෙරිගෙන යන කිිසිදු පරීක්ෂණයකට බාධා නොකරන බවටත් ගෝඨාභය රාජපක්ෂ පාලනය ප්‍රකාශ කර එහි උණුසුම නිවෙන්නටත් පෙර රාජපක්ෂ සමයේ සිදු කරන ලද ප්‍රධාන පෙළේ මානව හිමිකම් කෙළෙසීම් පරික්ෂණ මෙහෙය වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකරට දඩුවම් මාරුවක් ලබා දී තිබේ.

ඔහු ප්‍රධානත්වය දැරූ රහස් පොලිසියෙන් ඉවත් කර ඊයේ ඔහු ගාලු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වශයෙන් පත් කරන ලදී. මේ වනාහී ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුපත් කළ හැකි පහළම නිලය වේ.

ඔහු වෙනුවට පත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව බාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ය.

දැන ගන්නට ඇති පරිදි ෂානි අබේසේකර ඉවත් කරන ලද්දේ කුරුනෑගල කුප්‍රසිද්ධ වෛද්‍ය ප්‍රධානියකු විසින් කරන ලද පැමිණිල්ලක් මත ය. ස්වාධීන යැයි කියා ගන්නා පොලිස් කොමිසම කිසිදු සොයා බැලිමකින් තොරව ෂානි අබේසේකර පහතට ඇද දමා තිබේ.

මේ අතර තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවැනි පරික්ෂනයක් බාරව සිටි තවත් පොලිස් නිලධාරීන් දෙනෛකුද අද හෙටම මාරු කරනු ඇති බවයි. එකි ආරංචි මාර්ගයන්ටම අනුව ෂානි අබේසේකර විසින් පරීක්ෂන කොට අවසන් කර හෝ අවසානය කරා ගොන යමින් තිබූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයර් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහරදීම යනාදි පරීක්ෂන යළි විමර්ශනය කරනු ඇති අතර සාක්ෂිකරුවන්ගෙන් අලුතින් සාක්ෂි සටහන් කර ගැනීමට ද ඉඩ තිබේ. එම සාක්ෂිකරුවන් කුමක් කියනු ඇත්දැයි දන්නේ ‌ෙදෙවියන් පමණකි.

© SLB

 

Archive

Latest news

Related news