ඡායාරූපය: රතුපස්වල ජලය ඉල්ලූ ජනයාට වෙඩි උණ්ඩ දුන්නේ රාජපක්ෂ පාලනයයි.
කන්න ඕනේ උනහම කබරගොයත් තලගොයා වීම
2015 මෙම රට භාර ගනිද්දී මෙය දෙකොන ගිනිගත් විලක්කුවක් මෙනි. දකුණ, නැගෙනහිර, බස්නාහිර සහ උතුර මේ සියලු පළාත් වල පීඩාවට පත් වූ වන්ගේ කඳුළු කතා බොහොමයි. ජීවිත හානි, දහස් ගණන් පුද්ගල අවතැන් වීම් සහ වටිනා දේපළ හානි එමෙන්ම ජිවෝනපාය මාර්ග සහ ආර්ථික බිඳ වැටීම් නිසා සෑම ආකාරයකටම සෑම දෙසකම පවතින දුප්පත්කම දරිද්‍රතාව රට වෙලා ගෙන පැවතුණි. 30 වසරකට අධිකව තිබූ යුද්ධයද 2015 වන තෙක් අවුරුදු 67ක් පුරාවට වරින් වර පැවති ගැටුම් හේතුකොට ගෙන අසරණ වූ ජනතාව දිවයිනේ සෑම අතම විය.
“සියළු පාර්ශවයන් තමන්ගේ ආදරණීයන් අහිමිවීම වේදනාවක් බව වටහා ගත යුතුයි”….”ඕනෑම අම්මා කෙනකුට ඒ වේදනාව එක සමානයි”
(යුද්ධයට දරුවන් අහිමි වූ මවක්, CTF ඉං පි 79)
නෙළුම් කුළුණු අහස උසට යද්දී මෙරට බොහොමයක් අසරණව පීඩාවට පත් වූවන්ට ඒ දෙස හිස ඔසවා බලන්නට තරම් වත් මානසිකත්වයක් නොවිණ. තම ආදරණීයන් අහිමිව, උන්හිටි තැන් අහිමිව, ජීවනෝපායන් අහිමව අතරමන් වූ තාරුණ්‍ය, කාන්තාවන් අනාරක්ෂිතව අසරණ වූ රටකට තිබූ අපේක්ෂාවන් අහසට උසට යන අශ්චර්යන් වලට එහා ගිය අහිංසක ඉල්ලීම්ය.
ඕනෙම ඉල්ලීමක් “යුද්ධය දිණුවා” යන්න යට ලෙල්ලම් වී ගියේ, සාමය ජාතීන් අතර සම්බැඳියාව හෑල්ලුවට ලක් කරමිණි. ජීවිත හානි දහස් ගණනක් පාමුළ දිනීමක් නැති බව බොහොමයක් පිරිසට වැටහුනද එය යුද්ධයෙන් වජඹුණු ඇතැම් බෙලහීන දේශපාලන චරිත මායිම් නොකරන ලදී.
ඇමරිකන් ෆෝබියා සහ ඉස්ලාම් ෆොබියාව
ඇමරිකාව ලබා ගත් ජයග්‍රහණ තමයි: පාර්ලිමේන්තුව තුළ හිරවී ඇති ප්‍රති ත්‍රස්තඅතරමඟ නතර වූ රණවිරු දඩයම…. –උදය ගම්මන්පිල–
යුද්ධය නිමවූ තැන පටන් නිසි ලෙස ජනවාර්ගික අර්බුධයට විසඳුමක් දෙන්නට ඕනෑ තරම් ඉඩකඩ විය. නමුත් කොටවා ගන්නා ඡන්ද රස වැඩි වූ හෙයින් ආණ්ඩුව ඒ අවස්ථාව මග හරියේ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හෝ ඇමරිකාවේ ඉල්ලීම් ලෙසයි. “ඇමරිකානු න්යාය පත්‍ර ක්රියා කරන යහපාලන ආණ්ඩුව” ලෙස හුවා දැක්වූ විමල් වීරවංශ කිසිදාක ශ්රී ලංකික පීඩිත ජනතාව සිටින බව නොදැන සිටි බවකි පෙනී යන්නේ. ඔවුන් අතුරුදහන්වූවන්ගේ ප‍්‍රශ්න, විසඳන්න කටයුතු කළේ නැහැ. අත්අඩංගුවට පත්වූවන්ගේ ගැටලු විසඳනවා වෙනුවට එකල තව තවත් අත් අඩංගුවට ගැනීම්, පැහැරගැනීම වර්ධනය කළා. උතුරේ මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට පහර දුන්නා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය තහවුරු කරනවා වෙනුවට ඒවා අහිමි කළා. එකල ඔවුන් ක‍්‍රියා කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ගොඩනැගීම ජාතික වගකීමක් ලෙස සලකා නොවේ. ජාතික ආරක්ෂාව කියන බයිනේත්තුව උඩ නැගලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස මුළුමනින්ම අවුරමින් කටයුතු කළා.
“ජාත්‍යන්තර කොන්තරාත්තුව ක්‍රියා කිරීම පමණයි සිදු වෙන්නේ” –විමල් විරවංශ–
යුද්ධයෙන් සහ වර්ගවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූවන්ගේ තත්වය වටහා ගැනීමට රජය විසින් පවත්වන ලද “ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ” විමසීම් වලදී හෙළි වුයේ ඇමරිකාවේ ජනයාගේ වේදනාවන් නොව. ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ය. නමුත් මේ දේශපාලුවන් සිය රටේ ජනයාගේ වේදනාවන් ඉල්ලීම් වලට පිළිතුරු ලබාදීම ජාත්‍යන්තර කොන්තරත්තුවක් ලෙස ජනතාව වෙතට කාවදන්නට තැත් කළහ.
“අතුරුදහන් වූවන්ගේ තොරතුරු විමර්ශනය කරන කාර්යාලයක් පිහිටුවනවා..අපේ හමුදාව පුද්ගලයන් අතුරුදහන් කල බවට දක්වන්න මේය ක්‍රියාත්මක වෙනවා” –විමල් විරවංශ–
අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයද රණවිරු දඩයමක් ලෙස දක්වන ඇතැම් දේශපාලඥයන්, 2016 වන විට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි 16,000 පවතින අතර ඉන් පැමිණිලි 5,100ක්ම අයත්වනුයේ ක්‍රියාන්විතයේ යෙදී සිටියදී අතුරුදහන් වූ හමුදා සෙබළුන් සම්බන්ධයෙන් බව නොදත්තේද?
පාර්ලිෙමේන්තුවට එන්න නම් 12.5% කඩ ඉම පනින්න ඕනේ, අශ්රොෆ් 5% බැස්සුවා –විමල් විරවංශ–
21 වන දින වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ තවත් ඇතැම් ජන කොට්ටාශ පීඩාවටත් කොන්කිරිමටත් පටන් ගත් ඇතැම් අන්තවාදී වර්ගවාදී දේශපාලන කාක්කන් පාර්ලිමේතුව තුළ මුස්ලිම් ජන නියෝජනය පැවතීම පිළිබඳවද දෙස් දෙවොල් තියන්නට විය. ප්‍රජාතාන්ත්‍රික රාමුවක් යටතේ මුස්ලිම් නියෝජනය පාර්ලිමේන්තු ගත වීම හෑල්ලුවට ලක් කරන්නට තරම් මේ දේශපාලන චරිත පිපාසිත විය. ඇතැම් අන්තවාදී ත්‍රස්තවාදීන් සුළු පිරිසක් හේතුවෙන් මුස්ලිම් ප්‍රජාවේ නියෝජනය පාර්ලිමේන්තු ගත වීම පිළිබඳ නොසතුටින් කතා කරන්නට තරම් මේ වර්ගවාදී දේශපාලඥයන් පසුබට නොවීම තුළ ඔවුන් ඇතම් ජාතීන් කොතරම් කොන් කරන්නේද ජාතිවාදයට කොතරම් රුකුල් දෙන්නේ ද යන්න පැහැදිළිය.
රාජපක්ෂ ආණ්ඩුවේ අමනෝඥ ක්‍රියා හේතුවෙන් වර්ග වාදය රට පුරා ගිණි ගෙන අවිළුනි. ඒ තුළ සංහිඳියාව හෑල්ලුවට ලක් වුයේ පීඩිතයන්ගේ හෝ වින්දිතයන්ගේ කඳුළු මායිම් නොකරමිනි. එපමණක් නොව සිදු වූ වර්ගවාදී ගැටුම් ප්‍රචණ්ඩත්වයන් වලට තිත තැබීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. යහපාලන ආණ්ඩුව සංහිඳියාවට දැක්වූ සහයෝගය හමුවේ, රටේ ජනයා සංහිඳියාවට ආදරය කරන්නට පටන් ගෙන ඇත. එබැවින් ඡන්දය ලංවීමත් සමඟ දැන් දැන් සංහිඳියාව පිළිකුල් වූ සැමට සංහිඳියාව මතක් වී ඇත්තේ ඡන්ද ඉලක්ක කර ගනිමිණි. ඔබගේ ඡන්දය සාමය සමඟිය උදෙසාද ප්‍රචණ්ඩත්වයටද යන්න ඔබම තීරණය කරන්න. මන්ද ඔබට නිදහසේ සිතීමට තීරණ ගැනීමට නිදහස් පුරවැසියකු ලෙස අදහස් ප්‍රකාශයට තටු ලැබුනේ 2015 පසු නිසාවෙනි. බුද්ධිමත්වන්න, අවුලන්නන්ට පිඳුරු නොදමන්න.
Sugandhika Wimalarathne.