Monday, May 20, 2024

අයි.සී.සී.පි.ආර් පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡායාරූපය: ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා.

2019 ජුනි 16 /මාධ්‍ය නිවේදනය .

ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ‍ඩේලි මිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි. සී. සී. පි. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව නෛතික ක්‍්‍රියාමාර්ගවලට එළඹීම දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදා ගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි.

දීර්ඝ කාලයක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා ද්විත්යෙන්ම ජනමාධ්‍ය කටයුතුවල නිරත වන කුසල් පෙරේරා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන මාධ්‍යවේදීයෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක් වූවෙකි. ඔහු විසින් සතිපතා  ඩේලි මිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින “ත්‍රදප ෂික්පසජ ඔැරරදරසිප එද ප්ර්මාසබට ීසබය්ක් ඊමාායසිඑ ඩසදකැබජැ” හෙවත් “ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කර ගෙන පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අයි.සී.සීගපී.ආර්. පනත යටතේ පියවර ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වන සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ fඩ්ලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත fඩ්ලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම, එහිදී පොලිසිය කුසල් පෙරේරා ගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකද ලබාගෙන තිබේ.

පොලිසියේ මෙම ක්‍්‍රියාකාරීත්වය, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බවත්, විශේෂයෙන් කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක්‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විරංජන හේරත්
කැඳවුම්කරු

Archive

Latest news

Related news