2019 නොවැම්බර් 15.
මානව හිමිකම් නීතීඥ සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් මහතාට එරෙහිව සිදුකළ තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය.
පහත අත්සන් තබන අපි, මානව හිමිකම් ආරක්ෂකයකු වන කුමාරවඩිවේල් ගුරුපරන්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සහ විශ්වවිද්‍යාල අධිකාරීන් විසින් මෑතකදී සිදුකරන ලද තර්ජන, හිංසන සහ අසාධාරණ සැලකීම් තරයේ හෙළාදකින්නෙමු. ගුරුපරන් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති යාපනයේ සිටින ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් නීතීඥයකු සහ විද්වතෙක් වේ. ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වන අදයාලම් මධ්‍යස්ථානයේ ප්‍රාරම්භකයා වන ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ නිතී පීඨයේ ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වේ. එමෙන්ම ඔහු දෙමළ සිවිල් සමාජ සංසදයේ (TCSF) සම–ප්‍රකාශක වේ. 2019 නොවැම්බර් 09 වැනි දින යාපනය විශ්වවිද්‍යාලයීය සභාවෙන් ඔහුට දැනුම්දී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගත් තීරණයක් පරිදි, පෞද්ගලිකව නීති වෘත්තියේ යෙදීම ඔහුට තහනම් වන බවකි. ගුරුපරන් විසින් සිදුකරන මානව හිමිකම් කටයුතු සහ නීති උද්දේශන කටයුතු නිහඬ කිරීම සහ පාලනය කිරීම ඉලක්ක කරගනිමින් හමුදාව විසින් මුලපුරන ලදුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගෙන ඇති මෙම තීරණය අපි හෙළා දකින්නෙමු.
ගෙවීගිය දශකයකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් හඬනගන්නන් අතර ගුරුපරන්ගේ හඬ බෙහෙවින් ප්‍රබල විය. අතිශයින් හමුදාකරණයට ලක්වූ සහ එදිරිවාදිකම් සහිත පසුබිම්ක වාසය කරමින් සේවය කළ ද ඔහු සිවිල් වැසියන්ට එරෙහිව සිදු වූ අපරාධ සඳහා වගකිවයුත්තන්, විශේෂයෙන්ම හමුදාව, ඒ සඳහා වගකියන බව සහතික කර ගැනීමට බලයට පත් වූ විවිධ රජයන් අපොහොසත්වීම පිළිබඳව නිරන්තරයෙන් තම හඬ අවදි කළේය.
ගුරුපරන්ට එරෙහිව පනවා ඇති සීමාකිරීම් සහ හිංසන, මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහු ගේ ක්‍රියාකාරීත්වයට එරෙහිව සෘජුවම සිදුකළ පළිගැනීම් වේ. ජ්‍යේෂ්ඨ පීඨ සමාජිකයකුට සැලකීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ යාපනය විශ්වවිද්‍යාලය ගෙන ඇති මාර්ගය අපගේ බලවත් කණස්සල්ලට හේතු වී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ යාපනය විශ්වවිද්‍යාලය යනු මෙරට විශ්වවිද්‍යාල සිසුන් පරම්පරා ගණනාවක් හැඩගැස්වීමට සහ ඔවුන්ට මගපෙන්වීමට යම් තරමක් දුරකට හෝ දායකත්වයක් ලබාදෙන සිවිල් ආයතන වේ. එහෙත් මෙම සිදුවීමේදී, හමුදාවෙන් එල්ල වූ බලපෑම්වලට හිස නොනමා සිටීමට ඔවුන් සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර, අතිශයින් භයානක ප්‍රතිවිපාක ඇතිවීමේ නැඹුරුවක් මෙයින් පෙන්නුම් කෙරේ. 2019 අගෝස්තු 21වැනි දින හමුදාවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවන ලිපියකින් ගුරුපරන්හට අධිකරණයේ නීතීඥයකු ලෙස වෘත්තියේ යෙදීම සඳහා අවසර දී ඇත්තේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කර ඇත. විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහය යටතේ පෞද්ගලිකව එවැනි වෘත්තියක නියැලීමට විශ්වවිද්‍යාල පීඨ සාමාජිකයකුට පැහැදිලිවම විධිවිධාන සලසා තිබියදීත්, විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රශ්න කිරීමට හෝ ඊට ඇඟිලිගැසීමට හමුදාවට කිසිදු පදනමක් නොතිබියදීත් ගුරුපරන්හට තවදුරටත් නීති වෘත්තියේ යෙදීමට අවසර දිය නොහැකිය යන පුදුම සහගත තීරණයට සැප්තැම්බර් 05වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එළඹී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් මෙම තීරණය යාපනය විශ්වවිද්‍යාලයට දැනුම්දීමෙන් අනතුරුව 2019 නොවැම්බර් 09වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝග අනුව ක්‍රියාකරන මෙන් ගුරුපරන් වෙත දැනුම්දී තිබේ.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණය දක්වා වන මෙම කාල පරිච්ඡේදය තුළ මානව හිමිකම් ආරක්ෂකයින්ට, විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර එම ක්‍රියාවන්හි නිරතවන්නන්ට එරෙහිව සිදුකළ තර්ජන, බියවැද්දීම් සහ හිංසන මාලාවක් පෙනෙන්නට ඇත. හමුදාවේ වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන නීතීඥයින් සහ ක්‍රියාධරයින් එහිදී විශේෂයෙන්ම ඉලක්ක වී ඇත. හමුදා භාරයේ සිටි තරුණයින් 24දෙනෙකු 1996දී බලහත්කාරයෙන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් වන නාවට්කුලි හබයාස් කෝපුස් නඩුවේ සාක්ෂිකරුවන් වෙනුවෙන් නීති නියෝජනය කිරීම සමගින් ගුරුපරන්ට මෑතකදී මුහුණදෙන්නට වූ මෙම තර්ජන සහ සීමාකිරීම් සම්බන්ධ වන බවක් විශ්වාස කෙරේ. 2019 අගෝස්තු 01වැනි දින මෙම නඩුව විභාගවීමෙන් අනතුරුව උසාවි භූමිය තුළදී නන්නාදුනන පුද්ගලයකු විසින් ගුරුපරන් සහ අනෙකුත් නීතීඥයින්ගේ ඡායාරූප ලබාගෙන තිබේ. අගෝස්තු 07වැනි දින ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනෙකු අදයාලම් මධ්‍යස්ථානයට පැමිණ එම කාර්යමණ්ඩලයෙන් ඔවුන් සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ඉල්ලා තිබේ. මෙම නඩුවට සම්බන්ධ අනෙකුත් නීතීඥයින් ද මේ හා සමාන වීවිධ හිංසන සහ බියවැද්දීම්වලට මුහුණ දී තිබේ.
ගුරුපරන්ට එරෙහිව සිදුකර ඇති මෙම සීමාකිරීම් සහ හිංසන ඔහුගේ මානව හිමිකම් වැඩකටයුතුවලට එරෙහිව සිදුකරන ලද පළිගැනීමක් බව අපි නැවතත් අවධාරණය කරමු. ඔහු නීති වෘත්තියේ යෙදීම සීමා කිරීම, ඔහු පෙනී සිටින නඩු අධිකරණය ඉදිරියේ සාර්ථකව නිමාවීම වලක්වමින් යුක්තිය පසිඳලීම කඩාකප්පල් කිරීමේ පැහැදිලි අරමුණ ඇතිව සිදුකරන ලද්දක් බව පෙනේ. ආතතිකාරී බව සහ සීමාකිරීම් ක්‍රමක්‍රමයෙන් වැඩිවන පරිසරයක් තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාකාරී වන ගුරුපරන් සහ අනෙකුත් නීතීඥයින්, පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂක්යින් වෙත අපගේ සහයෝගය පලකරන්නෙමු.
ගුරුපරන් නීති නියෝජනය සපයන නඩුවක වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හමුදාවේ සාමාජිකයින්ගේ මෙවැනි හැසිරීම් තුළින් ගම්‍යවන බරපතළ ප්‍රතිවිපාක අවධානයට ගන්නා මෙන් අපි අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු. බියවැද්දීම සහ අනිසි බලපෑම් තුළින් අනිත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද යන්න සඳහා බලපෑමක් ඇතිකිරීමට වෑයම් දැරීම නීතිය ඉදිරියේ සමානාත්මතාවයට සහ යුක්තියේ පිහිට පැතීම සඳහා වන මූලික අයිතිවාසිකම් සඳහා බලපෑම් එල්ල කරන බරපතළ ගැටළු වේ. හමුදාව වෙනුවෙන් පෙනී සිටින ගරු නීතිපතිතුමා ද ගර්හාවට හේතුවන් මෙවැනි හැසිරීම්වලින් වලකින මෙන් තම සේවාදායකයින් වෙත නිසි උපදෙස් ලබාදීම වටනේය.
අවසාන වශයෙන්, හමුදාවට සහය ලබාදෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් තීරණය හෙළාදකින අතර , එම නියෝගය අවලංගු කර නීති වෘත්තියෙ නියැළීමට විශ්වවිද්‍යාල නීති විද්වතුන්ට ඇති අයිතිය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලා සිටිමු.
Signatories;
Individuals
-
A. Ragunathan – Independent Activist
-
Abiramy Sivalogananthan
-
Alexsandra Rajapouliny
-
Ameer Faaiz – Attorney-at-Law
-
Analaxumy Srithas
- Angel
-
Angelica Chandrasekeran
-
Anithra Varia
-
Annouchka Wijesinghe
- Anparasan Ajitha
-
Anthony Jesudan
-
Anthony Vinoth
- Anushani Alagarajah
-
Aravinth Sukumar
- Ariyakumar Rathika
- Arunthavarasa Keerthika
- Asha
-
Ashila Dandeniya
-
B. Gowthaman
- Baskaralingam Suntharalingam
-
Bhavani Fonseka – Attorney-at-Law
-
Binendri Perera
- Bisliya Bhoto
-
C. Ranitha Gnanarajah – Attorney-at-Law
-
Cayathri Divakalala – Researcher and Activist
-
Chandrika De Silva – Freelance Writer
-
Channaka Jayasinghe
-
Chintaka Rajapakse
-
Christopher M. Stubbs PhD. M.B.E. – Founder, MENCAFEP
- Darshan
-
Deanne Uyangoda
-
Deekshya Illangasinghe
-
Deshamanya Godfrey Yogarajah
- Dharsha Jegatheeswaran
-
Dharshini N. Vijayaruban
-
Dinushika Dissanayake – Attorney-at-Law
-
Dr. Farzana Haniffa – University of Colombo
-
Dr. Harini Amarasuriya – Senior Lecturer, Open University of Sri Lanka
-
Dr. Kalana Senaratne – Senior Lecturer, University of Peradeniya
-
Dr. Mahendran Thiruvarangan – Lecturer (Probationary), University of Jaffna
-
Dr. Malathi de Alwis – Visiting Faculty, University of Colombo
-
Dr. Muttukrishna Sarvananthan PhD – Senior Lecturer (Grade 1), Department of
Economics, University of Jaffna, & Founder & Principal Researcher, Point Pedro
Institute of Development, Point Pedro -
Dr. P. Lakshman – Consultant Cardiologist, Teaching Hospital Jaffna
-
Dr. Paikiasothy Saravanamuttu
-
Dr. Ranil D. Guneratne
-
Dr. Ruvan Weerasinghe – University of Colombo
-
Dr. S. Kumaravel – Regional Director, Health Services (Acting), Kilinochchi
-
Dr. S. Mathurahan
-
Dr. T. Balamurukan
-
Elil Rajendram
-
Emil van der Poorten – In defence of human rights
-
Enthiran Pirarththana
-
Ephraim Shadrach
-
Ermiza Tegal – Attorney-at-Law
-
F. Zackariya – Social Activist and Researcher
-
Farah Mihlar
-
Francis Raajan
-
G. A. Prabath Kumara – Chief Coordinator, Future In Our Hands Development Fund,
Badulla -
Gankeswari
-
Geethika Dharmasinghe
-
Gehan Gunatilleke – Attorney-at-Law
-
Godfrey Malarnesan
-
Gowsiya
- Gowry
- Gowshy
- Gowtham
-
Harshana Rambukwella – Open University of Sri Lanka
-
Hasanah Cegu Isadeen (LLM) – Attorney -at –Law
-
Herman Kumara
- Inestan
-
Inshira Faliq
-
Ishan Jalill
-
Ishara Danasekara
-
Isuri Kaviratne
- Ithayarani Sithravel
-
J. Jegatheesan
- J. Lingham
-
Jake Oorloff
-
Jananey Jayaratnarajah
- Janarthana Sarma
- Jayaroshman Shanmuganathan
-
Jegatheesan Thayalini
-
Jehanki Anandha
-
Jensila Majeed
-
Jeyabaliny Gobal
- Jeyachandran Thurka
-
Joanne Senn
-
Juwairiya Mohideen
-
K.D.M.S. Nilashani
-
K.J. Brito Fernando
-
K.S. Ratnavale – Attorney-at-Law
-
Kalaivanie
-
Kalani Subasinghe
-
Kamalavani
-
Kanagalingam Moganeswary
- Kanapathipillai Kumanan
-
Kanthimathi
- Karuppiya Seelan
- Kastro
- Kathirkamanathan Hemalatha
- Kesawarasa Kuyilini
- Kirisanth Selvanayagam
- Kirishanth
-
Kiristina
- Kugathasasarma Sarangasarma
-
Kulanthaivel Sunithrathavi
-
Kulanthaivel Thavanithy
-
Kuperan Sivroobi
-
Kusal Perera – Journalist
-
Lakmali Hemachandra – Attorney-at-Law
-
Leeladevi Anandanadarajah
-
Loretta de Alwis
-
Luwie Ganeshathasan – Attorney-at-Law
- M.A.F. Ajra (LLB hons) – University of Jaffna
- M.F.A. Rahman
-
M.H.M. Hisham
-
M.N. Asokan
-
M. Sivakumar
-
Mahaluxmy Kurushanthan
- Mahendiran Nirmala
- Mahinathan
-
Mangaleswary Shanker – Attorney-at-Law
-
Mario Arulthas
-
Mario Gomez
-
Marisa de Silva
- Mary
-
Mathubala
-
Meerabharathy
-
Melani Manel Perera – Journalist
- Mohan Nagarajah
- Monisha
- Munza Mushtaq – Journalist
- Murugaiya Sivasuthan
-
N. Sumanthi
-
Nagamani Yamuna
-
Nakamuthu Inpanayakam
-
Nalaka Gunawardene – Writer
-
Nallathamby Pirathajini
-
Navaranjini Sureka Nadarajah
-
Nicola Perera – University of Colombo
-
Nigel Nugawela
-
Nilshan Fonseka
-
Nirmanusan Balasundaram – Journalist
-
Nishandeny Ratnam – Attorney-at-Law
- Nitharshan
-
Nithila Mariampillai
-
P. Nagendhran
-
P. Selvaratnam – Women for Justice and Peace in Sri Lanka
-
P. Vasanthagowry
-
P.M. Mujeebur Rahman (LLB)
-
P.N. Singham
-
Padma Pushpakanthi
-
Pavanna Sena
-
Pavithra Kailasapathy
-
Perinparaja Diksala
-
Periyannan Srikanthy
-
Piragala
-
Prabu Deepan
-
Prasanna Mandalanayagam
-
Priya Mohan
-
Priyalal Sirisena
-
Prof. Ajit Abeysekera
-
Prof. Arjuna Parakrama – University of Peradeniya
-
Prof. Ashwini Vasanthakumar
-
Prof. Prabhath Jayasinghe – University of Colombo
-
Prof. Priyan Dias – University of Moratuwa
-
Puvenesvary
-
Qadri Ismail
- Rajany Chandrasegaram
-
Rajaretnam Sureniya
- Ratnasarma
-
Rev. Fr. Aloysius Pieris, S.J.
-
Rev. Fr. Jeevantha Peiris
- Rev. Fr. Jeyabalan Croos
-
Rev. Fr. M. V. E. Ravichandran
-
Rev. Fr. Nandana Manatunga
-
Rev. Fr. Rohan Dominic
-
Rev. Fr. S.D.P. Selvan
-
Rev. Fr. Sarath Iddamalgoda
-
Rev. Fr. Terence Fernando
- Rev. Fr. V. Yogeswaran
-
Rev. Fr. Vincent CMF
-
Rev. M. Jude Sutharshan
-
Rev. Nandana Saparamadu – Diocese of Colombo
-
Rev. Sr. Nichola Emmanuel
-
Rev. Sr. Noel Christine Fernando
-
Rev. Sr. Rasika Pieris HF
-
Riza Yehiya
- Rohini
-
Rohini Hensman (Writer, Researcher and Activist)
- Roshani
-
Ruki Fernando
-
S. Prasila
-
S. Pratheepan
-
S. Thanujan – Joint Secretary, Mass Movement for Social Justice, Jaffna
-
S.G. Nishanthini – Women’s Rights Activist
-
Sabra Zahid
-
Sadathavi Nagalingam
-
Sahayam Thilipan – Coordinator, Forum for Affected Families, Mannar
-
Sakthvel Jeya
-
Sakuntala Kadirgamar
-
Sampath Samarakoon – Editor, www.vikalpa.org
-
Sandun Thudugala
-
Sanjana Hattotuwa – Founding Editor of Groundviews
-
Sanjayan Rajasingham
-
Sankhitha Gunaratne
-
Sarah Arumugam
- Saseestkanth Pathmarajah
- Sathiyaseelan Nithika
-
Sellathurai Sivathasan
-
Selvanathan Thakeeran
-
Selvaraj Rajasegar
-
Selvaranie
- Selvarasa Thileepan
- Shaanu
-
Shalomi Daniel
- Sham
-
Shamala Kumar – University of Peradeniya
-
Shamara Wettimuny – University of Oxford
-
Shambath
-
Shamila Rathnasooriya
-
Shan Nalliah
-
Shanil Wijesinha – Attorney-at-Law
-
Sheila Richards
-
Shivantha Rathnayake
-
Shreen Saroor
-
Sinaththambi Seetha
- Sinnathurai Ketheeswary
- Sinthuka Vivekananthan
-
Sivam Prabaharan – Coordinator, Up-Country Social Research Centre
- Sivarasa Mariyarosalin
- Sritharan Eswary
- Sritharan Kopika
-
Subha Wijesiriwardena – Women and Media Collective (WMC)
- Sugi Thiru
-
Sunanda Deshapriya – Sri Lanka Brief
- Sutha
-
Swasthika Arulingam – Attorney-at-Law
-
Tanuja Thurairajah
-
Tasha Manoranjan
-
Thambirasa Selvarani
-
Thamotharampillai Suganthini
- Thanuja Mathavarasa
- Tharmika Sivarajah – Attorney-at-Law
- Tharshan Selvam
- Thasan
-
Thava Sagaym Ranjana
- Thayaparan Kanistan
- Theepshi
- Thenmoli
-
Thiyagaraja Waradas – University of Colombo
-
Thurka Krishnasamy
-
Thyagi Ruwanpathirana
-
Ushananthini
-
V. Inthrani
-
Vanie Simon
-
Vanitha Mahendran
-
Vasuky Rajendra
-
Vinayagamoorthi Thivviya
-
Vipitha Sagari
- Vipulan Shanmini
-
Viraj Kalinga – Social Activist
-
Vraie Cally Balthazaar
-
Yajna Sanguhan
-
Yalini Dream
-
Yamini Ravindran
Organisations
-
Adayaalam Centre for Policy Research
-
Affected Womens’ Forum (AWF)
-
Alliance Development Trust (ADT)
-
Centre for Community Development Movement
-
Centre for Human Rights and Development (CHRD)
-
Centre for Justice and Change (CJC)
-
Centre for Policy Alternatives (CPA)
-
Families of the Disappeared (FoD)
-
Human Rights Office (HRO), Kandy
-
International Centre for Ethnic Studies (ICES)
-
Jaffna Sangam – LGBTQ Community
-
Mannar Women’s Development Federation (MWDF)
-
Movement for Land and Agricultural Reform (MONLAR)
-
National Fisheries Solidarity Organization (NAFSO)
-
Praja Abhilasha Network
-
Right to Life (R2L) Human Rights Centre
-
Sri Lanka Campaign (SLC)
-
Vallamai – Movement for Social Change
-
Women’s Action Network (WAN)