Friday, March 29, 2024

‘උං ඔබව වගේ කුණුවුන හු*** මාධ්‍යවේදිනියක්ව මරයි’ – ‌‌ගෝටා ‌පෙඩ්‍රිකා ජෑන්සට කළ තර්ජනයේ කතාව

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගෙන් විමසූ විට එහිදී ඉතාමත් උණුසුම් ලෙස වචන හුවමාරැවක් සිදු වී අති බවට සන්ඩේලීඩර් පුවත්පත වාර්තා කරයි.

සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කර තිබුණේ ලබන ජූලි 13වනදා සූරිච් බලා පියාසර කරන මගීන් විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි A340 ගුවන් යානයට වඩා මගීන් 56ක් අඩුවෙන් රැගෙන යා හැකි A330 වර්ගයේ ගුවන් යානයකට මාරැ කර ඇති බවය.

එයට හේතුවලෙස සඳහන් කර ඇත්තේ කැප්ටන් ප්‍රවීන් විජේසිංහ මහතා ලවා සුරිච් නගරයේ සිට බලු පැටියෙකු ගෙන්වා ගැනීම මෙන්ම, කැප්ටන් ප්‍රවීන් විජේසිංහ හට ගුවන්ගත කල හැක්කේ A330 වර්ගයේ ගුවන් යානා පමණක් හේතුවෙන් මෙලෙස ගුවන් යානය වෙනස් කලේද යන්න දැනගැනීමට යාමේදී ආරක්ෂක ලේකම්වරයා අතර මෙම දෙබස(?) ඇතිවී ඇත.

පහතින් දැක්වෙන්නේ සන්ඩේ ලීඩර් සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා අතර ඇතිවූ දුරකථන සංවාදයේ පරිවර්තනයක් වන අතර එහි ඇතැම් වචන ඒළෙසම භාවිතා කිරීමට ජනමාධ්‍යආචාරධර්ම පිළිපදින අප වෙබ් අඩවියට නොහැකි බව කරැ‍ණාවෙන් සලකන්න.
ජුලි 5 වන දින පැවැත් වූ දුරකථන සංවාදය;

FJ: රාජපක්ෂ මහත්මයා! මම දන්නේ නැහැ ඔබ මේ ගැන දන්නවද කියා, අපට දැන ගන්නට ලැබුණා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඔබ තුමාට බලු පැටියෙක් ගෙන ඒමට මේ සිකුරාදා සුරිච් නුවරට යාමට නියමිතයි කියා?

GR පිළිතුර : ඉතින් මොකද්ද එකේ වැරැද්ද? ඒක ඒ දිනේට නියමිත ගුවන් යානයක්, ඔව් ඔවුන් බලු පැටියෙක් ගේනවා.. ඒකා මගේ බිරිදට. එකේ කිසිම වරදක් නැහැ. බල්ලෙක් නෙමෙයි අලියෙක් උණත් ගෙන්නගන්න මට හැම අයිතියක්ම තියෙනවා. ඒකට මම ගෙවනවා. ඕන දෙයක් ගෙන්නගන්න අයිතිය මට තියෙනවා. මේක පළමු වතාව නෙමෙයි, මීට කලිනුත් ඒ අය මට බලු පැටියෙක් ගෙනත් දීල තියෙනවා. මොකද්ද එකේ වැරැද්ද, ප්ලේන් එකට මම ගෙවලා තියෙනවා . මට හැම අයිතියක්ම තියෙනවා.

FJ: ඇත්ත වශයෙන්ම ඔව්. නමුත් කාරණය ඒක නෙමෙයි. අපට ආරංචි වුණා කැප්ටන් ප්‍රවීන් විජේසිංහ ඉදිරිපත් වෙලා තියෙනවා කියලා එයාම සූරිච් වලට පියාසර කරලා මේ බලු පැටියාව අරන් එන්න.

GR පිළිතුර : ඔව්. ඉතින් මොකෝ. මිනිහා මගේ යාලුවෙක්. හිටපු ගුවන් හමුදා නිලධාරීන් මේ වනවිට සේවය කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මට යාළුවො ඉන්නවා. ඔවුන් මම කැමති දේවල් කරනවා. එකේ ඇති වරද මොකද්ද.

FJ: නමුත් A340 නමැති ගුවන් යානය පැදවීමට මෙම ගුවන් නියමුවා සුදුසුකම් ලද්දෙක් නෙමෙයි. ඒ නිසා එයාට පදවන්න පුළුවන් වෙන විදියට අදාළ ගුවන් යානය වෙනුවට A330 ගුවන් යානය ඒ වෙලාවට පියාසර කරවන්න, ශ්‍රී ලන්කන් එයාලයින්ස් වලට මුලදි බලපෑමක් ඇති වුණා.

GR පිළිතුර :නෑ ගුවන් යානය මාරු කරේ නැහැ.

FJ: ඒක එහෙම මාරු නොකරන්න හේතු වුනේ ගුවන් නියමුවන්ගේ සංසදයේ සභාපතිවරයා ඊට විරුද්ධ වූ නිසයි.

GR පිළිතුර : කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මේ දේ ගැන එක අවලන් වචනයක් හරි ඔබ ලිව්වොත් මම ඔබට විරුද්ධ නඩු දානවා. මම ඔය කිසි අවලන් උසාවියකට බය මිනිහෙක් නෙමෙයි. මම ඔබලාට විරැද්ධව දැනටමත් නඩු දාල තියෙනවා , මම ආයෙත් නඩු දානවා. ඒක මගේ අයිතියක්.

FJ: ඔව්. ඒ වගේම තමයි ජනමාධ්‍යවේදිනියක් හැටියට මටත් අයිතියක් තියෙනවා ඔබ සම්බන්ධ වෙච්ච කාරණයක් සම්බන්ධව ඔබේ පැත්තේ කතාවත් ගැන දැන ගන්න

GR පිළිතුර : ඒක ගිහින් අහගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන්..

FJ: අපි දැනටමත් ඒගොල්ලන්නට කතා කරලා තියෙන්නෙ. කොහොම වුනත් කාරණය මේකයි. ගුවන් යානයේ පීඩනය සහ පාලනය ගැන මනාව දන්නා ඕනෑම ගුවන් නියමුවෙකුට බලු පැටියෙක් අරන් එන්න පුළුවන්. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් ගැටළුව වෙන්නේ අදාළ ගුවන් යානය පැදවීමට සුදුසුකම් නොළත් කපිතාන් ප්‍රවීන් විජේසිංහවම ඒ සදහා තෝරා ගැනීමයි …..

GR පිළිතුර : ඉතින් මොකෝ. මිනිහා පැදෙව්වා කියලා තියෙන වරද මොකද්ද. මම ඔබට කියනවා .. මේ ගැන ඒක අවලම් වචනයක් හරි ලියල තිබ්බොත් මම ඔබලගේ හු*** පත්තරේට විරුද්ධව නඩු දානවා. මෙන්න මේ විදිහට තමයි ඔබලා ඔක්කොම මිග් ගනුදෙනුව ගැන ලිව්වෙත්. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ලිව්වා. කවුරුහරි මොනවා හරි කිව්වා කියලා ඔබලාට ඕන ඕන දේවල් ලිව්වා.

FJ: අන්න ඒ නිසා තමයි මම ඔබ තුමාට කතා කළේ. යම් කෙනෙක් යමක් කිව්ව පලියට මම ලියන්න යන්නේ නැහැ. මම ඔබට කතා කළේ ඔබේ පැත්තේ කතාව ගැන දැන ගන්න.

GR පිළිතුර : ඔබ ලියපන්කො බලන්න එක අවලම් වචනයක්. මම නඩු දානවා. මම ආයිත් සැරයක්, ලියපු එකාට සහ ඔබලාගේ හු*** පත්තරේට නඩු දානවා.

FJ: රාජපක්ෂ මහත්තයෝ ඔබතුමා මට තර්ජනය කරනවාද?

GR පිළිතුර : ඔව් මම ඔබට තර්ජනය කරනවා තමයි. මම කියපු ඒක වචනයක් හරි ලියපන්කො. මම කිව්වා එක අවලම් හු*** වචනයක් හරි ලියපන්කො. අපි බලාගමු.

FJ: රාජපක්ෂ මතත්යෝ මම ඔබතුමාට කතා කළේ ජනමාධ්‍යවේදිනියක් හැටියට ඔබ තුමාගෙන් මේ ගැන දැන ගන්න නමුත් ඔබ කළේ තිත්ත කුණුහරපෙන් බැණ වැදුන එක.

ගරු ආරක්ෂක ලේඛම් ධූරය දරන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම දුරකථනය විසන්ධි කරනු ලැබුවේය.

යලිත් ජුලි 06 වන දින ආරක්ෂක ලේකම් වරයා ඇමතීමට ජනමාධ්‍යවේදිනිය කටයුතු කරනු ලැබුවේ අදාළ කාරණය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුවත් කොට ඇතිබව දැන ගැනීමට ලැබීමෙන් පසු එය පුවත්පතේ පල නොකරන බව දැනුම් දීම සඳහාය. අදාළ කාරණය පල නොකරනු ලබන්නේ ඔහු විසින් අසභ්‍යවචන කියමින් තර්ජනය කළ නිසා නොව එය නිරාකරණය වී තිබු නිසා බව දැනුම් දීමට කතා කළද ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක් වේ.

FJ: රාජපක්ෂ මහත්තයෝ, මම ඔබට ආයෙත් කතා කරන්න්නේ ශ්‍රී ලංකා ගුවන්සේවයේ නිලධාරියෙකු මා වෙත දැන්වූවා ගුවන් නියමු ප්‍රවීන් විජේසිංහ නිසා අදාළ ගුවන් යානය මාරු කොට ඔහුට බලු පැටියා ගෙන ඒමට ඉඩ දුන්නොත් ඒ මගින් මගීන් 56 දෙනෙකුට ගමන් කිරීමට නොහැකි වන බව ඔබ දැන සිටියේ නෑ කියලා.

GR පිළිතුර : මම ඊයේ කිව්වා නේද මට කතා කරන්න එපා කියලා. මේ මෝඩ ගුවන් නියමුවන් මේ නිසා ගුවන් යානා මාරු කිරීමට යනවනම් එක මගේ වරදක් නෙමෙයි. මම ඒක හරි පිළිවෙළට කරන්ඩයි හැදුවෙ. ඒත් මේ ගුවන් නියමුවො එකිනෙකා අතර ප්‍රශ්ණයක් තියනවා. ඔබලා වගේ ජරා මාධ්‍යවේදියෝ උන්ට ඇහුන්කම් දෙනවා. මෝඩයො…ඒක මගේ වරදක් නෙමෙයි.

FJ: ඇත්ත. නමුත් ඇත්ත කාරණය තමයි මුලදි මේ තීරණය ගැනීම සහ පසුව එය ජේ‍යෂ්ඨ ගුවන් නියමුවන් කළමනාකාරිත්වයට කළ බලපෑම නිසා වෙනස් කිරීමට සිදු වීම.

GR පිළිතුර : ඒක වැරදියි; මම ඒක හොයලා බැලුවා. එහෙම තීරණයක් අරන් තිබිලා නැහැ.

FJ: ඒක ඇත්තටම සිද්ද වුණා. කොහොම වුනත් මට තර්ජනය කළ නිසා නෙමෙයි, ඔබ මේ ගැන නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොරොන්දු වූ නිසා අදාළ කාරණය ප්‍රසිද්ධ නොකරන්නට තීරණය කළ බව මම කියන්න කැමතියි.

GR පිළිතුර : ඔව් මම තර්ජනය කළා තමයි. ඔබලා වගේ මාධ්‍යවේදියෝ ජරාව කන ඌරෝ වගේ ජාතියක්. ජරාම ! ජරාම! ජරාම ! ජරා! මාධ්‍යවේදියෝ. මේ රටේ සීයට අනූවක් ඔබලාට වෛර කරනවා. ඔබලා පිළිකුල් කරනවා. ඔබලා වරෙන්කො මගේ උත්සවයකට. මම එතනදී ඔබලාට පෙන්නලා කියන්නම්, මේ ඉන්නේ සන්ඩේ ලීඩර් එකේ කතෘ තුමිය. එතනදී 90%ම මිනිස්සු ඔබව පිළිකුල් කරයි.

FJ: මම හිතන්නේ නැහැ

GR පිළිතුර : උඹ හිතන්නේ නැහැ. ඒ ඔබේ උද්ධච්චකම. ඔබ ජරාම! ජරාම! මාධ්‍යවේදිනියක්. හු*** ජරාම ගොඩක්. ජරාව කන ඊරියක්. මම උසාවි යන්නම්. මිග් ගනුදෙනුව ගැන ඔබලා ලිව්ව දේට දාල තියෙන පැමිණිල්ල අයින් කරන්නෙත් නැහැ.

FJ: ඒකට මගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා මට ඒ ගැන කියන්න බැහැ.

GR පිළිතුර : ඒ වුණාට මම උඹ හිරේ දානවා. උඹ රට දෙකට කඩන්න හදන, ඇත්ත බෞද්ධයන්ව බේදබින්න කරන ජරාම මාධ්‍යවේදිනියක්. තානාපතිවරුන් වගේම රාජ්‍ය නොවන සංවිධාන, පාක්‍යසෝති වගේ උන් උඹට ගෙවනවා

FJ: එහෙම වෙනවා නම් කොච්චර ෂෝක්ද!

GR පිළිතුර : ඔබ ජරාව කන ඊරි. ඔබ හු*** ජරාව කන මධ්‍යවේදිනියක්.

FJ: රාජපක්ෂ මහත්තයෝ මම හිතනවා ඔබ තුමාට ඔබතුමාව හොඳින් ඇසෙනවා කියලා

GR පිළිතුර : මිනිස්සු ඔබව මරාවි. මිනිස්සුන්ට පිළිකුල් තෝව. වුන් ඔබව මරාවි.

FJ: ඒ ඔබතුමාගේ නියෝගය මතද ?

GR පිළිතුර : මොකක්? නෑ. මගේ නෙමෙයි. නමුත් උං ඔබව වගේ කුනුවුන හු*** මාධ්‍යවේදිනියක්ව මරයි.

[Photo by – www.thesundayleader.lk | Full Story thesundayleader]

(සබැදි සටහන්)

මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් කතුවරියගෙන් මේ පිළිබදව විමසා සිටි බව පසුගිය ඉරිදා බිබිසිසංදේශය වාර්තා කලේය.

මේ වාර්තාවෙන් කල උපුටා ගැනීමකි.

අදාල බලු පැටවා ගෙන්වා ගැනීම පිණිස ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රවීන් විජේසිංහ නම් ගුවන් නියමුවෙකු කපිතාන් වරයෙකු තෝරාගෙන තිබුණු බවත්, ඔහුට සුදුසුකම් තිබුනේ A 330 වර්ගයේ ගුවන් යානා පැදවීමට පමණක් බැවින් අදාල ගමනට යෝජිතව තිබූ A 340 ගුවන් යානය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී කපිල චන්ද්‍රසේන බලපෑම් කොට තිබුණු බවත් සන්ඩේ ලීඩර් පුවත්පතට සැලවූ බව ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ වුවද අදාල සැලසුමට ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ප්‍රබල විරෝධය පලකරන ලද බවත් ඇය පවසන්නීය.

“මම ඇත්තටම හිතුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේක දන්නේ නැතුව ඇති කියලා. මම කථාකෙරුවේ එයාගෙන් අහන්න එයා ඒක දන්නවද කියන ඒක අහන්නත් ඒ ගැන එයාගේ ප්‍රතිචාරය දැනගන්නත්,” කතුවරිය කීවේය.

ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මුලින්ම පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ඇම තූ වේලේ තමන් එම බලු පැටවා රැගෙන ඒමට සැලසුම් කළ බව ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබේ.

“එයා මට අපහු කුණුහරුපෙන් බැන බැන ගියා. මාව මරයි කිවුව, එතකොට මම ඇහුව ඔයා කියලද මරන්නේ කියල නැහැ මිනිස්සු ඔයාව මරයි කියල කිවුව. අමු කුණුහරුපෙන් බැන්න”

“එහෙම කියන ගමන් එයා ගොඩක් අපහාස විදියට බනින්න පටන් ගත්තා. කෑගැහුවා. මට කුණුහරුපෙන් බැන්න. කුණුහරුපෙන් බැනල කිවුව මම මේ අසූචි කන ඌරෙක් වගේ කියල. ඒකත් කිවුවේ බොහොම බාල විදියට,” ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් බීබීසී සංදේශයට පැවසුවාය.

මෙම සිදුවීමට පෙරාතුව තමන් සහ ආරක්ෂක ලේකම්වරයා අතර මිත්‍රශීලී සම්බන්ධතාවයක් පැවති බව පිළිගත් කතුවරිය, මීට සති කිහිපයකට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළමු වතාවට සන්ඩේ ලීඩර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ආකාරයද සිහිපත් කළාය.

සිකුරාදා දිනයේ තමන් යලිත් වරක් ආරක්ෂක ලේකම්වරයා ඇමතුවේ තමන් අදාල සිදුවීම පිළිබඳව පුවත්පතේ වාර්තා නොකරන නමුත් එසේ නොකරන්නේ ඔහුගේ තර්ජනයට බියපත්ව නොවන බව දැනුම් දීමට බවත් සඳහන් කරන කතුවරිය, එම දුරකථන ඇමතුම ගන්නා අවස්ථාවේ මාධ්‍යවේදී වරුණ කරුණාතිලක සහ සමාගමේ හිමිකරු ලාල් වික්‍රමතුංගත් තමන් සමඟ සිටි බවත් සඳහන් කරයි.

“එයා මට අපහු කුණුහරුපෙන් බැන බැන ගියා. මාව මරයි කිවුව, එතකොට මම ඇහුව ඔයා කියලද මරන්නේ කියල නැහැ මිනිස්සු ඔයාව මරයි කියල කිවුව. අමු කුණුහරුපෙන් බැන්න,” ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහි සම්පූර්ණ සටහන සදහා www.bbc.co.uk/sinhala

(උපුටා ගැනීම විකල්ප ‌වෙතිනි)

Archive

Latest news

Related news