Monday, July 22, 2024

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශනයේ අතුරු වාර්තා‌‌වෙන් නිර්දේශ හතරක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ සය පුද්ගල විමර්ශන කමිටුවේ මූලික විමර්ශනයේ අතුරු වාර්තාව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට භාර දී ඇත.

කමිටු සභාපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරණායක මහතා විසින් මෙම අතුරු වාර්තාව ලේකම්වරිය වෙත අද(03) පස්වරුවේ ලබා දී තිබේ.

කමිටුවේ අතුරු වාර්තාවේ අඩංගු මූලික කරුණු පහත පරිදි වේ.

1.මූලික විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව දීර්ඝ කාලසීමාවක් තුළ පැතිර ඇති බැවින් හා මේ සම්බන්ධ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ අගයක් ගෙන ඇති හෙයින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම‍ෙ

2.අදාල කාලසීමාව තුළ කුරුණෑගල රෝහල තුල සීසර් සැත්කමට බඳුන් වී ද්විතීය මදසරුභාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම.ෙ

3.මෙම විමර්ශනය හා ඉදිරි කටයුතු සාර්ථකව කරගෙනයාම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.

4.අදාල කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේ දී සීසර් සැත්කම් වලට බඳුන් වූ පසු මඳසරුභාවයට පත් වූ සියළුම මව්වරුන්ගේ හා ඒ ඒ සැත්කම සඳහා සහභාගි වූ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සියලුම තොරතුරු කමිටුව වෙත ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැන්වීම.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news