Tuesday, April 23, 2024

ජවිපෙ සමලිංගික අයිතීන්(එල්ජීබීටී+) වෙනුවෙන් සැබවින්ම පෙනී සිටීද?

නොවැම්බර් 16, තීරණාත්මක දිනයක් වන්නට නියමිතව ඇති අතරම රට පුරා පැවති මැතිවරණ උණුසුම මැතිවරණ දින නියමයත් සමඟ තීව්‍ර වී ඇත. මේ එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි ජනාධිපති තෝරා ගැනීමේ තීරණාත්මක ඡන්දයයි. ජේවීපී සහ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28 ක නායකත්වය යටතේ ජාතික ජන බලවේගය එළඹෙන ජනාධිපතිවරණයේදී තරඟ කිරීමට සූදානම් වේ. 2018 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස ගාලු මුවදොර පිටියේදී පැවති රැළියේදී ප්‍රකාශයට පත් කරන ලදී. ජවිපෙ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරණුයේ විසි වසරකට පසුව වීම විශේෂයකි.

මෙහිදී විශේෂ කරුණු කිහිපයක් ජාතික ජනබලවේග නායක අනුර කුමාර සිය කතාව තුළ අවධාරනය කරමින් සිටියේය. දුෂිත දේශපාලනයට තිත තබන බවටත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවටත්, නොයෙකුත් බෙදීම් ඇතිකොට සමජ කොටස් කොන් නොකරන බවටත් මෙන්ම මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරන බවත්ය.

බැලූ බැල්මට මේ සියළු මාතෘකා ඉතා සුන්දරය. ජනතාවට ආකර්ශනීය ලෙස තම කතා ඉදිරිපත් කිරීමට ජවිපෙ මෙන්ම එහි නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා දක්ෂ බව සැබෑවකි. විශේෂයෙන්ම මොවුන්ගේ ආකර්ශනීය කතා වලට වඩාත් වැටෙන පිරිස නම් තරුණ තරුණියන්ය. අතීතයේ සිට සිදු වූයේ එයයි. නමුත් වැදගත් වන්නේ ජවිපෙ කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්නයි.

සමාජ කොටස් කොන් නොකිරීම යටතේ අනුර කුමාර මහතා දක්වා සිටියේ “මෙරට තමන්ගේ ලිංගික රුචි අරුචි කම් මත ජන ප්‍රජාවන් පිඩනයට ලක් කොට ඇත” ලෙසයි. අනුර කුමාර මහතා සමලිංගික ප්‍රජාවගේ (එල්ජීබීටී+) අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවටත් ඔවුන්ගේ අයිතිවාසිකම් වලට නිසි ගෞරවය ලබා දෙන බවටත් ඔහුගේ කතාවෙන් මැනවින් පිළිබිඹු විය. සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් මේ කාලය තුළ දැක ගත හැකි ආකර්ශනීය මාතෘකාවකි. නමුත් පක්ෂයක් ලෙස ජවිපෙ සැබවින්ම මේ වෙනුවෙන් සුපිරිසිදුව තම දායකත්වය ලබා දීමට සුදානම්ද යන්න ගැටළු සහගතය.

ජවිපෙ ප්‍රධාන චරිත වලින් උගත් කුලකයේ චරිතයක් ලෙස දොස්තර නලින්ද ජයතිස්ස දැක්විය හැක. මොහු ජවිපෙ නියෝජනය කරමින් මාධ්‍ය සාකච්චා සහ කොතෙකුත් නාලිකා ඔස්සේ යන සම්මුක සාකච්ඡා සඳහා සඳහාද සහභාගී වී ඇත. 2015 දෙසැම්බර් 10 “ඩේලි නිව්ස්” සම්මුක සාකච්චාවකදී සමලිංගික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ තම අදහස් දැක්වීමේදී මොහුගේ ප්‍රකාශය විමසා බැලීම වැදගත්ය.

“මම ලෙස්බියන්, සමලිංගික, ද්වීලිංගික සහ අන්‍යෝන්‍ය ලිංගික (එල්ජීබීටී) අයිතිවාසිකම්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙය මිනිසාගේ අවශ්‍යතාවය නොවේ. අපට අනාගත පරපුරක් අවශ්‍යයි.” – දොස්තර නලින්ද ජයතිස්ස

ජවිපෙ පාක්ෂිකයකු වනවාට අමතරව දොස්තර වරයකුද වන මෙතුමා මෙවන් පටු මත දැරීම නැතහොත් මෙය මිනිස් අවශ්‍යතාවක් නොවන ලෙස ප්‍රකාශ කිරීම එම ප්‍රජාවට ඉතාම වේදනා කාරී වන්නට ඇත.

”විද්‍යාත්මක අත්හදා බැලීම්වලින් හෙළි වන්නේ මානසික ආතතිය නිසා මේ ආකාරයේ හැඟීම් පිටවන බවයි. මිනිසුන් පීඩාකාරී කාල පරිච්ඡේදයන් පසු කරන විට හෝ එවැනි පරිසරයක සිටින විට අස්වාභාවික හැඟීම් එලියට එයි.” – දොස්තර නලින්ද ජයතිස්ස

මොහු ඉන් නොනැවතී තව දුරටත් මෙයට විද්‍යාත්මක මුහුණුවරක් දෙමින් තම අකමැත්ත තහවුරු කිරීමට අර අදී. දොස්තර වරයකු ලෙස මෙවන් පටු ප්‍රකාශ ගෙන තහවුරු කිරීමට පදනම් විරහිත විද්‍යාව ඈඳා මොහු කැටයම් දමන්නේ කවදත් ජවිපෙ පුරුදු පුහුණු කරන ලද කැටයම් කලාවට අනුගත වෙමිණි.

”පුරුෂයා සහ ස්ත්‍රිය අතර විවාහය ගැන මම විශ්වාස කරමි. සමලිංගික විවාහ අස්වාභාවික ය” – දොස්තර නලින්ද ජයතිස්ස

ජවිපෙ කඳවුරේ උගත් කුලකයේ සිටින්නකුගේ මතය මෙසේ නම් මොවුන් සමලිංගික (එල්ජීබීටී+) අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම හෝ ඔවුන් සුරකිනවා යයි පොරොන්දු වන අනෙකුත් පොරොන්දු ඔබට මා හට විශ්වාස කළ හැකිද?

එකම කඳවුරේ දෙදෙනෙක් මත දෙකක් දරයි නම්, මෙය පැහැදිළි දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කරන රඟපෑමක් දෝයි බුද්ධිමත්ව විමසන්නෙකුට සිතෙනු ඇත. සමාජය තුළ අත්තනෝමතික සහ අසාධාරණ ලෙස කොන් වූ කොටස් වලට නිසි තැන සහ නිසි අයිතිවාසිකම් ලබා දී ඔවුන්ව සමාජය තුළට නිසි අයුරින් අනුවර්තනය කර ගැනීම සිදුවිය යුත්තකි. නමුත් එය තම දේශපාලන වාසි තකා සිදු කරන්නක් නම් එය තම දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියත්මක කිරීමට යොදා ගනී නම් එය කිසිසේත් සාධරණ නොවේ. පසුගිය වසර කිහිපය තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් නිදහසේ කතා කිරීමට අපමණ වෙහෙසකින් පසු පරිසරය සැකසිණි. එතුළින් සමාජයේ ඇති එක් එක් සමාජ කණ්ඩායම් තම අයිතීන් වෙනුවන් හඬ අවදි කිරීමට පෙරට පැමිණියේය. මේ සමඟ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් විශාල වශයෙන් පිරිස් පෙනී සිටින බව දැනගත් පසු තම දේශපාලන උවමනාවන් මුදුන් පත් කර ගැනීමට ඔවුන්ගේ ෆැන්ටසි සම්ප්‍රදාය ඔස්සේ යමින් සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකින බවට ප්‍රකාශ කරත් ජවිපෙ සිතිය යුතු දෙයක් නම්, ජනතාව බුද්ධිමත් බවයි.

නිර්නාමීක විසිනි.

Archive

Latest news

Related news