Tuesday, July 16, 2024

ද්විත්ව පුරවැසිභාවය සඳහා අවශ්‍ය කැලිපෝනියානු පොලිස් නිශ්කාෂණ සහතිකයක් ගෝටාභය රාජපක්ෂ ලබා ‌ගෙන නැහැ?

ඡායාරූපය: කැලිපෝනියානු ‌ ‌පොලීසිය ‌වෙනත් පුද්ගලයකුට ලා දී ඇති සහතිකයකිනි.

ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද දැනට අභියාචනාධිකරණයේ විභාගවන නඩුවට අදාළ පෙත්සමේ විශේෂ කොට සදහන් කර නැති කරුණු කහිපයක් ඇතැයි, ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හී පදිංචි ශාන්ත කේ.ඩබ්. පතිරණ මහතා සදහන් කරයි.

ඇමෙරිකාවෙ පුරවැසිභාවය ලබන ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුගේ (Retention Citizenship ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නෙමැති) පෙර පුරවැසිභාවය ස්වයංක්‍රියව අහෝසිවේ. ඉන්පසු ඔහු හෝ ඇයට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය (Resumtion Citizenship) ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුවේ. එහිදී Category කිහිපයක් යටතේ ඉල්ලීම් කිරීමට අවස්ථාව තිබේ.

1. වයස අවුරුදු 55 ඉක්මවීම.ග මත.
2. ලංකාවේ තමන්ට ඇති නිශ්චල, චංචල දේපළ මත.
3. අධ්‍යාපන සුදූසූකම් මත. (පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ ඩිප්ලෝමාවක්)

මෙකී සුදුසුකම්වලින් එක් සුදුසුකමක් ප්‍රමාණවත් වේ. ඉන්පසු අයදුම්පත් සමග ඉදිරිපත් කළ යුතු වැදගත්ම සහතිකය වන්නේ තමන්ට පුරවැසිභාවය තිබෙන රටේ පදිංචි ස්ථානයට අදාළ පොලිස් මූලස්ථානයෙන් ලබා ගන්නා පොලිස් නිශ්කාෂණ සහතිකය. (Police clearance Certificate) ගෝටාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බැවින් එහි පදිංචි පළාතට අදාළ පොලිස් මූලස්ථානයෙන් එය ලබාගත යුතුය. ඔහු අදාළ පොලිස් මූලස්ථානයට ගොස් ඒ සදහා වූ අයදුම්පත්‍රයක් , නිශ්චිත ගාස්තු ගෙවා ඉදිරිපත් කළ යුතුය. එහිදී ඔහුගේ ඇගිලි සළකුණු ලබා ගැනීම සිදුකෙරේ. මෙකී සහතිකය එහි හදුනවනු ලබන්නේ (Certificate of Conduct and non Criminal fingerprint) වශයෙනි.

ඉහත අයදූම්පත ඉදිරිපත් කොට ඇගිලි සළකුණු ලබා ගැනීමෙන් පසූ අදාළ සහතිකය නිකුත් කරනු ලබන්නේ උපරිම දින දාහතරකට පසුවය. (සති දෙකක්) ඊට හේතුව නම්, අයදුම්පත ඉදිරිපත් කළ තැත්තා අපරාධමය වරදකට හසුවී තිබේද යන්න පරීක්ෂා කිරීමට අවැසි කාලය ලබා ගැනීමටයි.. මෙකී සහතිකයේ වලංගු කාලය නිකුත් කළ දිනයේ සිට දින හැටක් බව සහතිකයේම සදහන් කර තිබේ. (ඔහු ලංකාවට පැමිණීමට ප්‍රථම එය රුගෙන ආවායැයි තර්ක කිරීමට නොහැක වලංගු කාලය මාස දෙකකි.)

ලොස් ඇන්ජලීස් හී ශාන්ත කේ. ඩබ්. පතිරණ මහතා ප්‍රශ්න කර සිටින්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සංචාරක වීසා බලපත්‍රයක් මගින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් දින තුනකට පසු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තේ නම්, එකී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු පුරවැසිභාවය හිමි රටේ පොලිස් නිශ්කාෂණ සහතිකය ඉදිරිපත් කළේ කේසේද යන්නයී. (ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමට පෙර ඔහු පුරවැසියෙකු වශයෙන් සිටි රටේ අපරාධමය වැරැදි සිදුකර ඇත්ද ?නැද්ද යන්න තහවුරු කර ගැනීම මෙහි අදහසයි.) එකී පොලිස් නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම අදාළ පුද්ගලයා අදාළ පොලිස් මූලස්ථානයට යා යුතුමය. මන්ද යත් එම සහතිකය ලබාදීමට ඉල්ලුම් කරුගේ ඇගිලි සළකුණු අත්‍යවශ්‍යවන බැවිනි.

ගෝටාභය රාජපක්ෂ මහතා උපරිම දින තුනක් තුළ සෙනසුරාදා, ඉරිදාද ඇතුළත්ව ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තා යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒ සදහා අනිවාර්යයෙන්ම අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතිකය ඉදීරිපත් කිරීමට කවර තත්වයක් යටතේවත් ඔහුට හැකියාවක් නොවූ බව පතිරණ මහතාගේ අදහසයි.

(ඔහු 2005 වසරෙහිදී ලංකාවට පැමිණෙන විට එම සහතිකය රැගෙන පැමිණයේ නම් 2005 ‌නොවැ 21 වන විට එහි කල් ඉකුත් වී තිබිය යුතු ය. අනෙක් අතට ඔහු එළෙස සූදනම්ව පැමිණියේ නම් කල් ඇතිවම එම ඉල්ලීම කරන්නට ඉඩ තිබුණි.)

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට ඉහත සියලු කොන්දේසි සම්පූර්ණ කළ පසු අදාළ අයදුම්පත ලියාපදිංචිය සිදුකරනු ලබන අතර, ඉන්පසු එය ආගමන විගමන පාලකවරයා ද ඇතුළත් කමිටුවකට යොමු කරනු ලබන බවත්, එම කමිටුව රුස්වී ලැබී ඇති අයදුම්පත්වල සුදුසුකම් පරීක්ෂා කොට අනුමත කිරීම සිදුකරනු ලබන බවත්, ඉන්පසු අයදුම්පතට කමිටු අනුමැතියට ලැබී ඇත්නම්, අදාළ ගාස්තු ගෙවන ලෙස අයදුම් කරුට දැනුම් දෙන බවත්, එකී ගාස්තු ගෙවූ පසු ඇමැතිවරයාගේ අවසාන අනුමැතිය ලැබෙන බවත් පතිරණ මහතා සදහන් කරයි.

රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලිපි ගොනුව අතුරුදන්ව ඇතැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒකි ලිපි ගොනුව තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඉහත ඇමෙරිකාවෙන් ලබාගත යුතු පොලිස් නිෂ්කාශන සහතිකය ඔහු විසින් අදාළ දිනයන්හිදී ලබා ගෙන තිබේ දැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කැලිෆෝනියාවේ ඔහු පදිංචිව සිටි ප්‍රදේශයට අදාළ පොලිස් මූලස්ථානයෙන් විමසීමක් කර තහවුරු කරගත හැකිය. පුරවැසිභාවය ලබා ගත්තේ යැයි කියන දින වකවානු දෙස බැලීමේදී එවැන්නක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නැති බවත් අධිකරණයේ අවධානයට එය යොමු විය යුතු බවත් ශාන්ත කේ. ඩබ්. පතිරණ මහතා අවධාරණය කරයි.

ස්තුතියි පතිරණ මහතාට
සටහන – පෝද්දල ජයන්ත

මුහුණූ ‌පොතෙනි.

Archive

Latest news

Related news