Tuesday, July 16, 2024

ග්‍රාමාරක්ෂකයින් ‌‌මෙහකාර ‌සේවයේ ‌‌යොදවා ගත් නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි වසර 3ක් ඳඟගෙට

2007 වසරේ දී සිය පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවාගෙන ඇති බවට වන චෝදනා සනාථවීමෙන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(02) නියෝග කළාය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව විසින් චෝදනා 15ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.

ඊට අදාල තීන්දුව දීර්ඝ නඩු විභාගයකට පසු අද ලබාදී ඇති අතර මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ සැකකරු චෝදනා 6ක් යටතේ වරදකරු කරන බවය. අනෙක් චෝදනාවලට අදාලව සැකකරු නිදොස් කොට නිදහස් කෙරිණි.

එම චෝදනා 6ට වෙන් වෙන් වශයෙන් වසර 6ක සිරදඬුවම් නියම වූ අතර එය වසර 3කින් ගෙවී යන පරිදි ලබාදීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

එසේම මෙවැනි දඬුවමක් ප්‍රකාශයට පත්කළේ සෙසු රජයේ නිළධාරීන්ට ද ආදර්ශයක් ලෙස බව ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news