Friday, May 3, 2024

ගෝඨාභය ජිනීවා යෝජනාව ද යුද සමයේ අතුරුදහන්විම් ද ප්‍රතික්ෂේප කරයි; සංක්‍රමණීය යුක්තියට තිත.

තමා බලයට පත් වුවහොත් 30/1 දරණ ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරන බව අද (15) පැවැති පුවත්පත් සාකච්ජාවකදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ය. තමන් මුල සිටම ඊට විරුද්ධ වූ බව කී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණවලට විදේශික අතපෙවීම් අනවශ්‍ය බව ද කිවේ ය. මෙම යෝජනාව 2015 ඔක්තෝම්බර් මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසි වාරයේදී ජන්ද විමසීමකින් තොරව සම්මත කර ගන්නා ලද්දේ ශ්‍රී ලංකාණ්ඩුවේ සම දැයකත්වය ඇතිවය. එම යෝජනාව නීතිමය වටිනාකමක් නැති බැවින් තමා ඊට බැදී නොසිටින බව ද ඔහු කීවේ ය. මෙමගින් අදහස වන්නේ එම යෝජනාවෙහි මූලික අඩංඟුව වන සංක්‍රමනීය යුක්ති ක්‍රියාවළියට ද ගෝටා යටතේ කණ කොකා හඩනු ඇති බවයි.

ඉන්දියාවේ හින්දු පුවත් පතෙහි වාර්තාකාරිනී මීරා සිරිනිවාසම් යුද සමයෙහි යුද හමුදාවට බාර වී අතුරුදහන් වූ බවට කියැවෙන පුද්ගලයින් ගැන ප්‍රශ්ණයක් අසන ලදී. ඊට පිළිතුර වශයෙන් ඔහු කීවේ බාර වූ කිසිවකු අතුරුදහන් නොවූ බවයි. තව දුරටත් සිය මතය දැක්වූ ගෝඨාභය කීයේ යුද හමුදාවේ ද දහස් ගණනාවක් අතුරුදහන් වු බවත් එළෙසම එල්ටීටීඊයේ අතුරුදහන් වූ පිරිස් ද සිටිය හැකි බවයි. ඔහු ඉන් අදහස් කළේ අතුරුදහන් වූ සිය දරුවන් ගැන තොරතුරු ඉල්ලා උතුරෙහි මව්වරුන් ගෙන යන උද්ඝෝෂන එල්ටීටීඊ සංවිධානයට බැදී මිය යන්නට ඇති දරුවන් ගැන කැරෙන උද්ඝෝෂණ බවයි.

එසේ නමුත් රාජපක්ෂ ආණ්ඩුව විසින්ම අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලිමට පත් කරන ලද පරණගම කොමිෂන් සභා වාර්තාවෙහි යුද හමුදාවට බාර වූ පිරිස් අතුරුදහන්ව ඇති බව සටහන් වී ඇතැයි එම ජනමාධ්‍යවේදිනය කී විට ගෝඨාභය කීවේ එවැනි සඳහනක් නැති බවයි. නමුත් එම ඉංග්‍රිසි වාර්තාවේ 107 වන පිටුවේ 445 දරණ අංකය යටතේ එවැනි සටහනක් තිබේ

අතීතය ගැන ප්‍රශ්ණ නොඅසා අනාගතය ගැන ප්‍රශ්ණ අසන්නැයි ගෝඨාභය කී විට අතීතය අමතක කර ඉදිරියට යා හැකි දැයි ජනමාධ්‍යවේදියකු විසින් විිමසන ලදුව ඔහු ‘ඔව්’ කිියා පිළිතුරු දුන්නේ ය.

යුද සමයෙහි සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් ගැන අසන ලද තවත් ප්‍රශ්ණයකට පිළිතුර වශයෙන් ඔහු කීවේ දෙමළ ජනයාට වැදගත් ප්‍රශ්ණ ඒවා නොව බවත් ආර්ථික ප්‍රශ්ණ බවත් ය.

මෙහිදී අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ නව ජනාධිපතිවරයකු පත් වූ වහාම දැන් සිටින අගමැති අතුලු අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවත් එවිට කළ යුතු දේ එදාට තීරණය කරන බවත් ය.

මෙම පුවත් පත් සාකච්ජාවෙහිදී පෙනී ගිය කාරණයක් වූයේ අමාරු ප්‍රශ්ණ  විදේශ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් අසත් දී දේශීය ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු රාජපක්ෂවරුන්ට ඩෑෂ් ගැසීමට බෝලය උස්සා දීමට පොරකන සැටි ය.

© SLB

.

Archive

Latest news

Related news