ඡායාරූපය: ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර දෙලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් රැස්වූහ. ( ග්‍රේතා තුන්බර්ග් ටිවීටයකිනි)
වසරකට තරම් පෙර පහලොස් හැවිරිදි දැරියකල සිකුරාදා පාසල් නොගොස්, ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට ‘කාළගුණය සඳහා පාසල් වර්ජනය’ යැයි පුවරැවක් ඇතිව වාඩිවී නිහඩ උද්ඝෝෂණයක යෙදුණි. ඇයගේ පාපැදියද පොත් බෑගයද පසෙක විය. වැඩි දෙනෙකු ඇය ගණනකට ගත්තේ නැත. පොලීසිය පැමිණ ඇය වෙනත් තැනකට යැවුවා ය. නමුත් ඇය ඊළඟ සිකුරදාත් ඊළඟ සිකුරදාත් හැම සිකුරාදවකමත් එම වර්ජනයේ යෙදුණි. ඇය සතුව තිබුණේ අධිශ්ඨානයත් කාළගුණ අර්බූදය පිළිබඳ ඇත්ත කරුණුත් පමණි. ක්රමයෙන් ඇගේ පණිවිඩය වාතලය උරා ගත්තේ ය. කාළගුණය සඳහා පාසළ් වර්ජනය ලැව් ගින්නක් සේ ලොව පුරා පැතුරුණි. පසුගිය සිකුරාදා ලොප පුරා පක්ෂ 30කට වැඩි ජනකායක් ඊට එක් විය.මේ වසරකට පෙර තනිව වාඩිවී සිටි ග්රේතා තුන්බර්ග් නම් එම දැරිය වොෂින්ටන්හි දෙලක්ෂ පනස්දහසක් ජනයා ඇමතූ අවස්ථාවයි.
කාළගුණ විපර්යායසයන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සෑම මහද්වීපයක්ම පුරා දස දහස ගණනින් ජනයා, විශේෂයෙන්ම තරුණ ජනයා විරෝධතාවයන්ට එක්වූූ අන්දම ලොව දසත පළ වූ ඡායාරූප විසින් පෙන්නුම් කරයි.
- දස ලක්ෂ ගණනික් සිසු සිසුවියෝ අද පාසල්වලින් පිටතට පැමිණ කාළගුණ විපර්යාස සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයන්ට එක් වූහ.
- ලෝක කාළගුණ විපර්යාස වර්ජනය නමින් හැදින්වෙන ව්‍යාපාරය දහසය හැවිරිදි ග්‍රේතා තුන්බර්ග් විසින් වසරකට පෙර දියත් කරන ලද ව්‍යාපාරයයි. දැනටමත් පුරා වසරක් පාසල් ළමා ප්‍රජාව මෙම වර්ජනයේ යෙදී සිට තිබේ. අද පැවැති වර්ජනයට වැඩිහිටියන්ටද ආරාධනා කර තිබුණි. මෙයට වර්ජනය යැයි කියන්නේ සිකුරදා පාසල් නොගොස් මෙම වර්ජනය ග්‍රේතා විසින් අරඹන ලද නිසා ය. ඇය පසුගිය වසර පුරා සෑම සිකුරදාවකම මෙම වර්ජනය පවත්වන ලදී.