Friday, April 19, 2024

වැඩේ දෙයි වගේ; ඇමෙරිකාවට පුරවැසි ඉල්ලුම්පතක් – උදව් උවමනායි!

ඊයෙ (06.11.2019) OPA එකේ තිබුනු රැස්වීමක් ඉවර වෙලා අපි ඒකෙම බාර් එකට ගිහින් අඩියක් ගැහුවා. ඒ අතර මමයි පාලිතයි රාජු අයියයි දුම් පරීක්ෂා කාමරයේ ඉන්න කොට තව අම්බලන්ගොඩට සම්බන්ධ කෙනෙකුත් ඇවිත් දුම් පරීක්ෂාව කරන අතරෙදි හඳුනා ගෙන කථා කළා. පෝරඹ හරස් පාරෙ හිටපු ගුරුවරු වුන එයාගේ ඉන්ලෝස්ලා අපේ තාත්තගෙ හොඳ යාළුවො.
එයානම් කෙලින්ම කිව්වා කාටද එයා ජනපතිවරණයේදී ඡන්දය දෙන්නෙ කියලා. එයයි රාජු අයියයි රු ලක්ෂයක ඔට්ටුවක් අල්ලන්න ලෑස්ති වුනා තම තමන්ගේ අපේක්ෂකයො දිනන බවට. අළුත හඳුනාගත් අය රුපියල් ලක්ෂයක් ඒ වෙලාවෙම එළියට අරන් ඔට්ටුව ලෑස්තියි, දෙන්නාගෙම සල්ලි 17 දා වෙනකම් මට තියා ගන්න දෙනවයි කිව්වා. රාජු අයියා ගාව ඒ වෙලාවෙ සල්ලි නැහැ කියපු නිසා ඔට්ටුව එතනින් නවතින්න යනකොට අළුත හඳුනාගත් අයගෙ තව වෘත්තීය යාළුවො (OPA එකට එන්නෙ වෘත්තීය කට්ටියනෙ) දහයක් විතර දුම් පරීක්ෂා කාමරයට ආවා.

එයින් එක වෘත්තිකයෙක් එක පාරටම “අඩෝ, මැකෝත් සජියට සපෝට්, ඒත් උඹලගේ අර සුනන්ද දේශප්‍රිය කියන ද්‍රෝහියා ආපහු ආවොත් ඌටයි තොපිටයි එකම බෙහෙත දෙන්නෙ” කියලා එක පාරටම අතකුත් දික් කරලා මට කියපි. (අඩෝ කියලම කිව්වෙ නැති වුනාට අඩෝ භාෂාවෙන් තමයි කථා කළෙ). ඒ දක්වා දේශපාලනේ කථා නොකරම හිටපු මට ඒ යක්ෂයා එහෙම කිව්වම මල පැන්නා. පාලිත මට කතා කරන්නවත් දුන්නෙ නැහැ. (මම පාලිතට කිව්වෙ නැහැ ඉක්මනට මාව අල්ල ගනින් කියලා:).

අර අළුත හඳුනාගත් අය එයාගේ වෘත්තීය කලහකාරී යාළුවො ටික දුම් කාමරෙන් වහාම පිටත් කළා. එයයි ඉතුරු වුන තව කෙනෙකුයි කීප වරක්ම කිව්වා “ගණන් ගන්න එපා අයියා වෙරි සොරි” කියලා. ඒත් “වැරදි නොවන ගුප්ත” වගේ නමක් තිබුනු අළුත හඳුනාගත් අය එයාගේ කලහකාරී යාළුවා වැරදි වැඩක් කළ බවක් පිළි ගත්තෙ නැහැ. එයා නමෙන් හරි වුනාට එයගේ යාළුවා කළ දේ වැරදියි.

ලංකාවෙ වෘත්තිකයොත් දේශපාලනයක් කථා නොකර පැත්තක හිපු මටත් එහෙම තර්ජනය කළා නම් එයාලගේ අපේක්ෂකයා දිනුවොත් 17 දාට හොඳ මල් වෙඩි තියේවි වගේ. අපේ හිච්චි අයියා වගේ නොයෙකුත් මාධ්‍යවල දේශපාලනය ලියන මාධ්‍යවේදීන්ටත් හොඳ සැලකිලි තියේවි, ඒ වගේම ඡන්දය දැමීමෙන් පමණක් දේශපාලනය ප්‍රකාශ කරන අපිටත් ඒ බෙහෙතම තමයි කියලා දුම් කාමරේ හිටපු අපි කාටත් තේරුනා.

ඒ නිසා දැන්මම කියලා ඇමරිකාවට පුරුවැසි ඉල්ලුම්පත්‍රයක්වත් දාන්නයි හදන්නෙ. ඒක කර ගන්නෙ කොහොමද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් කරුණාකරලා කියනවද?

වසන්ත ‌ දේශප්‍රියගේ මුහුණූ පොතෙනි

07.11.2019

Archive

Latest news

Related news