Friday, March 29, 2024

දෙමළ ‌දේශපාලන පක්ෂ පහකින් ජනාධිපති අපේක්ෂකයින්ට අමාරු ඉල්ලීම් මාලාවක්

ඡායාරූපය: යෝජනාවළියට තමිල අරසු කචචි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා අත්සන් තැබීම.

යාපනේ සරසවි ශිෂ්‍ය සංගමය විසින් මූලිකත්වය ගනු ලදුව ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය ), දෙමල මහජන පෙරමුණටෙලෝ. පී. ආර්. එල් එෆ් සහ ප්ලොට් යන දේශපාලන පක්ෂ විසින් එකඟ වී සියළු ජනධිපති අපේක්ෂකයින් වෙක ඉදිරිපත් කරන ලද මූලික ඉල්ලීම් පහත දැක්‌‌‌වේ.

මෙම යෝජනාවන් පොදු ජන පෙරමුණ විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති අතර සජිත් ප්‍රේමදාස හෝ අන්ර කුමාර ඒවට එකඟ වනු ඇතැයි සිතීම ඉතා දුෂ්කරය. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරිසු කච්චි පක්ෂයද ඊට අත්සන් කර ඇත. මෙම තත්වය යටතේ මෙහි අත්සන්කර ඇති කිසිදු පක්ෂයක් නිල වශයෙන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගෙන් කවරකුට හෝ සහය දෙනු ඇතැයි සිතීම දුෂ්කර වී තිබේ.

1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2.
අවසන් යුධ සමයේ සිදුවූ යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම.
3.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම.
4.
දෙමල දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5.
අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6.
උතුරුනැගෙනහිර දෙමල ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7.
උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැලැක්වීම .
8. උතුරුනැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව කිරීම.
9.
උතුරුනැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම.
10.
උතුරුනැගෙනහිර යුද්ධයෙන් පීඩා වුණු ප්‍රදේශ ලෙස නම්කොට එම ප්‍රදේශ වල සංවර්ධන කටයුතු වලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදු කිරීම.

මේ ඉල්ලීම් වලට එකඟව අත්සන් තබන ලද පාර්ශවයන් පහතින් දැක්වේ.

ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) – නායක මාවෙයි සේනාධිරාජා
දෙමල මහජන පෙරමුණනායකටී. වී. විග්නේශ්වරන්
ටෙලෝ සෙල්වම් අඩේකලනාදන්
. පී. ආර්. එල් එෆ් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
ප්ලොට් ධර්මලිංගම් සිද්ධාර්ථන්

 

Archive

Latest news

Related news